පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Peachtree. Show all posts
Showing posts with label Peachtree. Show all posts

Sunday, February 17, 2013

Peachtree Lesson - Video පාඩම් මාලාව #1

කලින් අපි ඉගෙන ගත්ත පාඩම් වල සමහර තැන් තේරුනේ නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඒ පාඩම් ටිකම වීඩියෝ ආධාරයෙන් ඉදිරිපත් කරන්න තීරණය කලා. මේ පාඩමෙන් කියලා දෙන්නේ කලින් කතා කරපු මුල්ම පාඩම් තුන ගැන.

Peachtree Lesson Part 1 - An Introduction to Peachtree & Create a Company/ Peachtree හැදින්වීම සහ නව ගිණුම් සැකසීම
Peachtree Lesson Part 2 - How to create a Backup on Peachtree/ Peachtree මගින් Backup කිරීම
Peachtree Lesson Part 3 - How to Restore Peachtree Backup File/ Backup ෆයිල් නැවත Restore කිරීම

මෙම වීඩියෝ පාඩම විනාඩි 10 තත්පර 10ක් තුල ඉහත පාඩම් තුනම කියලා දෙනවා. හොද නරක කියලා යන්න, ඊලඟ වීඩියෝව හදනකොට ඒක ලොකු උදව්වක් වෙයි.

Thursday, October 25, 2012

Peachtree Lesson Part 16 - Maintain Budget

මේ පාඩමේදි අපි කතා කරන්නේ Peachtree භාවිතයෙන් බජට සාදාගන්නා ආකාරය ගැනයි. මේ සදහා Peachtree හි විශේෂ අවස්තාවක් ලබා දීලා තියෙනවා. මෙම වින්ඩෝව් එක ඕපන් කරගන්න පහල රූපයේ පෙනෙන විදියට යන්න.image

Tuesday, October 23, 2012

Peachtree Lesson Part 15 - Enter Employees/ Sales Reps

අපි දැන් බලන්නේ අලුත් සේවකයෙක් ආවම ඒ සේවකයාගේ තොරතුරු Peachtree පද්ධතියට ඇතුලත් කරන්නේ කොහොමද කියලා.

මුලින්ම Maintain ටැබ් එකේ තියෙන Employees/Sales Reps කියන එක ක්ලික් කරන්න. image

Sunday, October 21, 2012

Peachtree Lesson Part 14 - Enter Vendors Details/ ණයහිමි තොරතුරු වාර්ථා කිරීම

මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයතනය හා සම්බන්ධ ණයහිමියන් ගැන අපි ලග තියෙන දත්ත අපි හදන ලද Peachtree Company එකට එකතු කිරීම. ආයතනයක් පවත්වාගෙන යනකොට අපිට ණය ගැනීම් සිදුකරන්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ණය හිමියන් කියන්නේ ආයතනයේ සම්පතක්. ඒ සම්පත නිසියාකාරව කළමණාකරනය කරන්න නම් නිසියාකාරව වාර්තාකරගෙන ඉන්න ඕන. කලින් පාඩමේ සදහන් කරපු විදියටම මේක කරන්නත් අපි මුලින්ම යන්නේ Maintain ඔස්සේ Vendors වෙතයි. image

Thursday, October 4, 2012

Peachtree Lesson Part 13 - Enter Customer Details/ ණයගැති තොරතුරු වාර්ථා කිරීම

අද බලමු ගණුදෙනුකරුවන් සම්බන්ධ විස්තර වාර්ථා කරන ආකාරය. මෙතනදි අපිත් සමග ගණුදෙනු කරන ගණුදෙනුකරුවන් සම්බන්ධව අවශ්‍යකරන සියලුම තොරතුරු වාර්තාගත කරගන්න පුලුවන් වෙනවා. අවශ්‍යකරන තොරතුරු ලෙස හදුන්වන්නේ නම, ලිපිනය, දුරකථන අංකය, ණය සීමාව යනාදියයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න ඕන. image

Thursday, September 27, 2012

Peachtree Lesson Part 12 - Employee Default Settings

මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 
අද අපි බලමු සේවකයන් ගැන වාර්ථාකරන්න කලින් කරගන්න ඕන වෙනස්කම් මොනවද කියලා. මුලින්ම Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. 

