23. පබළු වෙහෙර
පබළු වෙහෙර පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙය දෙමහල් ස්තූපයකි. ඉහළ මාලයට නැගීමට කළ පියගැට පෙළ පාමුල කොරවක් ගල, සදකඩ පහණ ආදිය දැකිය හැක. මළුව ගල් අල්ලා සකස් කොට නැත. දාගැබ වටා පිළිම ගෙවල් හා මලසුන් ගෙවල් දැකිය හැක. දාගැබට දකුණු පසින් හමුවන සමාධි පිළිමය උසස් නිර්මාණයක් සේ සැලකේ.
24. ශිව දේවාලය අංක 02
දක්ෂිණ ඉන්දියා වාස්තු විද්‍යා ලක්ෂණ වලින් නිමවා තිබූ අංක 02 ශිව දේවාලය රාජ රාජ රජුගේ බිසව වූ වාණවණ් මා දේවි ඊශ්වරම් සිහි ගැන්වීම සදහා එතුමාගේ පුත් රාජේන්ද්‍ර රජු විසින් කළ බව බිත්තියේ ඇති සෙල්ලිපියේ සදහන් වේ.
25. උතුරු දොරටුව
26. මැණික් වෙහෙර
පොළොන්නරුවේ හමුවන පැරණිම ස්තූපය මැණික් වෙහෙර ලෙස සැලකේ. දාගැබ ඉදිකර ඇත්තේ ගඩොලින් කළ වේදිකාවක් මතයි. දාගැබට පිවිසීම සදහා කළ පියගැට පෙළකි. එහි පාමුළ හමුවන ගල් උළුවස්ස අගනා නිර්මාණයකි. වේදිකාව වටා උස් බිත්තියක් වේ. ඒ මධ්‍යයේ ස්තූපය ගොඩනගා ඇත.
27. රන්කොත් වෙහෙර
ලේඛන අනුව රන්කොත් වෙහෙරේ නාමය රුවන්වැලි සෑයයි. රනින් කළ කොතක් පැළද තිබූ හෙයින් රන්කොත් වෙහෙර වෙහෙර නමින් හැදින්වූවා විය හැකිය. රන්කොත් වෙහෙර නිශ්ශංකමල්ල රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බව සදහන් වේ. ඇතැම් විට පැරකුම්බා රජුගේ රූපවතී බිසව ආරම්භ කළ ස්තූපයේ වැඩ නිශ්ශංකමල්ල රජු විසින් නිම කළා විය හැකිය. ස්තූපයේ වටප්‍රමාණය අඩි 550ක් වෙයි. නියම උස අඩි 200ක් පමණ වෙයි.
28. පැරණි රෝහල
ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලේ මැද මිදුල් දෙකකි. කාමර පහළොවක් පමණ වේ. රෝගීන්ට අභ්‍යන්තරව හා බාහිරව ප්‍රතිකාර කළ බව පෙනේ.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.