ගොඩක් වෙලාවට අපි කැමැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා අවසානයේ තමයි දැනගන්නේ ඒ කෙනාට කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවට, “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා” ආපහු හැරෙන්න වෙනකොට කොහොමද?
මේ කියන්න යන්නේ ඒ විදියට අන්තිමට ආපහු හැරෙන්න කලින් මුලින්ම හැරෙන්න ඕනද නැත්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි අතේ ඇගිලිවලට දාන මුද්ද දිහා බලලයි මේ සාත්තරේ කියන්නේ.
සාමාන්‍යයෙන් අධ්‍යාපනය අවසන් කලාම ගොඩක් දෙනා අතේ මුද්දක් පළදිනවා. විශේෂයෙන් වැදගත් අවස්ථාවලදී. ඒ කියන්නේ පාටි, මංගලෝත්සව වගේ අවස්ථාවලදී. ඉතින් ඒ නිසා මේ ක්‍රමය සාර්ථක කරගන්න ලේසියෙන්ම පුළුවන්.
අපේ අතේ ඇගිලි පහක් තියෙනවනේ. මහපටගිල්ල, දඹරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල, සුලගිල්ල කියලා. ඉතින් ගොඩක් වෙලාවට මුදුවක් පළඳින්නේ මහපටගිල්ල ඇරෙන්න අනිත් ඇගිලි හතරෙනේ. මේ එක එක ඇගිල්ලක මුදු දාන එකේ තේරුමක් තියෙනවා. අපි බලමු ඒ තේරුම් මොනවද කියලා.
මේ ඇගිලි වලින් දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා. මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.
දැන් ඉතින් සුලගිල්ල බලන්න ගිහින් වෙන අතුරු අන්තරාවලට අපි වග කියන්නේ නම් නෑ.
බ්ලොග් එක ලෝඩ් වෙන්න ගියපු වෙලා :/
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඒකත් එහෙමයි ඈ?
ReplyDeleteදැන් නම් මේවා දැනගන්න ප්‍රමාද වැඩියි..
ReplyDeleteබාගයයිනෙ තියෙන්නෙ බන්
ReplyDelete