Monday, September 24, 2012

Peachtree Lesson Part 11 - Peachtree Payroll Setup Wizard

මේ Peachtree පාඩමෙන් කතා කරන්නේ Payroll Setup Wizard එක හදාගන්න විදිය ගැනයි. Employeesලා ඉන්න ආයතනයකට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඕනම ආයතනයක සේවකයන් කියන්නේ වැද්ගත් සම්පතක්. ආයතනයේ දියුණුවට සේවකයන්ගෙන් ලැබෙන පිටුවහල විශාලයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්නකෝ. (රූපය 1) 
(රූපය 1) 
Maintain Tab එකට යන්න. ඒකේ පහලින්ම තියෙනවා Default Information කියලා. ඒකෙන් Payroll Setup Wizard ක්ලික් කරලා Payroll Setup Wizard වින්ඩෝව් එක ඕපන් කරගන්න. (රූපය 2)
(රූපය 2)
හොදයි, ඕපන් කරගත්ත Payroll Setup Wizard වින්ඩෝව් එකෙන් ඔයාලට පුලුවන් මොනවද කියලා මුලින්ම කියලා තියෙනවා දකින්න පුලුවන් වෙනවා. Choose Payrall Options, Enter Company Information, Set Up Benefits, Set Up Taxes වගේ දේවල් මේකෙන් කරන්න පුලුවන්. (රූපය 3) 
(රූපය 3)
ඉස්සරහට යනකොට ඔයාලට Compamy Information ඇතුලත් කරන්න වෙනවා. මෙතෙන්දි ඇතුලත් කරන තොරතුරු අපි Company හදනකොට ඇතුලත් කරන ලද ඒවා නෙවෙයි. මෙතෙන්දි අපෙන් අහන්නේ Federal Employer ID, State Employer ID, State, State Unemployment ID, State Unemployment Rate වගේ ඒවා. ලංකාවේ අපිට අදාල වෙන්නේ නැති ඒවත් තියෙනවා. කමක් නෑ, දන්නේ නැති ඒවා එහෙමම තියලා යන්න. ඉහත කරුණු වලට අමතරව තවත් විස්තර අහනවා. ඒවා පිලිබඳ විස්තර තියෙනවා නම් විතරක් විස්තර ඇතුලත් කරන්න. දන්න විස්තර ඇතුලත් කරලා Next ක්ලික් කරන්න. (රූපය 4) 
(රූපය 4) 
ඊලගට තියෙන්නේ Pay Types පුරවන්න. මෙතෙන්දි  Pay Types ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි Hourly. මෙතෙන්දි ගෙවන්නේ පැය ගණන අනුව. GL Account Number එක විදියට අපි මේ ගෙවීම කරාම සටහන් විය යුතු ගිණුම් අංකය තෝරන්න. පැය පදනම මත වුනත් විවිධ රේට තියෙන නිසා ඒ යටතේ Pay Type කියලා කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට පැයකට රුපියල් 100 හා 200 බැගින් වැඩ කරන සේවකයන් ඉන්නවා නම් රුපියල් 100 Pay Type "Regular" යටතේ වෙනම ගිණුමකටත්, රුපියල් 200 Pay Type "Rate3" යටතේ වෙනම ගිණුමකටත්, ඔවුන්ගේ Overtime Pay Type "Overtime" යටතේ වෙනම ගිණුමකටත් ලෙස සකස් කල හැකියි. ඒ විදියටම දෙවැනි එක "Salary" කියලා තියෙනවා. මේකෙදි සේවා ගිවිසුමක් එක්ක වැඩ කරන සේවකයන් සදහා අයත් වෙනවා. එයත් පළමු වර්ගයේ වගේම රේට කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට මාසෙකට රුපියල් 20000,30000,40000 වගේ ගෙවීම් කරන සේවකයන් වෙන වෙනම සටහන් කරන්න පුලුවන්. (රූපය 5) 
