පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label චිත්‍රපට. Show all posts
Showing posts with label චිත්‍රපට. Show all posts

Saturday, April 19, 2014

Sam's Story - සැමිගේ කතාව බලන්න (Watch SAM’s Story)

Sam's Story - සැමිගේ කතාව බලන්න (7)

ගැමි පරිසරයක වැඩෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් එලෙසිනි කතාව තුළට ඇතුලු කරන ලද සුන්දර කතාව, SAM’s STORY. කුඩා ළමයකු තමාගේ සිහින පසුපස දිවයන ආකාරය මනාව නිර්මාණය තුළට කාවද්දා ඇත. SAM’s Story විනාඩි 91ක් තුළ ඔබ ඔවුන් ජීවත්වන පරිසරයට ගෙන යනු ඇත. එම නිසා ඔබ ඒ කතාව නැරඹිය යුතුම වේ. සැමිගේ කතාව බලන්න..

……………………………………………………………………………………………

සැමිගේ කතාව බැලූ බැල්මට ඉතා සරල සිනමා කෘතියකි. එහි අත්දැකීම ක්‍රමයෙන් ගොඩනැගෙනන බරපත ගැටුමක ස්වභාවය හිමිකරගන්නේ නැත. සැමි නම් විරූපී, අහිංසක මිනිසාගේ ජීවිතය මුල, මැද, අග රීතියෙන් ආරම්භක දර්ශනය හැරෙන්නට ඉදිරිපත්වේ. සැමී මුහුණ දෙන අත්දැකීම් ඔහුටම පෞද්ගලික වූවක් සේ ගැනීමට ද අවකාශ තිබේ. සිනමා සෞන්දර්ය භාවිතය ද අත්දැකීම් විසින් ඉල්ලා සිටින ආකාරයෙන්ම සරලය. එහෙත් මේ සරල බව තුළ සැඟව තිබෙන සංකීර්ණතා කෙමෙන් නිරාවරණය වනවිට සැමිගේ කතාව කෙතරම් සංවේදී නිර්මාණයක් ද යන්න ප්‍රත්‍යක්ෂවේ. සැමී බදු පුද්ගලයෝ සමාජයේ කොතෙකුත් සිටිත.

Sam's Story - සැමිගේ කතාව බලන්න (2)අපි සාමාන්‍ය ජීවිතයේ දී එක බැල්මකින් ඔවුන් මඟ හැර යන්නෙමු. එහෙත් සැමිගේ කතාව අධ්‍යක්ෂ ප්‍රියංකර විතානච්චි සැමි පිළිබඳව එබඳු ප්‍රතිචාරයක් දැක්වීමට අපට ඉඩ නොදේ. ඔහු අපේ අතින් අල්ලා මදකට අප නවතයි. මොහු දෙස මදක් බලන්න. ඔහු කෙරේ කරුණා ඇස දල්වන්න. ඔහු ද ඔබගේම වංශයේ, මනුෂ්‍ය වංශයේ, සාමාජිකයෙකු නොවන්නේ ධ යන පැනය අප හමුවේ තබයි. සැබෑව රූපකාරයෙන් වෙනස් වුව ද මේ සිටින්නේ ද මනුෂයෙකි. සිහින පුරවාගත් අහිංසක හදවතින් යුත් සමාජයේ අනුකම්පාව නොව දයාව අපේක්ෂා කරන හුදෙකලා මනුෂ්‍ය යෙකි. ඔහුට පිහිටවීමට අවශ්‍ය බව දැනෙන තලයකට සිනමාකරු අප රැගෙන යන්නේය. සැමිගේ කතාව ඇතුළාන්තයෙන් අප අත්විදින්නේ ජීවිතයයි. මනුෂ්‍ය ස්වභාවයට උරුම ප්‍රහර්ෂය හා දුක් වේදනාවයි. සිනමාකරු ඉතා දයාර්ද්‍ර ආකාරයකින් මනුෂ්‍ය ස්වභාවයේ මර්මස්ථාන ස්පර්ශ කරයි. මෙහෙයින් සැමිගේ කතාව අප තුළ කඳුලක් ගෙන එයි. සිනමාව යනු මෙය නොවන්නේ ද යන අර්ථ ප්‍රකාශය තුළ අප සිර කරවයි.

සැමිගේ කතාව එක් පුද්ගලයකුට විශේෂ අත්දැකීමක් බවට පත්වන්නට සිනමාකරු ඉඩ නොතබන්නේ ඒ අපගේ ද ජීවිතය පිළිබඳ අර්ථකථනයක් දක්වා ගෙනයිමිනි. සැමී මුහුණ දෙන අත්දැකීම්වල ඇතුළාන්තයට කෙමෙන් පිවිසෙන සිනමාකරු මේ මිනිසාගේ අහිංසක අධ්‍යාත්මය හසුකර ගනී. අපට හමුවන කුඩා සිරිරත්නට තිබෙන්නේ එක් සිහිනයකි. ලොරියක් හිමිකරගැනීමේ අහිංසක සිතිවිල්ලයි. ඔහුට මුදල් සොයා දීමට පොරොන්දුවන කුඩා මිතුරා දියේ ගිලී මිය යයි. මේSam's Story - සැමිගේ කතාව බලන්න (3) ඔහු අත්විදින පළමු මරණයයි. ඉගෙනුමට දක්ෂ නොවන හෙයින් නිවසේ නතරවන්නට ඔහුට සිදුවෙයි. ඔහු මවගේ හුරතලාය. ඔහුට රැකියාවක් ලබාදීමට මවට ලිංගික අල්ලස් දීමට පවා සිදුවේ. ඔටෙල් මහත්මිය සිරිරත්න, සැමී බවට පත් කරයි. සැමි පසුව සෑම් බවට පත්වේ. එම නිවසේදී ජීවිතය පිළිබඳ විවිධ අත්දැකීම් ලබයි. ලිංගික ඇසුර ඔහුට අප්‍රියයි.

