පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Sri Lanka. Show all posts
Showing posts with label Sri Lanka. Show all posts

Tuesday, July 15, 2014

මඩකළපු දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Batticaloa District

250px-Batticaloa_district.svgනැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්කයක් වන  මඩකළපුව දිස්ත්‍රික්කය, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට මැදිව පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 2854ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති මඩකළපුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර දෙමළ හා සිංහල ප්‍රධාන භාෂාව වේ. මඩකළපු දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 346ක එකතුවකින් සැදුම් ලද්දකි.

2012 වර්ෂයේ මඩකළපු දිස්ත්‍රික්කයයේ සමස්ථ ජනගහනය 525,142 ක් වන අතර ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනය අතරින් 17වන ස්ථානයේ සිටී.

සංචාරක කර්මාන්තයේ දියුණුවත් සමඟ පිබිදෙන මඩකළපු දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

මඩකළපුව දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. පාසිකුඩා මුහුදු තීරය

2. මහත්මා ගාන්ධි උද්‍යානය

3. මඩකළපු පිවිසුම - Batticaloa Gate

4. Fountain Park

5. මඩකළපු කොටුව

6. මඩකළපුව ප්‍රදීපාගාරය

7. කල්ලඩි මුහුදු තීරය

Sunday, April 13, 2014

පොළොන්නරුවේ සංචාරය - එකළොස්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 11)

41. මැදිරිගිරිය වටදාගෙය

පොළොන්නරුවේ සිට කිලෝමීටර් 25ක් පමණ ඈතින් පිහිටා තිබෙන මැදිරිගිරියේ වටදාගෙය තවත් එක් වටිනා කළා කෘතියකි. මැදිරිගිරිය වටදාගෙය වාස්තු විද්‍යාත්මකව සලකා බලන කල අගනා මාණික්‍යයක් බදු බව බෙල් මහතා පවසා ඇත. මැදිරිගිරිය වටදාගෙය ගල් තලාවක් මත පිහිටි නිසා සම බිම් වල පිහිටි අන් වටදාගෙවල් වලට වඩා තේජස්වී ගතියකින් යුක්ත වේ.

717379215181929

366770

42. පොළොන්නරු සෝමාවතිය

පොළොන්නරුව රෝහල හන්දියේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් පිහිටි මින්විල්ලු ග්‍රාමයේ පිහිටා ඇත. කාලයාගේ ඇවෑමෙන් හට ගත් භූමිකම්පාවකින් හෝ දරුණු ජල ගැලීමකින් මහවැලි ගංගා මග වෙනස් වී සෝමාවතී ස්තූපය පිහිටි බිම් පෙදෙස විල්ලු ප්‍රදේශයක් බවට පත්වීම නිසා සෝමාවතිය ගැන එතරම් අවදානයට ලක් නොවූ බව පෙනේ. නැවත සොයා ගත්තේ 1947දී සිරිමල් වත්තේ පියරතන නායක හිමියන් විසිනි. 1987 ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් පුදබිම පාළු වී ගියද 2002 යළි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසු පුදබිම වන්දනාකරුවන්ගෙන් පිරී පවතී. වර්තමානයේ පුදබිම වෙත ඇති මාර්ගයද ගංවතුරට ඔරොත්තු දෙන ලෙස නිම වෙමින් පවතී.

1659397105108110114119120127131134139142

පොළොන්නරුව දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Polonnaruwa District

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටා ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කය අතීතයේ පුලස්තිපුර යන නමින් හැදින්විණ. අතීත රාජධානියක් වූ පොළොන්නරුව එහි ඇති පෞරාණික නටබුන් හේතුවෙන් ප්‍රසිද්ධ වී ඇත. භූමි භාගය වර්ග කිලෝමීටර් 3293කි. 400000කට අධික ජනගහනයක් ජීවත් වන මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ජීවන රටාවක් දැකිය හැක.