(රූපය 5) 
ඉන්පස්සේ තියෙන්නේ Benefits ගැන සටහන් කරන්න. ප්‍රධාන වර්ග පහක් තියෙනවා. Vacation, Sick Time, Insurance Plans, Retirement Plans, Flexible Spending Accounts තමයි ඒ වර්ග පහ. මෙම වර්ග පහම තියෙනවා නම් පහටම හරි දාන්න. මුලින්ම ඔයාලට පේන්න මම පහටම හරි දානවා. ඒත් මම ගන්නේ Vacation, Sick Time, Insurance Plans විතරයි. (රූපය 6,7) 
(රූපය 6,7)
මම පහටම හරි දැම්මේ වෙනස පෙන්වන්න. වම් පැත්තේ Benefits වලට යටින් බලන්න. කරුණු විශාල ප්‍රමාණයක් එනවා. එහෙම වෙන්නේ අපි තෝරන Benefit වර්ග ප්‍රමාණය අනුව. එකක්, දෙකක් තේරුවා නම් මෙයින් ටිකක් තමයි පුරවන්න වෙන්නේ. මුල්ම Benefit එක තමයි Vacation කියන එක. සේවකයෙකුට නිවාඩු දින කීයක් තියෙනවාද කියලා පුරවන්න ඕන. ඒත් දිනකට පැය 8යි කියලා හිතලා පැය ගණනින් තමයි දින ගණන දෙන්න ඕන. දින 10යි නම් පැය 80යි. සේවකයින්ට මෙම පැය ගණන මේ වර්ෂය සදහා පමණයිද, නැත්තම් ඉදිරි වර්ෂයට මේ වර්ෂයේ ඉතුරු පැය ගණන ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්නත් ඕන. ඒ වගේම උපරිම පැය ගණනත් සටහන් කරන්න පුලුවන්. උපරිමයක් නැත්නම් හිස්ව තබන්න පුලුවන්. (රූපය 8)
(රූපය 8)
ඉන්පසුව Sick Time ගැන බලමු. සේවකයෙකුට ලෙඩ නිවාඩු කීයක් වර්ෂයකට හිමි වෙනවාද කියලයි මේකෙන් බලන්නේ. කලින් විදියටම දින ගණන පැය වලින් සහ ඉතිරිය ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්න ඕන. (රූපය 9) 
(රූපය 9) 
දැන් අපි බලමු Insurance Plans ගැන. Insurance Plans ආකාර පහකින් සමන්විතයි. Medical, Dental, Vision, Long-term disability, Short-term disability අයුරින්. ආයතනයේ ඇති ප්‍රතිපත්ති අනුව එම Insurance Plans සම්පූර්ණ කල යුතුයි. (රූපය 10,11,12) 
(රූපය 10,11,12)
අවසානයේදි Summary of Benefits යටතේ ඇතුලත් කල දත්ත බලන්න පුලුවන් වෙනවා. එහි ඇති Add Another Benefit යටතේ තවත් අවශ්‍ය Benefits මෙයට එකතු කරන්න පුලුවන්. (රූපය 13,14)
(රූපය 13,14)
Taxes කොටසේදි Payroll Taxes යටතේ Tax liability acct no සහ Tax expense acct no තෝරන්න ඕන. (රූපය 15)
(රූපය 15)
හොදයි, අවසානයේ ඇති Setup Complete යටතේ Finish ක්ලික් කර මම Wizard එකෙන් ඉවත් වෙන්න පුලුවන්. (රූපය 16) 
(රූපය 16)


මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 


Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

Tuesday, September 18, 2012

File Menu සහ Shortcut ගැන හැමදෙයක්ම දැනගමු. (Peachtree)