පළමු වැටුපෙන් සොහොයුරාට ගන්නා බැනියම දීමට නොහැකිවේ. හමුදා භටයෙකුවන සොයුරාගේ මරණය ඔහුට අදහාගත නොහැකිය. ඉතා දුක්බරව සොයුරාගේ මළකඳ අතගාමින් “මල්ලියේ උඹට මොකද උනේ“ යන අහිංසක ප්‍රශ්නය නගයි. ඔහු ජීවිතයේ සතුට ලබන්නේ මාකලන්ද නිවසිනි. සැමිගෙ අහිංසක බව ඔහුන්ට විහිළුවක් නොවේ. ඔව්හු සැබවින්ම සැමිට ප්‍රිය කරති. සෙල්වා හා ගෞරී දෙමළ වීම ඔහුට රුස්සන්නේ නැත. සෙල්වාද සිංහල විරෝධී බව පෙනේ. දෙමළ සෙල්වාට එරෙහි වෙනත් සැමී ගෞරීට ප්‍රිය කරයි. එහෙත් මාකලන්ද පුත්‍රයාගේ දෙමළ පෙම්වතියට සැමී කැමති නැත. සිනමාකරු මෙම අවස්ථා ගොඩනගන්නේ බොහෝ පරිස්සමිනි. ඔහුට ජාතිවාදී ගැටුම් පිළිබඳ දේශපාලන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නැ. එහෙත් මේ තිදෙනාගේ විරසකවීම් හා මිත්‍රවීම් මගින් ඔහු මේ නිවසින් බැහැර මහා සමාජයේ හැඩතල පිළිබඳව ද සියුම් ප්‍රකාශයක නිරත වේ. ඒ අප යටිපෙළෙන් උකහාගත යුතු අර්ථ සමුදායයි.

Sam's Story - සැමිගේ කතාව බලන්න (4)දැල් මාමාගේ මරණය සැමීට ඉවසිය නොහැකිය. ඔහු අහිංසකව විමසන්නේ “ මා මැරුණම කවුද වළලන්නේ“ යනුවෙනි. මාකලන්ද මියයාමත් සමඟ සැමිගේ ජීවිතය බිඳ වැටෙනු පමණක් නොව දෙමළ සේවකයන් හා ගැටුම ද අවසන්වේ. නැවත නිවසට යන සැමිට තිබෙන අලුත් සිහිනය මාකලන්දගේ පුත්‍රයා එවීමට පොරොන්දු වන ලිපියයි. මව මියයයි. සැමි හුදෙකලාවේ. ලිපිය පිළිබඳ අපේක්ෂාව ඔහු ජීවත් කරවයි. ලිපිය ලැබෙන්නේ නැත. එහෙත් ඔහුගේ ස්වාමියා වසර ගණනාවකට පසු ඔහු සොය පැමිණේ. මේ ඔහුගේ නෑසියන්ය. ශමින් සමඟ යාමට පැමිණෙන ලෙස කියන විට සැමී පිළිතුරු දෙන්නේ “දැන් මට ලොරියක් ඕනේ නෑ“ යනුවෙනි. එහෙත් අලුත් සිහිනය ඔහු ඉදිරියේ දිදුලයි. “සැමී දැන් මාමා කෙනෙක්“ මේ ඔහු මාකලන්ද පවුලේ ඥාතියෙකු බව පිළිගැනීමකි. මේ අහිංසක මිනිසා අපේ හදවත දයානුකම්පාවෙන් පුරවන්නේ එලෙසිනි. සැමී ජීවිතය පිළබඳව නගන ප්‍රශ්න කෙතරම් සියුම්ද? මාලුන්ට කෑම දීමට නියෝග කරනවිට ඔහු විමසන්නේ මාලුන්ට කෑම දෙන්නට ටැංකියක් මොකටද? අර එහා ගඟක් තියෙන්නේ“ යනුවෙනි. සැමිගේ හදවත විවර කරන මෙබඳු සියුම් ස්ථානවලින්, සංවාදවලින් සැමිගේ කතාව පොහොසත්ය.

Sam's Story - සැමිගේ කතාව බලන්න (13)සැමී අප හමුවට එන්නේද සරල රූපයකිනි. එහෙත් එම සරල රූපය අභ්‍යන්තරයේ අර්ථ සමුදායක් සැඟව පවතී. ලිපිය අපේෂාවෙන් සිටින වැඩිහිටි මිනිසාගේ ඇරඹෙන වෘත්තාන්තය අතීතයට පිවිස නැවත වර්තමානය දක්වා අප ගෙන යයි. සිනමාකරුගේ රූපඥානය මේ රූප පද්ධතියෙන් අපූරුවට හෙළිවේ. ඔහු සැමී සෑමවිටම රූපය මධ්‍යයේ ස්ථානගත කරයි. බෙහෙවින් භාවිතාවන මධ්‍යම රූපය තුළ අවට පරිසරය දැකිය හැකියි. බොහෝ විට නිල්වන් ලඳු පෙදෙස් ද නිසලව ගලා බසින ගංගාව ද පසුබිමේ දිස්වේ. මේ පරිසරය ද සැමී මෙන්ම සරලය. නිස්කලංකය. චිත්‍රපටයේ අවසන් රූපය තුළ ද මෝටර් රථයට නගින සැමී සිටින්නේ මධ්‍යම රූපයේ මධ්‍ය කේන්ද්‍රයේය. ඔහු සෙමෙන් ආපසු හැරී අප දෙස ඔහුගේ විසිළු එහෙත් අහිංසක බැල්ම යොමු කරයි. අප හදවත මේ මිනිසා පිළිබඳ දයාවෙන් පිරීතිරෙන්නේ රූපණය පමණටම මේ රූපයේ ප්‍රකාශන ශක්තිය ද නිසයි.

රූපය තුළ ක්‍රියාකාරක අවසන් වුව ද රූපය එක්වර අනෙක් රූපයට ඡේදනය නොවේ. තවත් මද වේලාවක් රඳවා තැබෙන රූපය අප තුළ දැනවූ භාව වඩා තීව්‍ර තලයකට රැගෙන යයි. ක්ෂණික ජේදනය අවමය. වේගී චලන ද අවමය. වර්ණ භාවිතයේ වෙනස්වීම් දැකිය නොහේ. රූප කෝණද බොහෝ සෙයින් සාමාන්‍ය ඇස් මට්ටමේ රඳවා ගැනේ. සැමී ආධ්‍යාත්මික වශයෙන් සසල වන බොහෝ අවස්ථාවල රූපය අවසන් වන්නේ ඉහළ කෝණයකට පිවිසෙමිනි. ඉන් ඔහුගේ අසරණ බව වඩා උද්දීපනය වේ. මේ රූප රිද්මය හා ලය සංස්කරණය විසින් ද ආරක්ෂා කෙරේ. රුවන්Sam's Story - සැමිගේ කතාව බලන්න (9) කොස්තාගේ රූප නිර්මාණය සැමි පමණටම සියම්ය. භාවාත්මකය.

