මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද. මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. බ්ලොග් එකක් හදන හැටි, ලිපි දාන විදිය ගැන මූලිකව කියල දුන්න ඒ යාලුව නිසා තමයි...