Peachtree සොෆ්ට්වෙයාර් එකේ File Menu එක ගැනැයි මේ පාඩමෙන් කථාකරන්නෙ. මේ පාඩම අනිත් පාඩම් සියල්ල හා සම්බන්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ පහසුවට Menu එක කොටස් වලට බෙදාගමු. File Menu එක කොටස් 9කට බෙදාගන්න පුලුවන්. 1st Part, 2nd Part, 3rd Part... ලෙස බෙදලා තියෙන්නේ ඉදිරි පාඩම් වල පහසුවට. 
කලින් කිවුව වගේම මේ පාඩමෙන් කරන්නේ මේ එක එකක ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යනය කිරීමයි.

උදාහරණ: Open Company වල කාර්යභාරය බැලීමට නම්, පහලින් ටයිප් කරලා තියෙන 1st Part>>Open Company මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම් ඒ ස්ථානයට ඔයාලට යන්න පුලුවන්. Setup Guide වෙත යන්න නම් 2nd Part>>Setup Guide මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම්  Setup Guide වෙත ඔයාලට යන්න පුලුවන්. 

ඒ වගේම ප්‍රධාන Menu එකෙන් විහිදෙන Sub-Menu තියෙනවා නම් ඒ ගැනත් පහලින් කතාකරනවා, ඒ හැම එකකම රූපසටහන් පහලින් පෙන්නලා ඇති. තවත් විශේෂත්වයක් තමයි අදාල වන Shortcut එකක් තියෙනවා නම් ඒකත් දක්වලා ඇති. 

Peachtree Lesson Part 10 - Vendors Default Settings

අපි ගණුදෙනු කරනකොට ණයට ගන්නත් වෙනවනෙ. හැමදාම ආයතනයේ මුදල් ප්‍රවාහ එකම විදියට නෑනේ. ඒ හින්දා අපිට ණයහිමියනුත් ගොඩාක් වැදගත් වෙනවා.. ඉතින් අද කියන්න යන්නේ ණය හිමියන්ගේ තොරතුරු ලේසියෙන් සටහන් කරන්න නම් අපි මොනවද කරන්න ඕන කියලයි. කලින් පාඩමේදි අපි කථා කරේ ණයගැති තොරතුරු ලේසියෙන් සටහන් කරන්නේ කොහොමද කියලනෙ... Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන පහලින් මම කියන දත්ත ඇතුලත් කරගන්නකෝ.. (රූපය 01)
(රූපය 01)

Monday, September 17, 2012

Peachtree සිංහලෙන් පළමු කොටස පොතක් ලෙසින්....

Peachtree සිංහලෙන් - පළමු කොටස
මෙතෙක් කාලයක් ඉදිරිපත් කරන ලද කරුණු සියල්ලම එක් කර ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පාඩම් 09ක් නිකුත් කර තියෙන නිසා මේ තීරණේ ගත්තේ. පුලුවන් ඉක්මනටම ඔයාලට මේක දෙන්න කටයුතු කරන්නම්කෝ... 

Friday, September 14, 2012

Peachtree Lesson Part 9 - Customers Default Settings

තමන්ගේ වෙලෙදසැලේ ගණුදෙනුකරුවෝ ටික එකම විදියකට තියාගන්න පුලුවන් නම් කොච්චර හොදද.. එහෙම වුනොත් අපට පුලුවන් වෙනවා ගණුදෙනුකරුගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරලා දෙන්න. එයාලා කියන පරක්කුවට බිල් එක හදලා ගෙවන්න ඕන ගාන හරියටම කියනවනම්, නිතර එන ගණුදෙනුකරුවන්ට වට්ටමක් දෙනවනම්, ගණුදනුකරුවෙක් එක් වරක් ආ විට එම ගණුදෙනුකරුගේ සියලුම අවශ්‍ය විස්තර පි ලග තියෙනවා නම් ගණුදනුකරු සතුටට පත්වනු නිසැකයි. ඒ වගේම ණයට අරගෙන ණය පරක්කු වෙනවද කිය කිය ඇගිලි ගනින්න වගේම පරක්කු වුන ණය වලට පොඩි පොලියකුත් අය කරගන්න පුලුවන් නම් වෙලෙදසැල්හිමියාත් සතුටට පත් වේවි. ඒත් කොහොමද මෙ හැම දෙයක්ම කරන්නේ. මෙ හැම දෙයක්ම හරිම පහසුයි. Peachtree සොෆ්ට්වෙයාර් එකෙන් මේ හැම දෙයක්ම ලේසියෙන් කරලම දෙනවා. ඒ සදහා මුලින් පොඩි වෙනස් කම් කිහිපයක් කලාම හරි.

