Wednesday, August 22, 2012

මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා

ගුරුතුමිය : හොදයි කියන්න බලන්න ඔය ළමයි අනාගතයෙ  කවුරු වෙන්නද කැමැති කියලා?
සිරිපාල : මම නම් ටීච කඩයක් දා ගන්නව ඉස්කෝලෙ ඉස්සරහ
ගුනපාල : මම පයිලට් කෙනෙක් වෙලා අහසෙ රවුන් ගහනව
ඥානපාල : මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා
ගුරුතුමිය : මොකක්ද ඥානපාල? මම අහුවෙ ඔයා අනාගතයෙ කවුරු වෙන්නද කැමැති කියලා?
ඥානපාල : මම වෘර්තීමය වශයෙන් නිදාගන්නවා

ගුරුතුමිය : විකාර නොකර හරි උත්තරයක් දෙනවා
ඥානපාල : ඒ කිවුවෙ ටීච මමත්  කැම්පස් යනව කියලා
ගුරුතුමිය : ඒක මිසක්. ඒ....ඒත් කොහොමද වෘර්තීමය වශයෙන් නිදාගන්නේ?
ඥානපාල : මෙහෙමනෙ ටීච... අපේ අක්කා ඥානවතී කැම්පස් ගිහින් දැන් අවුරුදු 8ක් වෙනවා. තාම කැම්පස් එකේ දෙක වසරේ.
ගුරුතුමිය : ඊට පස්සෙ?
ඥානපාල : එයා දැන් ගෙදර ඇවිත් මාස 3ක් විතර කැම්පස් ගියෙ නෑ. එයා කියන්නෙ නම් එයාගෙ ජොබ් එක ඒකලු. ඉතින් ටීච ඒක හරි ලේසි ජොබ් එකනේ. කිසි වැඩක් නෑ..
කනවා.... බොනවා.... නිදාගන්නව.... 


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...