Monday, August 27, 2012

Peachtree Lesson Part 3 - How to Restore Peachtree Backup File/ Backup ෆයිල් නැවත Restore කිරීම

මේ කථා කරන්නෙ Peachtree තුන් වෙනි පාඩම ගැන. කලින් පාඩම් මතකයිනෙ. එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01 , Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
දැන් කියන්න යන්නෙ Peachtree වල Back Up කරන ලද File එක Restore කරන විදිය. මේකත් ගොඩක් වැදගත් වෙනවා. අපි තැන් කිහිපයක පරිඝනක කිහිපයක වැඩ කරනව නම් Back Up අරගෙන වෙනත් පරිඝනකයක Restore කරන්න වෙනවනෙ. මෙතෙන්දි අපිට Restore කරන්න පුලුවන් වෙන්නෙ *.ptb ෆයිල්  Type එක විතරයි. පොඩි පියවර කිහිපයකින් පුලුවන්. පලමුව Peachtree සොෆ්ට්වයාර් එක ඕපන් කරගන්න ඕන.

එතකොට රූපය 01 ආකාරයට වින්ඩෝව් එකක් ඕපන් වෙනවනෙ.  
(රූපය 01)

ඉන් පස්සේ File මෙනූ එකේ Restore Click කරන්න. එහෙම නැත්තම් Ctrl+r වලින් ලේසියෙන් පුලුවන්. (රූපය 02)
(රූපය 02)

ඊලඟට Back Up කරන්න හිතන  Back Up File එක Select කරන්න කියනව. මෙතෙන්දි හරිම Back Up File එක Select කරන්න. ඒ හින්දා Back Up කරන ස්ථානය හරියටම මතක තියාගන්න වෙනවා. (රූපය 03)
(රූපය 03)

Back Up File එක Select කරලා OPEN කරන්න. ඉන්පස්සෙ Next Click කරන්න. (රූපය 04)
(රූපය 04)

Select Company වින්ඩෝව් එක ඕපන් වෙනවා. මෙතෙන්දි Option 2ක් තියෙනවා තෝරන්න. පලවෙනි එක An Existing Company. දෙවැනි එක A New Company. මේ Option 2න් A New Company තෝරන්න. An Existing Company තේරුවත් කමක් නෑ. මෙතෙන්දි වෙන්නේ An Existing Company තේරුවොත් Restore වෙන Back Up File එක Existing Company Folder එකට Restore වෙනව. A New Company තේරුවොත් Restore වෙන Back Up File එක New Company එකකට Restore වෙනව. ඉන්පස්සෙ Next Click කරන්න. (රූපය 05)
(රූපය 05)

ඊලගට Restore Options තෝරන්න වෙනවා. Options 3ක් තියෙනවා. 
1. Company Data - Company Data ටික Restore කරනව නම් මෙතන හරි ලකුණ දාන්න වෙනවා. 
2. Customize Forms - කලින් Customize කරපු Forms ටික Restore කරනව නම් මෙතන හරි ලකුණ දාන්න වෙනවා. 
3. Web Transactions - අවශ්‍ය අවස්ථාවන් වලදී පමනක් මෙයත් භාවිතා කරන්න පුලුවන්. 
මෙම අවස්ථා තුනම වුනත් එකට භාවිතා කරන්න පුලුවන්. (රූපය 06)
(රූපය 06)

ඊලගට එන Confirmation වින්ඩෝව් එකේ හැම දෙයක්ම හරි නම් Finish Click කරන්න. Back ගිහින් හදන්නත් පුලුවන් අවශ්‍ය නම්. (රූපය 07)
(රූපය 07)

Finish Click කරාම Company Back Up ටික Restore වෙනවා (රූපය 08)
(රූපය 08)

ඉන් පස්සේ සුපුරුදු විදියට වැඩ කරන්න ගන්න. (රූපය 08)
(රූපය 08)

මේ විදියට ඕනම Back Up File එකක් Restore කරන්න පුලුවන්. 

ඊලඟ පාඩමෙන් Default  Peachtree Shortcut ටික වෙනස් කරන විදිය බලමු. ඔයාලට සුභ දිනයක් වේවා....!            


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...