Thursday, July 17, 2014

මඩකළපුවේ සංචාරය - පළමු දිගහැරුම (Trip to Batticaloa District–Part 1)

වර්තමානයේ මඩකළපුව කියන්නේ සංචාරක ආකර්ශනය නොමඳව දිනා ගත් දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසාම මඩකළපුව සීඝ්‍රයෙන් සංවර්ධනය වන දිස්ත්‍රික්කයක් බවට පත්වෙලා තියෙනවා අද වෙනකොට. මඩකළපුවේ සංචාරයේ යෙදෙන්නෙකුට ඉස්සෙල්ලම හිත යන්නේ පාසිකුඩා වෙරළ තීරයට. ඒකට ඒ වෙරළ තීරයේ තියෙන සුන්දරත්වය විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ඉතාමත් සියුම් වැල්ලකින් යුක්ත වන මේ වෙරළ තීරය සොදුරු කළාත්මක බවක් මවන්න සමත් වෙලා තියෙනවා.

උදෑසන වගේම හිරු බැස යන සන්ද්‍යා කාලයේත් වෙරළට ගෙන එන්නේ අපූර්ව කළාත්මක ගතියක්. මේ වෙරළට යන සංචාරකයෙක් දිය නොනා යයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ තරමටම මේ වෙරළ ජලය පිරිසිදුයි වගේම ඇගට නව ප්‍රබෝධයක් ගෙන එනවා. වර්තමානයේ ඇදුම් මාරු කරගන්න වගේම මුහුදු ජලයෙන් නාගත් පසු දිය නෑමට වතුර ලබාගන්නත් පහසුකම්වලින් සමන්විත වෙලා තියෙනවා. ඒත් හිරු නැගෙන උදෑසන නාගන්න එන පිරිස වැඩියි. ඒ නිසාම බොහෝ උදෑසනක්ම මේ වෙරළ තීරය ජනයාගෙන් පිරිලා යනවා.

අද වන විට වෙරළට නුදුරුව ගොඩ නැගෙන හෝටල රාශියක් දැකගන්න පුළුවන්. අති නවීන පහසුකම් වලින් සමන්විතව ගොඩනැගෙන මේ හෝටල නුදුරේදීම ජනතාවට විවෘත වේවි.

වෙරළ ක්‍රීඩා සඳහාත් පාසිකුඩා වෙරළ විශාල ප්‍රසිද්ධියක් උසුළනවා. ඒ වගේම කොරල් නැරඹීමට එන පිරිසත් දිනෙන් දින ඉහළ යනවා. ඒ සදහාම විශේෂයෙන්ම සකස් කරන ලද මෝරර් බෝට්ටු රාශියක් මේ වෙරළෙන් සොයා ගන්න පුළුවන්. පැය භාගයකට රුපියල් 1000ත් 2500ත් අතරේ මුදලක් අයකරනවා.

422859615813


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...