අද අපි මේ කතා කරන්න හදන්නේ Customersලාගෙ Default Information Add කරන විදිය ගැනයි. ඒ සදහා අපි මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න ඕන. (රූපය 01) 

(රූපය 01)

Wednesday, September 12, 2012

Peachtree Lesson Part 8 - Add new Users & Create a Password for Peachtree

අද අපි බලමු අලුතින් User කෙනෙක්ට අපේ Peachtree සොෆ්ට්වෙයාර් එකේ දත්ත ඇතුලත් කිරීමේ අවස්ථාව ලබා දෙන ආකාරය. සෑම වෙලාවකම එක් අයෙක් දත්ත ඇතුලත් කරනව නම් මෙය අවශ්‍ය වන්නේ නෑ. නමුත් බොහෝ විට දත්ත ඇතුලත් කිරීමේ කාර්යය සදහා එක් අයෙකුට වැඩි පිරිසකට අවසර දෙන නිසා මෙය වැදගත් වෙනවා. මෙහිදී පලමුව Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. (රූපය 01)

(රූපය 01)

Tuesday, September 11, 2012

Peachtree Lesson Part 7 - Chart of Accounts/ ගිණුම් සෑදීම

Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනා. ඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලා. නමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයි. ඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියා. පුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්

අද කියන්න යන්නේ Peachtree Accounts වලින් ගිණුම් තියන්නෙ කොහොමද කියලා. අපි බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. මුලින්ම Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉමු. (රූපය 01)
 (රූපය 01)

Monday, September 3, 2012

Peachtree Lesson Part 6 - How to Open Previous Company on Peachtree & Automatic Backup on Peachtree

අද අපි කතා කරන්නේ , අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන විදියත්, Automatic Back Up වලින් වැඩ කරන හැටිත්. මුලින්ම බලමු කොහොමද අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන්නේ කියලා. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න. (රූපය 1) 
(රූපය 1) 

ලඟදීම.......

Microsoft Office 2013
  Word 2013
  Powerpoint 2013
  Excel 2013

Peachtree 2010 
  Open previous company and Automatic backup
  Accounts, GL Default, Segments
  Add New User
  Default Information - Customer
  Default Information - Vendors
  Default Information - Payroll Setup Wizard
  Default Information - Employees


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short. 
අපේ Facebook Group එක : Share your knowledge. It is a way to achieve immortality.
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

Saturday, September 1, 2012

Peachtree Lesson Part 5 - Peachtree Setup Guide

අද කියන්න යන්නෙ Setup Guide සමඟ ලේසියෙන් වැඩ කරන විදිය. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කරගන්නකොටම  Setup Guide  එක ඕපන් වෙනවා. එහෙම නැති නම්  Setup Guide  එක ඕපන් කරගන්න වෙන්නෙ File මෙනු එකේ  Setup Guide  ක්ලික් කරලා. ඕනම වෙලාවක  Setup Guide  එක ගන්න මේ විදියට පුලුවන්. (රූපය 01 සහ 02) 

(රූපය 01) 

Tuesday, August 28, 2012

Peachtree Lesson Part 4 - How to Change Peachtree Default Shortcuts

අපි අද බලමු කොහොමද Peachtree වල තියෙන Default Shortcuts වෙනස් කරගන්නෙ කියලා. Shortcuts තියෙන්නේ වින්ඩෝව් එකේ වම් පැත්තෙ මැදට වෙන්න. මේව තිබුනාම අපිට වැඩ කරගෙන යන්න ගොඩක් ලේසි වෙනවා. Shortcuts වෙනස් කරගන්න ඕන පිලිවෙල රූප සටහන් එක්කම පහලින් මම කියල දෙන්නම්. ඒකත් එච්චර අමාරුවක් නෑ. 

