Monday, October 14, 2013

වහ උලාගන්න කලින් මේකත් බලන්න

වහ උලාගන්න කලින් මේකත් බලන්න

අද වෙනකොට වෙදකම සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අළුත් බෙහෙත් ජාති සෑහෙන්න වෙළදපොළට ඇවිත්. ඒ නිසා ඉතාමත් ඉක්මණින් ලෙඩක් හොද කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිතයට ගන්න විවිධාකාර බෙහෙත් ජාති වෙළද පොළෙන් මිලට ගන්න පුළුවන්.මේ සමහට බෙහෙත් ජාති එන්නේ ක්‍රීම් හැටියට. ඒ බෙහෙත් ශරීරයට විෂ වෙන්නේ නැති උනත් එහෙම විෂ වෙන වෙලාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඔයාලා මිලදී ගන්නා බෙහෙත් ටියුබයේ පහල කෙළවරේ ඇති පාට සළකුණ ඔයාලා දැකලා ඇති. මෙයින් කියවෙන්නේ මොකක්ද?

මේ පාට සලකුණ ප්‍රධාන වශයෙන් පාට තුනක් විධියට දකින්න පුළුවන්. රතු, කොළ, කළු ඒ පාට තුන. මෙයින් කොළ පාට සලකුණ ඇති ඒවායින් කියවෙන්නේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ස්වාභාවිකයි කියන එකයි. රතු පාට සලකුණෙන් කියන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය සමග රසායනික ද්‍රව්‍යය මිශ්‍ර වී ඇති බවයි. කළු පාටින් කියවෙන්නේ අන්තර්ගතය සදහා සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කියන එකයි.

දැන් පැහැදිලි ඇතිනේ ඇයි සමහරක් ක්‍රීම් වර්ග විෂ වෙන්නේ කියලා. සමහර රසායනික සමේ ඇති රසායනික සමග ප්‍රතික්‍රියා කිරීම නිසා විෂ වෙන වෙලාවල් තියෙනවා.

එහෙනම් ඉතින් මේ ක්‍රීම් උලන්න කලින් මේ ගැනත් හිතුවොත් හොදයි නේද?


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. අන්තර්ගතයට අදාල නිවැරදි වර්නයෙන් වෙලදපොලට එනවද?

    ඔය විදිහට තියෙනවා බොන බීම බෝතල් වල පිටත පෘෂ්ඨය අනුව විෂ සහිත සහ විෂ රහිත කියල ආකාර දෙකක්.

    නිවැරදි ක්‍රමය අනුව පිටත පෘෂ්ඨය රැලි රහිත සාමාන්‍ය ආකාරයක් නම් බීමට සුදුසු සහ විෂ සහිත බෝතල් රැලි සහිත (ඕඩික්ලෝන් බෝතල් ආකාරයේ) විය යුතුය. එය අන්ධ පුද්ගලයන්ට හදුනා ගැනීමේ පහසුවටත් අදාල වෙන ක්‍රමයක්. (ඖෂධවේදි පාඨමාලාවලදී කියල දෙනවා..)

    ඒත් ඒ විවිධත්වය යටතේ බෝතල් වෙලද පොලට කවදාවත් එනවද?

    ReplyDelete
    Replies
    1. සැම් නරකද ඔහෙත් බ්ලොග් එකෙන් අපිට ආතල්ම දිදී ඉන්නේ නැතුව කරන රස්සාවට අදාලව දන්න දේවල් ගැනත් අපිව ටිකක් දැනුවත් කලානං

      Delete
  2. ඒක තමයි කොළකැඳ දැම්මහම වීදුරුව කොළපාටට පේන්නෙ.. කොළ කැද සම්පූර්නයෙන් ස්වාභාවිකයි නෙව..

    ReplyDelete
  3. මහත්මයාණෙනි , ඉහත දක්වා ඇති කරුණ සත්‍යයෙන් තොර බව ප්‍රථමයෙන් දන්වා සිටිමි මෙහි දැක්වෙන සලකුණු ෆොටෝ සෙල් මාර්ක් ලෙස හදුන්වනු ලබන අතර ටියුබයේ අන්තර්ගතය ඒ තුලින් පිළිබිඹු නොවේ . ඉහත කි සලකුණ ටියුබයේ නිවැරදි දිසාවට සීල් කිරීමට නිෂ්පාදන පිරවුම් යන්තරයට ලබා දෙන සලකුණකි කරුනාකර අසත්‍ය තොරතුරු වාර්තා කරනය නොකරන්න අන්තර් ජාලයේ ඇති සියලුම තොරතුරු සත්‍ය නොවේ .කරුණු නිවැරදිව සොයා බලන්න

    kapila prasantha

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...