පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

Wednesday, November 27, 2013

ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…

ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ.

image

ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම කවුරුවත් කැමැත්තෙන් ෆොටෝ ඇල්බම් Download කරන්න උත්සාහ ගන්නේ නෑ.

ඒත් අපි කැමැත්තෙන්ම ඉන්න ෆොටෝ ඇල්බම් එකක් Download කරගන්න ඕන උනාම කොච්චර කට්ටක් කන්න වෙනවද? ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ෆොටෝ ඇල්බම් එකම එක පාර Download කරගන්න.

ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැන ඉදලා ඇල්බම් එකක් Download කරන තැනට පියවරෙන් පියවර පහලින් තියෙනවා.

1. ෆේස්බුක් එකට ලොග් වුනාම ඔයාලට මේ වගේ කොටසක් පේන්න තියෙනවනේ. ඒකෙන් “Add Photos/Video” උඩ ක්ලික් කරාම ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැනට යන්න පුළුවන්.

image

image

2. “Create Photo Album” කියන තැන ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ Select කරන්න වෙනම Window එකක් Open වෙයි. එතනින් ගිහින් ඔයාලට ඕන ෆොටෝ ටික Select කරලා Open ක්ලික් කරන්න.

3. දැන් තියෙන්නේ Album එකට සුදුසු නමක් හා විස්තරයක් දාන්න.

image

4. Upload වෙලා ඉවර වුනාම පහලින් මේ වගේ පෙනේවි. එතනින් අපිට පුළුවන් තවත් Customize කරන්න.

image

5. දැන් “Post Photos” උඩ ක්ලික් කරන්න.

ඔයාලා දැන් ඇල්බම් එක හදලා ඉවරයි.  මේ තියෙන්නේ එහෙම හදපු ඇල්බම් එකක්. (මෙතනින්) අපි බලමු කොහොමද ඇල්බම් එක Download කරගන්නේ කියලා.

මේකට අපිට Google Chrome සහාය අවශ්‍ය වෙනවා.

6. Open කරන්න Google Chrome Browser එක.

7. මෙන්න මේ ලින්ක් එකට යන්න. මේ ලින්ක් එකෙන් ගිහින් Addon එක Add කරගන්න.

image

8. මේ ඇඩෝන් එක ඇඩ්කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆේස්බුක් ඇල්බම් Download කරගන්න. ඒකට ඔයාලා Download කරගන්න ඕන Album එකට යන්න ඕන. ගියාම උඩ Address බාර් එකේ පොඩි කොටුවක් පෙන්නාවි. “FAD” කියලා පෙන්නන කොටුව ඔයාලට පෙනේවි දකුණු පැත්ත කෙළවරේම.

image

9. ඒක උඩ ක්ලික් කරන්න. ඕපන් වෙන ටැබ් එකේ ටිකක් පහලින් ඇති “Load All Pictures” කියලා. ඒක ක්ලික් කරලා ඔක්කොම Pictures Show කරන්න.

image

10. දැන් උඩ තියෙන “Zip Download” උඩ ක්ලික් කරන්න.

image

11. දැන් “Generate File” උඩ ක්ලික් කරාම zip ෆයිල් එකක් විදියට Download වෙන්න පටන් ගන්නවා.

image

12. අන්තිමට Save කරන්න තැනක් දෙන්න.

13. 7zip වගේ Software එකක් භාවිතයෙන් UN-Zip කරන්න.

image

14. ෆෝල්ඩර් එක Open කරලා බලන්න. ඔක්කොම Pictures ටික Download වෙලා ඇති.

image

Wednesday, March 13, 2013

පසුගිය සතියේ වැඩියෙන්ම කියවූ ලිපි 7

මේ තියෙන්නේ පසුගිය සතියේ ඔයාලා වැඩියෙන්ම කියවපු ලිපි. කියවන්න මඟඇරුණු ඒවා තියෙනවා නම් එන්න කියවන්න. අද හවසත් ෆේස්බුක් ගෑන අපි නොදන්න කරුණු රාශියක් තියෙන ලිපියක් තියෙනවා. එහෙනම් හවසට හමුවෙමුකෝ.

image

2013 අවුරුද්දේ නොමිලේ දෙන හොඳම වයිරස් ගාඩ් පහ ඩවුන්ලෝඩ් කරගන්න එන්න
වර්ථමානයේ වයිරස්ගාඩ් එකක් නැති පරිගනකයක් නැති තරම්. ඒ තරමටම වයිරස්ගාඩ් වල අවශ්‍යතාවය අපට දැනෙනවා. අපේ පරිගනකයේ ප්‍රධාන ආරක්ෂකයා විදියට හොදම ...
http://lessonforfree.blogspot.com/2013/03/2013.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - ෆේස්බුක් භාවිතය (පළමු කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස...
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_11.html
 
ෆේස්බුක් ගැන නොදත් කරුණු - අන්තර්ජාතික මට්ටමින් (දෙවන කොටස)
මේ කියන්න යන්නේ අපි නිතරම යන එන ෆේස්බුක් එක ගැන අපි නොදන්න කරුණු රාශියක් ගැන. මේ විස්තර වලින් කියවෙන්නේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012දී ෆේස්..
http://lessonforfree.blogspot.com/2013/03/blog-post_12.html

Sunday, March 10, 2013

හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ?

අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. මේ පහලින් තියෙන මූණුටික බලන්නකෝ. මෙන්න මේ ටික තමයි අපි දාගන්න හදන්නේ.


Related Posts Plugin for WordPress, Blogger...