ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි.
මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya, 2013). අද වන විට මේ කලා නිර්මාණයට IMDb අගය 7.4ක් ලැබී ඇත. එමගින් මේ නිර්මාණය ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇතැයි සිතමි. සමනල සංධ්වනිය ලියැවුනේද ජයන්ත චන්ද්‍රසිරි අතිනි. මෙහි සාර්ථකත්වය සදහා එයද මහත් පිටුවලක් වන්නට ඇත.
යසෝධා විමලධර්ම, උද්ධික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, පුන්සිරි දයාරුවන්, බුද්ධදාස විතානාච්චි, රොජර් සෙනවිරත්න, චතුරිකා පීරිස් වැනි දක්ෂ නළුනිළි කැලකගේ දායකත්වයට උරුමකම් කියන සමනල සංධ්වනිය, ගීතයෙන් ආරම්භ වී ගීතයෙන්ම අවසාන වන තෙක් සුන්දර රූ පෙළක් ගෙනහැර දක්වයි. දර්ශනය ආරම්භ වූ 2013 ඔක්තෝබර් 04 වනදා සිට අද වන තෙක් ජනතා ප්‍රසාදයට පත් මේ කළා කෘතිය මේ ආකාරයෙන් තවත් දිගු කාලයක් සිනමාහල් ආක්‍රමණය කරනු ඇත.
සංගීතාත්මක චිත්‍රපටයක් වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) සංගීතය හදාරණ වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් වූ ඉහළ කලාකාමි අදහස් පිරුණු සංවේදී ළමයා දෙසින් ආරම්භය ගෙන ඔහුගේ ජීවන ගමනට ආදරය හා කළාව බැදීම ගෙනහැරපායි. අහම්බෙන් අතට පත්වන වෙනත් පෙම්වතියකගේ ආදර හසුනක් වාදීෂගේ ජීවිතය ආදරයේ බැදතබයි. පුණ්‍යා නම් වූ වාදීෂට වඩා වැඩිමල් වියේ පසුවූ එම ආදරවන්තිය ලියූ ලියමනට වාදීෂ ආකර්ශනය වේ. කිහිප අවස්ථාවකදීම මෙම ලියමන ලබාදීමට තැත්කලද එය ලබාදීමට නොහැකිවූ තැන එය ඔහුගේම ගීතය බවට පෙරලේ.
“ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...”
මේ ආදර හසුන ඔහුගේ අයියා ගත් පසු මතකයෙන් ඒ හසුන පලාගියද, ඔහුගේ හිතේ තිබූ තෙත්බව, ආදරය ඔහුගෙන් ඈත් වන්නේද නොසිතන අයුරින්. මේ අතර වාරයේ වාදීෂ තමන්ට ප්‍රේම කරන තම මිතුරියට පිළිතුරු දෙන්නටද ගීතය නම් වූ සොදුරු මාධ්‍ය යොදාගන්නවා. ඒ මෙන්න මේ ආකාරයටයි.
“මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……
පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ……
දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්…...”
පාසලෙන් පසු, වසර විස්සක් පුරා නව ගීත, සංගීත ප්‍රදර්ශන ගෙනෙමින් ඔහු ගතකරනුයේ බේබදු චරිතයක්. ආදරය නැති තැන්හි සතුටද පලායයි, ඔහුගේ බිරිය හා දුවණිය මොහුගේ හැසිරීමෙන් දුකට පත්වන ආකාරයත්, නැවත ඒ ආදරය ලැබෙන ආකාරයත් මනාව ගලපා ඇත්තේ ඇසට කඳුළක් එක් කරවමිනි. ඒ උපන්දින සාදය වාදීෂට කිසිදා අමතක නොවනු ඇති. තමන්ගේ අයියගෙන් ලද ඒ තෑග්ග ඔහුට මහා පුදුමයක්. කතාව මේ ආකාරයෙන් ගැලපවූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ සොදුරු මිනිසාට උත්තමාචාරය.
ආදරය කිසිදා වෙනස් නොකල ඒ ගැහැණිය, නමින් පුණ්‍යා වේ. සංගීතය ජීවිතය කරගත් ඒ ශිෂ්‍යයා වාදීෂ නම් වේ. ඔබ නැරඹිය යුතු ඒ කතා පුවත.. සමනල සංධ්වනිය(Samanala Sandhwaniya), ඔබට ජීවිතයත්, ආදරයත් කියාදෙනු ඇත. ඒමන්දයත්,
“පිරිමින්ගේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි.
එහෙත් එය, ස්ත්‍රීන්ට මුළු මහත් ජීවිතයමය.”
අවසන, වාදීෂට සෑම වසරකම මාර්තු 07 වෙනිදා අමතක කලයුතු උවද පුණ්‍යා නම් වූ පෙම්වතියට/ බිරියට එම දිනය ජීවිතයේ වැදාගත්ම දිනය වනු ඇත. ඇය සෑම වසරකම මාර්තු 07 නුවර කුමාරි මල් වත්තේ බංකුවකට වී බලා හිදිනු ඇත……
Ikigasaa Handana Athithayaka
Kadulu akka ganudenu karana
Mata Magema Nowana Magema adarayak thibuna ....
ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
Maage Sihina Madure
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……
Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage
ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ
මේ ආදරයේ කතාවයි. ඔබත් නැරඹිය යුතු ඒ කතාව සමනල සංධ්වනියයි.