කිපිතාන් එල්මෝ ගුණරත්නගේ කෘතිය ඇසුරින් රචනා කෙරෙන තිර රචනයේ එක් ගුණයක් වන්නේ සංවාදයි. භාවිත කෙරෙන කෙටි සංවාද බොහොමයක් විවිධ අර්ථ මතු කරයි. විශේෂයෙන්ම නිවස තුළ දෙමළ, සිංහල චරිත විකාශනය කෙරෙන්නේ ඉතා සුපරීක්ෂාකාරීත්වය. සමාජය පිළිබඳව සැමට තිබෙන්නේ ඉතා පටු දැක්මකි. ඔහුගේ ලෝකය පළමුවෙන් මව හා සොයුරාය. ඉන්පසු මේ නිවැසියන්ය. ඉන් ඔබ්බේ ලෝකය ඔහුට විෂය වන්නේ නැත. එහි සිදුවීම ඔහුට තේරෙන්නේ නැත. මේ ස්වභාවය සංවාද මගින්ද ආරක්ෂා නොවූයේ නම් සැමගේ චරිතය බිඳ වැටෙනු නිසැකය. තිර රචනයේ මෙම සියුම් බව මෙන්ම යටිපෙළ උද්ධරණය කෙරෙන රූප පද්ධතියක් ද නිර්මාණයවීම නිසා සැමීගේ කතාව භාවගෝචර චිත්‍රපටයක් බවට පත්වේ.

චිත්‍රපටයේ තවත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන්නේ ලක්ෂ්මන් ජෝශප් ඩී. සේරම්ගේ සංගීතයයි. එය අපූරු සිනමාත්මක සංගීතයකි. මේ සංගීත ඛණ්ඩය භාවාත්මකය. එමෙන්ම චිත්‍රපටය තුළ එය භාවිත කෙරෙන ආකාරය නිසා සිනමාගෝචර බව වඩා උද්දීපනය වේ. චිත්‍රපටය පුරාම සංගීතය ලෙස භාවිත වන්නේ නිහඞතාව හා ස්වාභාවික ශබ්දයි. මේ සැමිගේ අධ්‍යාත්මය හා අප ඝණාරෝපකරවීම සඳහා භාවිත කෙරෙන අපූරු උපක්‍රමයකි.

Sam's Story - සැමිගේ කතාව බලන්න (10)රූපණය විසින් ද සැමිගේ කතාව ඉහළ තලයකට එයි. කෙටි චරිත සඳහා ද දක්ෂ නළු නිළියන් යොදගැනීම නිසා සමබර තලයක පවතින රූපණ දැකිය හැකියි. සැමි රූපකායෙන් විරූපීය. මේ විරූපී වේශය මතුපිට ආභරණයක් බවට පත් නොවන්නේ ජගත් චමිලගේ ප්‍රතිභාව නිසාය. ඔහු මෙම විරූපී බව තුළ සැඟවෙනු වෙනුවට එය සැමීගේ අභ්‍යන්තරය ප්‍රකාශ කරන මෙවලමක් බවට පත් කරගනී. එවැන්නක් කළහැක්කේ දක්ෂ රූපණවේදියකුට පමණි. සනත් ගුණතිලක ඉතා සැහැල්ලුවෙන් මාකලන්දගේ චරිතය තුළට පිවිසෙයි. මේ මිනිසාගේ සංවේදී හදවත අනාවරණ වන සියුම් රූපණයක නිරත වෙයි. එක් ඉරියව්වකින් හෝ චරිතයේ හැඩය නොබිදෙන පමණට සුපරීක්ෂාකාරීව ගොඩනගන රූපණ විලාසය සියුම් චරිත නිරූපණයේලා මේ නළුවාගේ දක්ෂතා නැවත අප වෙත ගෙන ඒ. මව ලෙස නිල්මිණි බුවණෙක ද කාන්ති ලෙස මැණික් කුරුකුලසූරිය ද පුත්‍රයා ලෙස වතික රුවිනාත් ද දියණිය ලෙස තෙසාරා ජයවර්ධන ද සිනමා කෘතියේ රිද්මය නොබිදෙන ආකාරයෙන් චරති නිරූපණ වල නිරත වෙති. වික්ටර් රාමනායක (විල්බට්), විල්සන් සිරිමාන්න (මුදලාලි), මෙහෙකාරිය (කුසුම් පෙරේරා) පිළිබඳවද අවධානය යොමු කළ යුතු වන්නේ මේ කෙටි චරිත නිරූපණ අසාර්ථක වූයේ නම් චිත්‍රපටයේ රිද්මය බිඳවැටෙන්නට අවකාශ තිබූ නිසාය. හේමන්ත ගමගේ අංග රචනය මෙන්ම වෙලේගෙදර රණසිංහගේ කලා අධ්‍යක්ෂණය ද චිත්‍රපටය සඳහා උචිත පසුතලය ලබාදෙයි.

සැමිගේ කතාව ප්‍රියංකර විතානච්චිගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. කුළුදුල් සිනමා කෘතියක ගැබ් විය යුතු නිර්ව්‍යාජ බවින් ද නැවුම් බවින් ද පමණක් නොව දයාර්ද්‍ර ජීවිත දැක්මෙන් ද එය පොහොසත්ය. මේ වෙළෙඳපොළ නොව සිනමා රසිකයාගේ ආස්වාදය හා පරිඥානය අරමුණු කරගත් නිර්මාණයක් බව හඳුනා ගැනීම අසීරු නොවේ. සිනමාකලාවේ පෝෂණය වන්නේ මෙබඳු නිර්මාණ වලිනි.

