Tuesday, August 28, 2012

හිරවෙන්නේ නැතිවෙන්න Photoshop වල Speed එක වැඩි කරගමුද?

මේ කියන්න යන්නේ Photoshop වලින් වැඩ කරන වෙලාවට වේගෙන් වැඩ කරන විදියක් ගැන. මේකට අපි වෙන කිසිදු සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නෑ. ඒ හිහ්දා අතුරු ආබාධ මුකුත් නෑ. පොඩි වෙනස් කම් කිහිපයක් පමනයි කරන්න තියෙන්නේ.
මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. Photoshop ඕනම Version එකක් එක්ක වැඩ. (රූපය 01) 
(රූපය 01) 

ඊලගට Edit Menu එකේ පහලට යන්න. පහලින්ම ඇති Preferences කියලා. ඒකේ තියෙනවා Performance කියලා. ඒක උඩ ක්ලික් කරන්න. (රූපය 02) 
(රූපය 02)

එතකොට පහලින් තියෙන Preferences වින්ඩෝව් එකේ Performance ටැබ් එක ඕපන් වෙනවා. (රූපය 03) ඒ වින්ඩෝව් එකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒවා තමයි... 
                     1. Memory Usage 
                     2. History & Cache
                     3. Scratch Disks
                     4. Graphics Processor Settings
(රූපය 03)

1. Memory Usage 
මේක 85% ක් විතර වෙනකම් වැඩි කරගන්න. කැමති නම් 100% ටම වුනත් කමක් නෑ. (රූපය 04)
(රූපය 04)

2. History & Cache
මේකේ ප්‍රධාන කොටස් 2යි History States සහ Cache Levels කියලා History States 50ක් විතර කරගන්න. Cache Levels 6ක් විතර කරගන්න (රූපය 05)
(රූපය 05)

3. Scratch Disks
Scratch Disks විදියට වැඩිපුර ඉඩ තියෙන Disks හරි ලකුන දමා උඩට ඉහලින්ම තියන්න. අනිත් ඒවයේ හරි ලකුන අයින් කරන්න. මෙහෙයුම් පද්ධතිය තෝරන්නෙ නැති තරමට හොදයි. (රූපය 06)
(රූපය 06)

4. Graphics Processor Settings
මේකත් අපිට වැදගත් වෙනවා. හරි ලකුන දාලා තියන්න. (රූපය 07)
(රූපය 07)

ඉන්පස්සේ OK කරලා Photoshop සොෆ්ට්වෙයාර් එක Restart කරලා වැඩ කරලා බලන්න. 

වැඩේ හරිනම් අනිත් අයට බලන්න Share කරන්න. 


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...