පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

Thursday, August 21, 2014

දෙක පැනලා තුනට යන ගමනෙදි…

මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද. මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. බ්ලොග් එකක් හදන හැටි, ලිපි දාන විදිය ගැන මූලිකව කියල දුන්න ඒ යාලුව නිසා තමයි...

Sunday, August 10, 2014

මඩකළපුවේ සංචාරය – පස්වන/අවසාන දිගහැරුම (Trip to Batticaloa District – Part 5/Last Part)

මඩකළපුවට සංචාරය කලොත් අමතක කරන්න බැරි තැනක් තමයි මඩකලපු ප්‍රදීපාගාරය. 1913 ඉදිකරන ලද මෙය අදවන විට සංචාරක ආකර්ශනය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්වෙලා. අවසරගෙන ඉහළට නගින්නත් පුළුවන් අවශ්‍යනම්. ඒ විධියට ඉහළට ගිහිපු ටිකදෙනෙක් තම නම් ගම් සටහන් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ වගේ වැදගත් ස්ථානයක් එසේ නොකර රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් විධියට සලකන්න ඕන. මීට අමතරව මඩකලපුවේ තවත් සුන්දර වෙරළ තීරයක් කල්ලඩි ප්‍රදේශයෙන් හමුවෙනවා. ඒ කල්ලඩි වෙරළ....

මඩකළපුවේ සංචාරය – සිව්වන දිගහැරුම (Trip to Batticaloa District – Part 4)

මඩකළපුවට සංචාරය කරන්නෙක්ට තවත් වැදගත් ස්ථානයක් තමයි මඩකලපු කොටුව. දැවැන්ත කොටු පවුරකින් වටවෙලා තියෙන මේ බලකොටුව අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් භාවිතා කරනවා. ඒත් ඒ අතීතය සිහිගන්වන කිසිම දෙයක් වෙනස් නොකර තියාගන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා. නිතර නඩත්තු කටයුතු කරමින් නිසිලෙස පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්. ...

මඩකළපුවේ සංචාරය – තෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 3)

කලින් අපි පාසිකුඩා වෙරළ ගැන සහ මහත්මා ගාන්ධි උද්‍යානය ගැන කථා කළා මතක ඇතිනේ. Batticaloa Gate කියන්නේ තවත් ඒ වගේ ස්ථානයක්. මේ ස්ථානයත්  මඩකළපුව නගර මධ්‍යයේ මහත්මා ගාන්ධි උද්‍යානයට යාබදව තමයි පිහිටලා තියෙන්නේ. මුහුද ඔස්සේ ආ ගිය නැව් ගොඩබිමට ලඟා වූ ස්ථානය මේ ආකාරයෙන් පිහිටුවා අව්ති බවයි දැනගන්න ලැබුනේ. පවුන්ඩන් උද්‍යානය පිහිටලා තියෙන්නෙත් මේ Batticaloa Gate එක ලගමයි. ...

Saturday, August 9, 2014

මඩකළපුවේ සංචාරය – දෙවන දිගහැරුම (Trip to Batticaloa District – Part 2)

සුන්දර මඩකළපුව සංචාරකයෙක්ට හමුවන තැනක් තමයි මහත්මා ගාන්ධි උද්‍යානය. මඩකළපුවට නගරය මධ්‍යයේ පිහිටා ඇති මේ ස්ථානය නගරයට ගෙනෙන්නේ අමුතු අලංකාරයක්. මඩකළපුව මහ නගර සභාව විසින් නඩත්තු කරන මෙහි මහත්මා ගාන්ධි පිළිරුවක්, ඉපැරැණි දොඹකරයක් තිබෙනවා. අලංකාර මල් ගස් වලින් උද්‍යානය සරසා ඇති අතර දහවල සූර්ය රශ්මියෙන් මේ භූමිය ඉහළ උෂ්ණත්වයකට පත් වෙනවා. ...

Related Posts Plugin for WordPress, Blogger...