සැමිගේ කතාව ප්‍රියංකරය
ගාමිණී වේරගම - චිත්‍රපට විචාරය ලංකාදීප
2014 මාර්තු මස 21 සිකුරාදා

……………………………………………………………………………………………

Sam's Story - සැමිගේ කතාව බලන්න (6)

ප්‍රියංකර විතානාච්චි විසින් අධ්‍යක්ෂණය කරල ලද සැමිගේ කතාව මේ දිනවල තිරගත වන්නේ ඒ සඳහා ලැබුණු ඉහළම ගණයේ අන්තර්ජාතික ඇගයීමක්ද මුල් කර ගනිමිනි. එය වූ කලී මෙහි ප්‍රධාන චරිතය රඟපෑ ජගත් චමිල ඒ උදෙසා ලෝකයේ හොඳම නළුවාට හිමි සම්මානයට පාත්‍ර වී තිබීමය. යම් චිත්‍රපටයක් තුළින් හොඳම නළුවා ඉස්මතු වීම සමස්ත චිත්‍රපටයම හොඳ කෘතියක් වීමට හේතුවක් නොවන නමුදු හොඳම නළුවෙකුගේ චරිතය වැඩෙනු සඳහා අවශ්‍ය පෝෂණීය පසුබිමක් ඒ තුළ නිතැතින්ම තිබිය යුතු යැයි අපි විශ්වාස කරමු. ඒ අනුව අප ප්‍රියංකර විතානච්චිගේ සැමිගේ කතාව නැරැඹීමට යන්නේ මෙන්න මේ කාරණාවද පෙරදැරි කරගනිමිනි.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හෝ නාට්‍ය නිර්මාණයක් ගැන කතා කිරීමේදී සමස්තයේ හොඳ නරක අමතක කරවමින් ඇතැම් චරිත නිරූපණයක සුවිශේෂත්වය අපගේ හද රැදුණ අවස්ථා දුලභ නොවේ.

නමුත් මෙකී ක්ෂේත්‍රය තුළ මානුෂික ගුණාංගයන් මුල් කරගනිමින් වීරත්වයට පත්වූ විරූපී චරිත පිළිබඳ මතකයන් අපගේ හද රැදුණ අවස්ථා තිබෙන්නේ අල්ප වශයෙනි.වික්ටර් හියුගෝගේ නවකාතවකින් උපන් නෝත්‍රදාම්හි කුදා නැමැති නව කතාවේ කුදා හැරුන විට රයන්ස් ඩෝටර් චිත්‍රපටයෙහි ජෝන් මිල්ස් රඟන මයිකල්ගේ චරිතයද, බෞද්ධ සාහිත්‍යයට අයත් කුස ජාතකයේ එන කුස රජතුමාගේ චරිතයද සමඟ ස්වයංජාත ටෙලිනාට්‍යෙය් විභූතිරත්න ලෙස ජගත් චමිල විසින් කරනු ලැබූ සම්මානනීය රඟපෑමද, මේ ගැන කතා කරද්දී අපගේ මතකයට නැගෙන චරිතාංගයෝ වෙති.
ඒ ආකාරයට රංගනය අරභයා වූ පූර්ව මතකයන් අවදි කරගනිමින් සැමිගේ කතාව නරඹන්නට වාඩි වුවද, එම චරිත නිරූපණය පමණක් නොව සැමිගේ චරිතයට සමාන්තරව සහ සමානුපාතව ගොඩ නැගෙන අනෙකුත් ශිල්පාංගද හේතු කොටගෙන පූර්ණ නිමාවක් සහිත සිනමා කෘතියක අත්දැකීම විඳ ගන්නට එය අපට ඉඩ සලසා දෙයි.

බාහිර පෙනුමෙන් විචිත්‍ර නොවූවද අභ්‍යන්තරිකව ජීවත් වන අවංක සහ අහිංසක මනු්‍යයෙකුගේ Sam's Story - සැමිගේ කතාව බලන්න (11)ආත්ම විවරණයක් එකී මනුෂ්‍යත්වය තේරුම් ගෙන එයට ගරු කරන තවත් මනුෂ්‍යයින් කීපදෙනෙකුගේත් දිවි ගමනේ එක් කාලපරිච්ඡේදයක් සැමිගේ කතාව තුළින් පිළිබිඹු කෙරෙයි.
ජීවිතය අරභයා වූ මහා බරපතළ ගැටුම්වලින් තොරවූවද, අප තුළ සියුම් සංවේදනා ජනිත කරවමින් පූර්ණ ධාවන කාලය මුළුල්ලේ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නට අධ්‍යක්ෂකවරයා විසින් දක්වා ඇති ප්‍රතිභාවය සැමිගේ කතාවේ මූලික විශේෂත්වයයි. එවැනි හෘදයාංගම භාවයකින් මෙම චරිතවල ආධ්‍යාත්මයන් ස්පර්ශ කිරීමට ඉඩ සලසා දීම සඳහා අධ්‍යක්ෂකවරයා විසින් පළමු අඩිතාලම දමා ඇත්තේ ඒ සඳහා සුදු රිද්මයක් උපයෝගී කර ගැනීමෙනි. මේ හැරුණු කල සිය කෘතිය උදෙසා ඔහු විසින් භාවිත කරනු ලබන ගම්බද පරිසරයද චිත්‍රපටයට එක් කරනු ලබන්නේ සුන්දරත්වය හා බැඳුනු අර්ථවත් බවකි. වෙනස් ජීවන මච්චම්වල මිනිස් කණ්ඩායම් දෙකක් වෙනුවෙන් වුවද ඔහු මෙහිදී භාවිත කරන්නේ බොහෝ දුරට නොකිළිටි ගම්බද පරිසර පද්ධතියකි.

එබැවින් නිරන්තරයෙන් එය අප තුළ දනවන්නේ මෙම පාත්‍ර වර්ගයාගේ ආධ්‍යාත්මයට යම් සමානකමක් දක්වන්නක් ලෙසිනි. සැමිගේ හාම්පුතා ලවා ඔහුගේ නිවස ඉදිරිපිට පොකුණට මෝටර් බෝට්ටුවක් නොදැම්මුවේ එහෙයින් යැයි අපි කල්පනා කරමු. අපට මෙම මිනිසුන්ගේ ආධ්‍යාත්මයන්ට සවන් දීමට බාධාවක් වන එවැනි බොහෝ කාරණාවලින් සැමිගේ කතාවට බාධාවක් නොකරන්නට අධ්‍යක්ෂ ප්‍රියංකර විතානාච්චි වගබලා ගෙන තිබේ.
ඒ සඳහා ඉතා ක්‍රමවත් ලෙස සැකසුණ තිර නාටකයක් ඔස්සේ තම සිනමා වියමන ඉදිරිපත් කරන හෙතෙම මෑත භාගයේ අන් කිසිම චිත්‍රපටයක නොදුටු තරමේ සියුම් සංස්කරණ රටාවක්ද ඒ සඳහා යොදාගනී. රුවන් කොස්තාගේ විචිත්‍ර සිනමා රුපය වඩාත් අර්ථවත් කරනු පිණිස මෙම සංස්කරණයෙන් ලැබී ඇති දායකත්වය ඉමහත්ය. ස්වාභාවික පරිසරයේ ශබ්ධ අපේ සිතිවිලිවලට බාධා නොකරන්නා සේ මෙහි සංගීතය පවා ඉදිරිපත් කර ඇත්තේ ස්වකීය තේමාවට සරිලන පරිද අත්‍යාවශ්‍යම මොහොතේ බව දැනේ. අනවශ්‍ය ලෙස තද වර්ණ භාවිත නොකරන ලද සිතුවමක් සේ එය අපට සිසිලසක් සලසන්නේ එහෙයිනි.

