3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය ආළාහණ පරිවෙන ව්‍යපෘතිය මගින් ගවේෂණ හා කැණීම්වලින් රැස් කරන ලද කෞතුක වස්තූන් මෙහි තැන්පත් කර ඇත. 1998 ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මකවේ. පොළොන්නරුව පැරැණි නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් පොළොන්නරුව අවධිය පිළිබඳව පර්යේෂණාත්මක, විස්තෘත දැනුමක්, නවීන තාක්ෂණික දැනුම උපරිම අයුරින් උපයෝගී කරගෙන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශන කුටි සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා විස්තර පුවරු යොදාගෙන සකස් කර ඇත. ප්‍රදර්ශන ඒකක 07ක් ඔස්සේ කෞතුකාගාරය සැලසුම් කර තිබේ. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පරාක්‍රම සමුද්‍රය ඇල සමීපයේ තානායමට නුදුරිනි. කලින් දැනුම් දීමෙන් මාර්ගෝපදේශ සේවාවන් ලබාගත හැක. ඇතුල්වීමට රු.150ක ප්‍රවේශපත්‍රයක් ගතයුතු වෙනවා. ඒත් විදේශිකයන් සදහා ඒ මුදල රු.3250ක් වෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය
ආළාහණ පරිවෙන ව්‍යපෘතිය,
පොළොන්නරුව.
දුරකථන: 027 2224850
ෆැක්ස්: 027 2222121
4. දීප උයන, නිශ්ශංකමල්ල රාජ සභාව
දීප උයනේ පිහිටි නිශ්ශංකමල්ල රජතුමා ඉදිකල ගොඩනැගිලි අතර සුවිශේෂ වනුයේ රජුගේ රාජ සභාවයි. එහි සුවිශේෂ වටිනාකම වනුයේ රාජ්‍ය නිලධාරීන් ඒ තුළ අසුන් ගන්නා අනු පිළිවෙළ ගල් කණු පාමුල සටහන් කර ඇති හෙයිනි. ගොඩනැගිල්ලේ ඇතුළු කෙළවර පිහිටි සිංහරුව රජු වැඩ සිටී වීර සිංහාසනය බව සදහන් වේ. රාජ සභාව තුන් තලයකින් යුතුය. පිටත බිත්ති සිංහ හා ඇත් රූප වලින් අලංකාර කර ඇත. වේදිකාව මත ගල්කණු පේලි 4කි. ගල් කණු 12කින් එක පේලියක් සමන්විත වේ. දිගින් අඩි 133ක් සහ පළලින් අඩි 63ක් වේ.
5. ධවලාඝරය
නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාව අසල පිහිටි මේ ගොඩනැගිල්ල මෙතෙක් නිශ්චිතවම හදුනාගෙන නොමැත. ඇතැම් විට මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකල ධවලාඝරය විය හැකිය. පිටත බිත්තිවල සුදු හුණු කපරාරු කර ඇත. මෙය මහා මේරුව තැන්පත් කිරීම සදහා කළ විශ්ව කෝෂයක් බවටත්, යම් රාජකීයකුගේ සුසානයක් බවටත් අදහස් ඉදිරිපත් වී තිබේ.
6. නිශ්ශංකමල්ල මාලිගය
රාජ සභාවට දකුණින් නිශ්ශංකමල්ල රජතුමා ඉදිකළ මාලිගාව හමුවේ. විශාල ශාලාවකින් හා එක් කාමරයකින් යුක්තය. දෙමහල් පායක් විය හැක. ඉහල මාලයට පිවිසීමට කරන ලද පියගැටවෙල පසෙකින් වේ.
7. වසන්ත මාලිගාව
රාජ සභාවට යාව සමුද්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ල රජුගේ වසන්ත මාලිගය ලෙස සැලකේ. ඒ තුළ ඉද ගැනීමට කල ස්ථානයකි.
8. නිශ්ශංකමල්ල නාන පොකුණ
නිශ්ශංකමල්ල රජුගේ නාන පොකුණ ප්‍රධාන සොරොව්ව ආසන්නයේ පිහිටා ඇත. භූගත නල භාවිතා කර සමුද්‍රයේ සිට ජලය ගෙන ඇත. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානයද ඒ අසල වේ.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.