Monday, August 27, 2012

Peachtree Lesson Part 3 - How to Restore Peachtree Backup File/ Backup ෆයිල් නැවත Restore කිරීම

මේ කථා කරන්නෙ Peachtree තුන් වෙනි පාඩම ගැන. කලින් පාඩම් මතකයිනෙ. එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 , Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
දැන් කියන්න යන්නෙ Peachtree වල Back Up කරන ලද File එක Restore කරන විදිය. මේකත් ගොඩක් වැදගත් වෙනවා. අපි තැන් කිහිපයක පරිඝනක කිහිපයක වැඩ කරනව නම් Back Up අරගෙන වෙනත් පරිඝනකයක Restore කරන්න වෙනවනෙ. මෙතෙන්දි අපිට Restore කරන්න පුලුවන් වෙන්නෙ *.ptb ෆයිල්  Type එක විතරයි. පොඩි පියවර කිහිපයකින් පුලුවන්. පලමුව Peachtree සොෆ්ට්වයාර් එක ඕපන් කරගන්න ඕන.

Sunday, August 26, 2012

Peachtree Lesson Part 2 - How to create a Backup on Peachtree/ Peachtree මගින් Backup කිරීම

පලවෙනි පාඩමෙන් කථා කරේ Peachtree වලින් අලුත් එකවුන්ට් එකක් හදාගන්න විදිය. මේ පාඩමෙන් අපි බලමු Peachtree සොෆ්ට්වෙයාර් එක Back Up කරගන්නේ කොහොමද කියලා. ඒ සදහා අපි Peachtree සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඉන්න ඕන. Back Up කිරීමක් මගින් අපිට පුලුවන් වෙනව නැවතත් අවශ්‍ය වෙලාවක කලින් හදපු ෆයිල් වලින් වැඩ කරන්න. ඕනම තැනකට ගෙනියන්න පුලුවන් වෙන්නෙත් මේ Back Up ෆයිල් එක තමයි. Back Up ෆයිල් එක කොපි කරගෙන ගිහින් Peachtree සොෆ්ට්වෙයාර් එක තියෙන ඕනම පී.සී. එකක ලෝඩ් කරගන්න පුලුවන්. අපි වැඩ කරන ෆයිල් වල දෝෂයක් මතුවුනොත් මේ  Backup ෆයිල් එක භාවිතා කරන්නත් පුලුවන් වෙනවා. Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම මේ පහලින් තියෙන විදියට පේනව. (රූපය 01)

Wednesday, August 22, 2012

Peachtree Lesson Part 1 - An Introduction to Peachtree & Create a Company/ Peachtree හැදින්වීම සහ නව ගිණුම් සැකසීම

මම මුලින්ම කියන්න යන්නෙ Peachtree 2010 Package එක ගැන තමයි.
(රූපය 01)  

Peachtree 2010 කියන්නෙ ගිනුම්කරණ මෘදුකා0ගයක්. ගිණුම් කටයුතු ලේසියෙන් කරගෙන යන්න අපිට මේ මෘදුකන්ගයෙන් ලොකු සහයොගයක් ලැබෙනවා. ඉතින් මම හිතුවා ඒකෙන් වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්න. ලේසි වෙන්නත් එක්ක ස්ක්‍රීන් ශොට් ටිකකුත් දාන්නම්. ඒ නිසා පෝස්ට් එක ටිකක් දිගයි.

Related Posts Plugin for WordPress, Blogger...