Sam's Story - සැමිගේ කතාව බලන්න (12)මෙම සටහන ආරම්භයේදීම අප සඳහන් කළ පරිදි මෙහි සැමිගේ චරිතය රඟන ජගත් චමිල ඉතා මැවින් සිය භූමිකාවේ වගකීම ඉටු කරන බව පැහැදිලිය. මෙහිදී ඔහුට ඒ චරිතය සඳහා ලැබුණ මන්ධබුද්ධික ගති පැවතුම් සහ විරූපී ස්වභාවය ආදී මෙවලම් සිය ප්‍රතිභාවය සමග මැනවින් සංකලනය කරගනිමින් සැමිගේ චරිතය ගොඩනගා ගන්නට සමත් වී තිබේ.

නමුත් සෙසු ලොකු කුඩා චරිත නිරූපණවල යෙදෙන සෙසු නළු නිළියන්ද සිය චරිතවලට සාපේකෂව තම රංගන හැකියාව ප්‍රමාණවත් ලෙස සැමිගේ කතාව සඳහා දායක කර තිබේ. සුළු චරිත නිරූපණවල යෙදෙන වික්ටර් රාමනායක සහ මැණික් කුලකුරුසූරියද සෙසු පාත්‍ර වර්ගයාද, රංගනයේදී සැමිගේ කතාවට කිසිදු බාධාවක් නොකරති. එවැනි ප්‍රතිභාවක් ඔවුන් තුළින් දක්නට නොලැබුණානම් අපට සැමිගේ කතාව ගැන මෙතරම් කතා කරන්නට දෙයක් නොතිබෙන්නට තිබුණි.

සැමිගේ කතාව ගැන කතා කරද්දී එහි අන් සියලු අංගෝපාංගයන් තරමටම කලා අධ්‍යක්ෂණය සිය වේෂ නිරූපණය උදෙසා දක්වා තිබූ සැලකිල්ලද කිසිසේත්ම අමතක කළ නොහැක්කකි. මන්දයත් පසුගිය කාලයේ ගැමි දිවි පෙවෙත අළලා කළ බොහෝ චිත්‍රපට අසාර්ථක වන්නට වේෂ නිරූපණය බලපා තිබු බැවිනි.

ඒ නිසා මෙම සියලු කරාණ අනුව අපට පෙනෙන්නේ “මෙන්න මට එක්තරා අහිංසක අපූරු මිනිසෙකුSam's Story - සැමිගේ කතාව බලන්න (8) හමුවුණා. ඔබලාත් ඔහු දෙස බලන්න“ යැයි මෙම සිනමාකරුවා අපට කියන අයුරුය. ඉක්බිති අපට ඒ සඳහා ඉතා පිළිවෙළට සුව පහසුව සන්සුන්ව මේ මිනිසා දෙස බලන්නට සිනමා තිරය කවුළුවක් බවට පත්කර දී තිබේ.

අප සැමි දෙස බලා සිටින්නේ ඒ සුව පහසුව විඳිමිනි. එහෙත් සැමිගේ කතාවට සවන් දීමෙන් අනතුරුව සැමීට තවත් මොනවාදෝ කියන්නට තිබුණාදෝ යැයි හැඟීමක් අප තුළ ඇතිවීම වැළැක්විය නොහැකි යැයි සිතේ. එය හරියටම අර්ථ දක්වන්නට අසීරු බව ඇත්තය. එහෙත් නිශ්චිත ලක්ෂයකට ළඟා වෙන්නට ප්‍රථම ස්තූති කතාව කොට අවසන් කළ සුන්දර මධුපාණෝත්සවයක් පිළිබඳ හැගීම එයට සමාන යැයි සිතේ.

සැමිගේ කතාවට ඇහුම්කන් දෙමු. - සිනමා විචාරය තිස්ස ප්‍රේමසිරි - ලක්බිම

Sam's Story - සැමිගේ කතාව බලන්න (14)

රීගල් - කොළඹ | රීගල් - මීගමුව | රීගල් - මහනුවර | ලිඩෝ - බොරැල්ල | ඕඩියන් - ගල්කිස්ස | ඇමිටි ලයිට් - මහරගම | හිමාලි - කිරිබත්ගොඩ | නයෝමී - ගම්පහ | නිව් ජයලත් - කටුනායක | දුල්මිණි හොරණ | චිත්‍රා - කළුතර | එන් අයි ටී - කුරුණෑගල | එන් අයි ටී - රත්නපුර | එන් අයි ටී - අවිස්සාවේල්ල | විජේන්ද්‍ර - අනුරාධපුර | මිලානෝ - කෑගල්ල | සිනේමාල් - අලව්ව | මහලේකම් - කුලියාපිටිය | ප්‍රින්ස් - ගාල්ල | නිව් සිනමා - මාතර

Sam's Story - සැමිගේ කතාව - Facebook Page

Sam's Story - සැමිගේ කතාව - Facebook Group

Sam's Story - සැමිගේ කතාව - Google +

Sam's Story - සැමිගේ කතාව - Web Site - http://www.samigekathawa.com/

Sam's Story - සැමිගේ කතාව බලන්න (1)

Saturday, November 2, 2013

වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න

ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාවGame-of-Thrones-Season-3-HD-Wallpaper පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න.

ඉතින් ඒ නිසාම කලින් මර්ලින් කතාවේ සියලුම Seasons අරගෙන ආව වගේ මේ පාරත් Game of Thrones කතාවේ සීසන්ස්වල සියලුම කොටස් අරගෙන ආව ඔයාලට. පහලින් තියෙන එකින් එක ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ කතා Online බලන්න.

