
(රූපය 01)
මේ වින්ඩෝ එකේ වම් පැත්තේ ඉහල කෙලවරේ File මෙනූ එක තියෙනවා. ඒක උඩ Click කරාම පහලට මෙනූ එක දිගාඇරෙනවා. ඒකේ පහලට වෙන්න Back Up කියල තියෙනවා. ඒක උඩ Click කරාම Back Up Company වින්ඩෝ එක ඕපන් වෙනවා. (රූපය 02)
(රූපය 02)
මේ පහලින් තියෙන්නෙ Back Up Company වින්ඩෝ එක. ඒ වින්ඩෝ එකේ දී අපෙන් ප්‍රශ්න කීපයක් අහනවා. අපිට කරන්න තියෙන්නෙ අවශ්‍ය ඒවට හරි ලකුන දාන්න. (රූපය 03)
1. Remind me when I have not backed up in .... day(s) - දවස් කීයෙන් කීය Back Up කිරීම මතක් කල යුතුද යන වග
2. Include company name in the backup file name - Back Up එකේ Company name දානවද? නැද්ද?
3. Include archives in the backup
4. Include attachments in the backup
මේවා තෝරා දුන් පසු Back Up කිරීම කල හැකි වෙනවා.
(රූපය 03)
Back Up එක Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා දිය යුතු වෙනවා. (රූපය 04)
(රූපය 04)
අපට අවශ්‍ය ආකාරයට File Name එක වෙනස් කල හැකියි. Save as type එක ඒ විදියටම තියන්න. හේතුව තමයි Restore කරන විටදි Restore කල හැකි වන්නෙ *.ptb ෆයිල් විතරයි. (රූපය 05)
(රූපය 05)
ඉන්පසු Back Up එක සදහා අවශ්‍ය MB ප්‍රමාණය පෙන්වනවා. එය OK කිරීම මගින් ඉදිරියට යා හැකියි. (රූපය 06)
(රූපය 06)
ඉන්පසු Back Up වීම ආරම්භ වෙනවා. (රූපය 07)
(රූපය 07)
0% සිට 100% දක්වා Back Up වීම සිදු වූ පසු නැවතත් මුල් වින්ඩෝ එක පැමිනෙනවා. (රූපය 08)
(රූපය 08)
ඉදිරි පාඩමින් අපි බලමු කොහොමද Restore කරන්නෙ කියලා. සුභ දවසක් වේවා ඔයාලට.......
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.