කොළඹ ඉදලා කිලෝමීටර් 225ක් දුරින් පිහිටා ඇති නිසා දකුණු පළාතේ ඉදලා ලගාවීම ටිකක් දුශ්කර ගමනක්. වඩාත්ම සුදුසු මාර්ගය දුම්රිය භාවිතය. කොළඹ ඉදලා සෑම දිනකම දුම්රිය දෙකක් ධාවනය වෙනවා. එකක් උදේ 6.05ට වගේම අනික රාත්‍රී 7.15ට. මේ දුම්රිය දෙකින් රාත්‍රී දුම්රිය වඩාත් සුදුසුයි. ගමනේ විඩාව වැඩිය දැනෙන එකක් නෑ රෑ දුම්රියෙන් යන ගමනෙදි. රෑ දුම්රියේ නම පාඨලී. ඒ දුම්රිය අළුයම 1.34ට පොළොවට ලගා වෙන්න නියමිතයි. දුම්රිය මගීන්ගෙන් පිරෙනවා කොටුව දුම්රිය ස්ථානයෙදිම. ඒ නිසා කලින් ආසන වෙන්කරගන්න එක විශාල පහසුවක්. දුම්රිය තුන්වන පන්තියේ මෙන්ම දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විතයි. දැනට නම් පළමු පන්තියේ මැදිරි භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම කලින් වෙන්කරගන්න ගියොත් ගාන ටිකක් වෙනස් වෙයි. සම්පූර්ණ ගමනකට දින දෙකක්වත් ඇවිදින්න වෙනවා. ඒ නිසා යන්න එන්නත් එක්කම දවස් තුනක්වත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. වැදගත්මදේ තමයි පොළොන්නරුව දුම්රිය ස්ථානයේම නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන් වීම. රුපියල් 900කට වගේ ඉදලා කාමර වෙන් කරගන්න හැකියාව තියෙනවා. +940272222271 අංකයෙන් පොළොන්නරුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇමතීමෙන් වැඩි විස්තර ගන්න පුළුවන් වේවි. කෑම බීම වගේම ගමන් කරන්න වාහන සාධාරණ ගානකට හොයාගන්න පුළුවන් නිසා ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.

පොළොන්නරුවේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

පොළොන්නරුවට චාරිකාවක්, Polonnaruwa Travel Guide, Visit in Polonnaruwa, Places to visit in Polonnaruwa, Our trip to Polonnaruwa, Trip to Polonnaruwa, PolonnaruwaTrip Advisor

1. පොත් ගුල් වෙහෙර

2. පොත්ගුල් වෙහෙර ශෛල ප්‍රතිමාව

3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය

4. දීප උයන, නිශ්ශංකමල්ල රාජ සභාව

5. ධවලාඝරය

6. නිශ්ශංකමල්ල මාලිගය

7. වසන්ත මාලිගාව

8. නිශ්ශංකමල්ල නාන පොකුණ

9. පොළොන්නරුව පරාක්‍රමබාහු සමුද්‍රය

10. පොළොන්නරුවේ නවාතැන්පොළවල්

11. පැරකුම්බා රාජ මාලිගය හෙවත් විජයොත් පාය

12. පැරකුම්බා රාජ සභාව

13. කුමාර පොකුණ

14. ශිව දේවාලය - අංක 01

15. ථූපාරාමය

16. නිශ්ශංකලතා මණ්ඩපය

17. බෝසත් ප්‍රතිමාව

18. අටදාගේ

19. හැටදාගේ

20. වටදාගෙය

21. ගල්පොත

22. සත්මහල් පාය

23. පබළු වෙහෙර

24. ශිව දේවාලය අංක 02

25. උතුරු දොරටුව

26. මැණික් වෙහෙර

27. රන්කොත් වෙහෙර

28. පැරණි රෝහල

29. ගෝපාල පබ්බතය

30. බද්ධසීමා ප්‍රසාදය

31. කුඩා ගල් විහාරය

32. ලංකාතිලක විහාරය

33. හේවිසි මණ්ඩපය

34. කිරි වෙහෙර

35. ගල් විහාරය නොහොත් උත්තරාරාමය

36. දෙමළ මහා සෑය

37. නෙළුම් පොකුණ

38. තිවංක පිළිම ගෙය

39. විශ්ණු දේවාලය

40. ගණපති දේවාලය

41. මැදිරිගිරිය වටදාගෙය

42. පොළොන්නරු සෝමාවතිය

43. දිඹුලාගල රජ මහා විහාරය

44. පුල්ලිගොඩ ගල්ගේ සිතුවම්

45. නාමල් උයන පුරාවස්තු

පොළොන්නරුවේ ඡායාරූප 1400ක් බලන්න පහලින් එක්වන්න.