මේ කතා Download කරගන්න ඕන නම් ඒ කරන විදියත් කියන්නම්කෝ. Game of Thrones - Season 1 Download කරගන්න ඔයාලට Internet Download Manager(IDM) වගේ Software එකක් ඕන වෙනවා. IDM ඕපන් කරගෙන පහල ලින්ක් වලට ගිහින් කතාව Play වෙන්න දාන්න. එතකොට ඔයාලට පහලින් පේනවා වගේ Button එකක් පෙන්නාවි.

image

ඒ Button එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ Download කරගන්න. දැන් ඉතින් වැඩ පටන්ගන්න එහෙනම්. ඔයාලට ලේසි වෙන්න එක එක කොටසට කොච්චර මෙගාබයිට් ගානක් යනවද කියලත් මම දාලා තියෙනවා.

Game of Thrones Season 1 Episode 1 – Winter Is Coming

Game of Thrones Season 1 Episode 2 – The Kingsroad

Game of Thrones Season 1 Episode 3 – Lord Snow

Game of Thrones Season 1 Episode 4 – Cripples, Bastards, and Broken Things

Game of Thrones Season 1 Episode 5 – The Wolf and the Lion

Game of Thrones Season 1 Episode 6 – A Golden Crown

Game of Thrones Season 1 Episode 7 – You Win or You Die

Game of Thrones Season 1 Episode 8 – The Pointy End

Game of Thrones Season 1 Episode 9 – Baelor

Game of Thrones Season 1 Episode 10 – Fire and Blood

ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ෆයිල් ටික Rename කරගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වීඩියෝ ෆයිල් වල Size එක සහ එක එකක කාලය.

image

2013-latest-game-of-thrones-wallpaperGame-of-Thrones-Cast-Wallpaper-1-image-credit-GameofThronesWallpaper.com_

ඔයාලා වගේම මේ කතාව බලන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් මේ ගැන කියන්න මේ පෝස්ට් එක Share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

Wednesday, October 30, 2013

“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය”

ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya)  පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි.

17මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya, 2013). අද වන විට මේ කලා නිර්මාණයට IMDb අගය 7.4ක් ලැබී ඇත. එමගින් මේ නිර්මාණය ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇතැයි සිතමි. සමනල සංධ්වනිය ලියැවුනේද ජයන්ත චන්ද්‍රසිරි අතිනි. මෙහි සාර්ථකත්වය සදහා එයද මහත් පිටුවලක් වන්නට ඇත.

යසෝධා විමලධර්ම, උද්ධික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, පුන්සිරි දයාරුවන්, බුද්ධදාස විතානාච්චි, රොජර් සෙනවිරත්න, චතුරිකා පීරිස් වැනි දක්ෂ නළුනිළි කැලකගේ දායකත්වයට උරුමකම් කියන සමනල සංධ්වනිය, ගීතයෙන් ආරම්භ වී ගීතයෙන්ම අවසාන වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (8)තෙක් සුන්දර රූ පෙළක් ගෙනහැර දක්වයි. දර්ශනය ආරම්භ වූ 2013 ඔක්තෝබර් 04 වනදා සිට අද වන තෙක් ජනතා ප්‍රසාදයට පත් මේ කළා කෘතිය මේ ආකාරයෙන් තවත් දිගු කාලයක් සිනමාහල් ආක්‍රමණය කරනු ඇත.

සංගීතාත්මක චිත්‍රපටයක් වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) සංගීතය හදාරණ වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් වූ ඉහළ කලාකාමි අදහස් පිරුණු සංවේදී ළමයා දෙසින් ආරම්භය ගෙන ඔහුගේ ජීවන ගමනට ආදරය හා කළාව බැදීම ගෙනහැරපායි. අහම්බෙන් අතට පත්වන වෙනත් පෙම්වතියකගේ ආදර හසුනක් වාදීෂගේ ජීවිතය ආදරයේ බැදතබයි. පුණ්‍යා නම් වූ වාදීෂට වඩා වැඩිමල් වියේ පසුවූ එම ආදරවන්තිය ලියූ ලියමනට වාදීෂ ආකර්ශනය වේ. කිහිප අවස්ථාවකදීම මෙම ලියමන ලබාදීමට තැත්කලද එය ලබාදීමට නොහැකිවූ තැන එය ඔහුගේම ගීතය බවට පෙරලේ.

“ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...”

මේ ආදර හසුන ඔහුගේ අයියා ගත් පසු මතකයෙන් ඒ හසුන පලාගියද, ඔහුගේ හිතේ තිබූ තෙත්බව, ආදරය ඔහුගෙන් ඈත් වන්නේද නොසිතන අයුරින්. මේ අතර වාරයේ වාදීෂ තමන්ට ප්‍රේම කරන තම මිතුරියට පිළිතුරු දෙන්නටද ගීතය නම් වූ සොදුරු මාධ්‍ය යොදාගන්නවා. ඒ මෙන්න මේ ආකාරයටයි.

“මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ……

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්…...”

පාසලෙන් පසු, වසර විස්සක් පුරා නව ගීත, සංගීත ප්‍රදර්ශන ගෙනෙමින් ඔහු ගතකරනුයේ බේබදු චරිතයක්. ආදරය නැති තැන්හි සතුටද පලායයි, ඔහුගේ බිරිය හා දුවණිය මොහුගේ හැසිරීමෙන් දුකට පත්වන ආකාරයත්, නැවත ඒ ආදරය ලැබෙන ආකාරයත් මනාව ගලපා ඇත්තේ ඇසට කඳුළක් එක් කරවමිනි. ඒ උපන්දින සාදය වාදීෂට කිසිදා අමතක නොවනු ඇති. තමන්ගේ අයියගෙන් ලද ඒ තෑග්ග ඔහුට මහා පුදුමයක්. කතාව මේ ආකාරයෙන් ගැලපවූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ සොදුරු මිනිසාට උත්තමාචාරය.

ආදරය කිසිදා වෙනස් නොකල ඒ ගැහැණිය, නමින් පුණ්‍යා වේ. සංගීතය ජීවිතය කරගත් ඒ ශිෂ්‍යයා වාදීෂ නම් වේ. ඔබ නැරඹිය යුතු ඒ කතා පුවත.. සමනල සංධ්වනිය(Samanala Sandhwaniya), ඔබට ජීවිතයත්, ආදරයත් කියාදෙනු ඇත. ඒමන්දයත්,

“පිරිමින්ගේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි.
එහෙත් එය, ස්ත්‍රීන්ට මුළු මහත් ජීවිතයමය.”

අවසන, වාදීෂට සෑම වසරකම මාර්තු 07 වෙනිදා අමතක කලයුතු උවද පුණ්‍යා නම් වූ පෙම්වතියට/ බිරියට එම දිනය ජීවිතයේ වැදාගත්ම දිනය වනු ඇත. ඇය සෑම වසරකම මාර්තු 07 නුවර කුමාරි මල් වත්තේ බංකුවකට වී බලා හිදිනු ඇත……

සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (1)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (2)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (3)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (4)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (5)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (6)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (7)

Ikigasaa Handana Athithayaka

Kadulu akka ganudenu karana

Mata Magema Nowana Magema adarayak thibuna ....

ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

Maage Sihina Madure
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage
ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ

මේ ආදරයේ කතාවයි. ඔබත් නැරඹිය යුතු ඒ කතාව සමනල සංධ්වනියයි.

Tuesday, July 9, 2013

Despicable Me 2 (2013) බලන්න එන්ඩෝ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩෝ..(Update 2)

Despicable Me 2 (2013) බලන්න එන්ඩෝ.. ඩවුන්ලෝඩ් කරගෙනම බලන්ඩෝ..  

නම දැක්ක ගමන් ආයිමත් හිත හිත ඉන්න දෙයක් නෑනේ.. මේ කතාවේ පළමු කොටස බලපු අය මේ කතාවේ තියෙන විශේෂත්වය දන්නවා ඇතිනේ.. ඇනිමේශන් වර්ගයට අයත් ලස්සන කතාවක් තමයි Despicable Me 2. මේ වර්ෂයේ ජුලි 03 වනදා නිකුත් කරන ලද මේ චිත්‍රපටයට මේ වෙනකොට 7.9ක  IMDb අගයක් ලැබිලා තියෙනවා. විනාඩි 98ක කාලයක් පුරා දිවෙන ලස්සන කතාවක් බලන්න ඔයාලත් එන්න.

Download Link - 544MB
Download Link 2 - 1.13GB

(රයිට් ක්ලික් කර ලින්ක් එක කොපි කරගෙන ගිහින් IDM එක භාවිතා කරලා Download කරගන්න.)

Friday, July 5, 2013

Fast & Furious 6 (2013) - HD Film - එන්න බලන්න

1කැමැතිද Fast & Furious 6 (2013) ෆිල්ම් එක HD විධියට බලන්න.. මේ පහලින් තියෙන්නේ ඒ ෆිල්ම් එකේ Screen Shot කීපයක්. ඔයාලට කරන්න තියෙන්නේ පහලින් තියෙන ලින්ක් එක copy කරගෙන ගිහින් IDM එක භාවිතා කරගෙන Download කරගන්න එක. ෆිල්ම් එක 1.32GB තියෙනවා. ඔයාලත් බලන ගමන් අනිත් අයටත් බලන්න මේ ලිපිය ශෙයාර් කරන්න අමතක කරන්න එපා..

Picture2Picture1Picture3

මෙන්න ලින්ක් එක,

http://r13---sn-h557snes.googlevideo.com/videoplayback?id=7d4ba94a5a7b4a74&itag=22&source=picasa&ip=175.157.200.135&ipbits=0&expire=1375581394&sparams=expire,id,ip,ipbits,itag,source&signature=5DF104C6E75DD2F625A3A3517B03181DE78FF833.064A1F819342E781BE0F8558D7C0FBEB1254C4D0&key=cms1&begin=0&cm2=0&cms_redirect=yes&ms=nxu&mt=1372989552&mv=m&newshard=yes

Format  : MPEG-4
Codec ID  : mp42
File size : 1.32 GiB
Duration : 2h 10mn
Width : 1 280 pixels
Height : 542 pixels
Display aspect ratio : 2.35:1

Thursday, May 30, 2013

හිනාවෙවී බලන්න බොරුකාරයා Liar Liar (1997) - Download 1.16GB or 536MB

imageතවත් ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා. මේක ජනප්‍රිය වුනේ හාස්‍ය රසය ගෙනාව ෆිල්ම් එකක් විදියටයි. ඒ වගේම දෙමාව්පියන්ගේ අගය මැනවින් පැහැදිලි කරන්න මේ ෆිල්ම් එකෙන් හැකිවුනා. පහලින් තියෙන්නේ මේ ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක්. මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන් පහල තියෙන ලින්ක් එකෙන් ගිහින්.

Sunday, May 19, 2013

Fast & Furious 6 (2013) - ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

vin-diesel-fast-and-furious-6-මේ කියන්න යන්නේ Fast & Furious කතා මාලාවේ අලුත්ම කතාව ගැන. ලගදිම නිකුත් වෙන්න තියෙන මේ ෆිල්ම් එක, ඒ කියන්නේ 2013 මැයි 22 නිකුත් වෙන්න තියෙන ෆිල්ම් එක ගැනයි මේ කියන්නේ. ඔයාලත් මග බලාගෙන ඉන්න ඇතිනේ මේක එනකන්. ඉතින් එහෙනම් දැන් ඔයාලටත් පුලුවන් මේ ෆිල්ම් එක බලන්න.

Saturday, May 18, 2013

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක් - ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

The Croods (2013) - තවත් ලස්සන කාටූන් කතාවක්

ගොඩාක් ඉස්සර කාලේ ජීවත්වුන ලස්සන පවුලක කතාවක් තමයි The Croods කියලා කියන්නේ. මේ පවුලේ සාමාජිකයන් හයදෙනක් ඉන්නවා. තාත්තගේ මූලිකත්වයෙන් තමයි මේ පවුල ජීවත් වෙන්නේ. දරුවෝ තුන් දෙනෙක් ඉන්න මේ පවුලේ වැඩිමල් දරුවා  දගකාරියක්. මේ පවුලට අහම්බෙන්වගේ මුනගැහෙන පිරිමි ළමයෙක් මෙයාලට උදව්වට එනවා. ඒ ගැන කියවෙන ලස්සන කතාව ඔයාලත් බලන්නකෝ.

Friday, May 17, 2013

චාලි චැප්ලින්ගේ The Circus ෆිල්ම් එක බලන්න එන්න. ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්.