පළමු කොටස

දෙවන කොටස

Saturday, April 12, 2014

පොළොන්නරුවේ සංචාරය - දසවැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 10)

36. දෙමළ මහා සෑය

පොළොන්නරුවෙන් හමුවන විශාලතම ස්තූපයයි. පැරකුම්බා රජු පාණ්ඩ්‍ය දේශයෙන් ගෙන ආ ද්‍රවිඩ සිරකරුවන් ලවා ඉදිකළ නිසා දෙමළ මහා සෑය වශයෙන් හැදින්වේ. මහල් දෙකකින් යුක්තව නිමවා ඇත.

253250251252

37. නෙළුම් පොකුණ

විශ්කම්භය අඩි 24ක් පමණ වූ කදිම නිමාවකින් යුතු නෙළුම් පොකුණ ශෙල්‍යමය කාව්‍යයක් ලෙස විචාරකයන් දක්වයි. නෙළුම් පොකුණ ජේතවන විහාර සංකීර්ණයට අයත් පොකුණු අටෙන් එකකි.

260254255259

38. තිවංක පිළිම ගෙය

මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ ජේතවනාරාම සංකීර්ණයට අයත් පිළිම ගෙයයි. එය තිවංක පිළිම ගෙය වශයෙන් හදුන්වන්නේ දණ, උකුළ හා උරහිස යන තුන් තැනින් නැමුණු ආකාරයට නෙළා එති හෙයිනි.

299281283285289

39. විශ්ණු දේවාලය

379377378380

40. ගණපති දේවාලය

383381382

Monday, April 7, 2014

පොළොන්නරුවේ සංචාරය - සත්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 7)

23. පබළු වෙහෙර

පබළු වෙහෙර පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙය දෙමහල් ස්තූපයකි. ඉහළ මාලයට නැගීමට කළ පියගැට පෙළ පාමුල කොරවක් ගල, සදකඩ පහණ ආදිය දැකිය හැක. මළුව ගල් අල්ලා සකස් කොට නැත. දාගැබ වටා පිළිම ගෙවල් හා මලසුන් ගෙවල් දැකිය හැක. දාගැබට දකුණු පසින් හමුවන සමාධි පිළිමය උසස් නිර්මාණයක් සේ සැලකේ.

740741726730731735738

24. ශිව දේවාලය අංක 02

දක්ෂිණ ඉන්දියා වාස්තු විද්‍යා ලක්ෂණ වලින් නිමවා තිබූ අංක 02 ශිව දේවාලය රාජ රාජ රජුගේ බිසව වූ වාණවණ් මා දේවි ඊශ්වරම් සිහි ගැන්වීම සදහා එතුමාගේ පුත් රාජේන්ද්‍ර රජු විසින් කළ බව බිත්තියේ ඇති සෙල්ලිපියේ සදහන් වේ.

760748749755756757

25. උතුරු දොරටුව

376373375

26. මැණික් වෙහෙර

පොළොන්නරුවේ හමුවන පැරණිම ස්තූපය මැණික් වෙහෙර ලෙස සැලකේ. දාගැබ ඉදිකර ඇත්තේ ගඩොලින් කළ වේදිකාවක් මතයි. දාගැබට පිවිසීම සදහා කළ පියගැට පෙළකි. එහි පාමුළ හමුවන ගල් උළුවස්ස අගනා නිර්මාණයකි. වේදිකාව වටා උස් බිත්තියක් වේ. ඒ මධ්‍යයේ ස්තූපය ගොඩනගා ඇත.

P1130945P1130936P1130937P1130939P1130941

27. රන්කොත් වෙහෙර

ලේඛන අනුව රන්කොත් වෙහෙරේ නාමය රුවන්වැලි සෑයයි. රනින් කළ කොතක් පැළද තිබූ හෙයින් රන්කොත් වෙහෙර වෙහෙර නමින් හැදින්වූවා විය හැකිය. රන්කොත් වෙහෙර නිශ්ශංකමල්ල රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බව සදහන් වේ. ඇතැම් විට පැරකුම්බා රජුගේ රූපවතී බිසව ආරම්භ කළ ස්තූපයේ වැඩ නිශ්ශංකමල්ල රජු විසින් නිම කළා විය හැකිය. ස්තූපයේ වටප්‍රමාණය අඩි 550ක් වෙයි. නියම උස අඩි 200ක් පමණ වෙයි.

3171826

28. පැරණි රෝහල

ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලේ මැද මිදුල් දෙකකි. කාමර පහළොවක් පමණ වේ. රෝගීන්ට අභ්‍යන්තරව හා බාහිරව ප්‍රතිකාර කළ බව පෙනේ.

60545558

Related Posts Plugin for WordPress, Blogger...