The Circus (1928)

The Circus

Directed by: Charles Chaplin
Year: 1928
Duration: 71 min
Genre: Comedy, Romance
Starring: Al Ernest Garcia, Merna Kennedy, Harry Crocker
Country: USA

The Tramp finds work and the girl of his dreams at a circus.

Chaplin, Charlie (Circus, The)_01

ලස්සන ෆිල්ම් එකක්. හිනා වෙන්න පුලුවන් ඇති තරම්. පහළ තියෙන ලින්ක් එකෙන් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM එකෙන් Download කරගන්නත් පුලුවන්.

මෙන්න ලින්ක් එක

360P - 330MB

480P - 457MB

720P - 1GB

Sunday, May 12, 2013

Iron Man 3 (2013) free Download - 616MB or 1.34GB

 

iron-man-3

ඔයාලට අලුතෙන් නිකුත් වුන ලස්සන ෆිල්ම් එකක් තමයි අදත් දෙන්න යන්නේ. මේ ෆිල්ම් එක නමින් Iron Man 3. මීට කලින් මේ ෆිල්ම් එකේ පළමු සහ දෙවන කොටස නිකුත් වෙලා තියෙනවා. අලුත්ම කතාව වෙන Iron Man 3 ට මේ වෙනකොට 7.8/10 IMDb ලැබිලා තියෙනවා.

තවත් විස්තර පහලින්:
Iron Man 3 is a 2013 American superhero film featuring the Marvel Comics character Iron Man, produced by Kevin Feige of Marvel Studios and distributed by Walt Disney Studios Motion Pictures.

Release date: May 3, 2013 (USA)

Director: Shane Black

Running time: 130 minutes

Producer: Kevin Feige

Production companies: Marvel Studios, Paramount Pictures

Sunday, May 5, 2013

ලස්සන Cartoon Film එකක් - Wreck-It Ralph (2012)

image

කාලෙකට පස්සේ ලස්සන Film එකක්. මේක Cartoon Film එකක්. ඒ නිසා ඔයාලා හැමෝම කැමති වෙයි. Download කරගෙන බලන්න. අපි ආස කරන චරිත ගානක් මේ ෆිල්ම් එකේ ඉන්නවා.

Friday, May 3, 2013

WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න.

WWE WrestleMania XXIX 29 එක ක්ලික් එකෙන් Download කරන්න.

WWE වලට කැමැති හැමෝටම බලන්න පුලුවන් හොද තරගාවලියක් තමයි මේ WWE Wrestlemania XXIX 29 කියන්නේ. වැඩි විස්තර කියන්න ඕන නෑනේ. ඔයාලට පුලුවන් Download කරගෙනම බලන්න. සම්පූර්ණ තරගාවලියම 834MB තියෙනවා. පැය 3කුත් විනාඩි 52ක් පුරා දිවෙන මේ තරගාවලිය පසුගිය මාසයේ නිකුත්වූවක්.

Download WWE WrestleMania XXIX 29

හෝ

Part 1(200MB) + Part 2(200MB) + Part 3(200MB) + Part 4(200MB) + Part 5(34MB)

Wednesday, May 1, 2013

අවසානයේ නැගිටීම - ද ලාස්ට් ස්ටෑන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න

අවසානයේ නැගිටීම - ද ලාස්ට් ස්ටෑන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න

බලන්න ආස හිතෙන  ක්‍රියාදාම සහ ත්‍රාසය පිරුණු චිත්‍රපටියක් විධියට මේ ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්. විනාඩි 108ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක ඔබව අමුතුම ලොවක රදවාගනීවි. 766MB ධාරිතාවයක් සහිත මේ චිත්‍රපටය පහල ලින්ක් එකෙන් Direct Download කරගන්න ඔයාලට පුලුවන්.

අමතක නොකර ඔයාලගේ අදහසත් කියලා යන්න. Post එකට Like කරලා අනිත් අයටත් කියන්න. පුලුවන් හැමෝම Share කරලා යන්න.

The Last Stand
2013 Film

අවසානයේ නැගිටීම - ද ලාස්ට් ස්ටෑන්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න

Saturday, March 16, 2013

Dilwale Dulhania Le Jayenge - දිල්වාලේ දුල්හ්නියා ලේ ජායේන්ගේ ෆිල්ම් එක බලන්න කැමැතිද?

ගොඩක් පරණ චිත්‍රපටයක් වුනාට තාමත් ගොඩක් දෙනා ආසාවෙන් බලනවා. ඒත් ටිකක් හොයාගන්න අමාරුයි. 1995දී තිරගතවුන ලස්සන ආදර කතාවක්. ඒ වගේම පදමට විහිලුත් තියෙනවා. ශාරුක්ඛාන් සහ කාජල් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. 1995වසරේ ඔක්තෝම්බර් 19වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ කලේ. ආදිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙයට 7.9 ක් ලෙස IMBD අගය ලැබිලා තියෙනවා.

මෙතනින් ගිහින් Online බලන්නත් පුලුවන්. එහෙම නැත්නම් IDM භාවිතයෙන් Download කරගන්නත් පුලුවන්. Download කරනවා නම් ධාරිතාව 928MB වෙනවා.

Friday, March 1, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (1.89GB Direct Download)

Like itඅද අරගෙන ආවේ ටීවී සීරීස් එකක්. 2008 දී මෙහි ප්‍රථම කොටස විකාසනය වුනා. Internet එකේ දී හමුවුන මේ ලින්ක් ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ ඔයාලත් මේ ටීවී සීරීස් එක බලන්න කැමැත්තෙන් ඇති කියලා හිතුන නිසයි.

merlin

Saturday, January 26, 2013

මෙන්න මේ අවුරුද්දේ ආව ෆිල්ම් තුනක්

මට ලැබුනා ලඟදි නිකුත් වුන ෆිල්ම් ටිකක ඩවුන්ලෝඩ් ලින්ක්. ඔයාලටත් දෙන්න හිතුනා. බලන්නකො එහෙනම් හොඳද කියලා..

All Superheroes Must Die 2013 (417MB) Download

House Hunting 2013 (698MB) Download

Officer Down 2013 (699MB) Download

Thursday, January 17, 2013

Django Unchained - 2012 ඩවුන්ලෝඩ් කරමු.

මේ ෆිල්ම් එක සම්මාන දිනාගත්ත හොඳ ෆ්ල්ම් එකක්. තනි ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න. ස්පීඩ් එකත් හොදයි. 600full-django-unchained-poster

Related Posts Plugin for WordPress, Blogger...