මෙම කොටසින් ඇතුළු නුවර ඉතිරි කොටස ගැන තොරතුරු බලමු. ඇතුළු නුවර,
- නිශ්ශංකමල්ල රාජ සභාව
- නිශ්ශංකමල්ල රාජ මාළිගය
- මහමේරුව
- නිශ්ශංකමල්ල නාන පොකුණ
- වසන්ත මාළිගය
- පැරකුම්බා රාජ මාළිගාව
- පැරකුම්බා රාජ සභාව
- කුමාර පොකුණ
යන ස්ථානයන්ගෙන් සමන්විත වෙනවා. මින් මුලින් ඇති ස්ථාන 5 ගැන කලින් කතා කරා. දැන් ඉතිරි කොටස පහතින්…
11. පැරකුම්බා රාජ මාලිගය හෙවත් විජයොත් පාය
අඩි 150ක් දිගින් හා පළලින් යුතු සම හතරැස් බිමක ඉදි කරන ලද මෙම මාලිගාව මල් ලිය කමින් වගේම රිදී, මුතු, ඇත් දළ ආදියෙන් අලංකාර කර තිබීඅ ඇත. මාලිගාව තට්ටු හතකින් සමන්විතව තිබී ඇත. භූ ගත නල මගින් ජලය සපයා ගන්න ලද අතර කාලිංග මාඝ විසින් මෙය විනාශයට පත් කරන ලදී.
12. පැරකුම්බා රාජ සභාව
දිගින් අඩි 75ක් හා පළලින් අඩි 33ක් වූ පැරකුම් රාජ සභාව තුන් තලයකින් සමන්විතයි.පළමුවැන්නේ ඇත් පන්තියකි. දෙවැන්නේ සිංහ රූ පෙළකි. තුන්වැන්න ඝන රූ පෙළකි. ගල් කණු 12 බැගින් ගල් කණු පේළි හතරකින් සමන්විත වේ. ඒ සියල්ල මල් ලිය කමින් අලංකාරවත් කර ඇත.
13. කුමාර පොකුණ
රාජකීයයන් ස්නානය කළ කුමාර පොකුණ පිහිටියේ නගර ප්‍රාකාරයෙන් පිටත නන්දන උයන තුළය. අඩි 44ක් දිගින් හා අඩි 38ක් පළලින් යුතු තුන් තලයකින් සමන්විත අලංකාර පොකුණකි. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානය පසෙකින් වේ.
ඇතුළු නුවරින් පසුව පිට නුවර ස්ථානයන් පිළිබදව කරුණු බලමු. ස්ථාන 30කට අධික ප්‍රමාණයක් මෙයට අයත් වෙනවා.
14. ශිව දේවාලය - අංක 01
පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොළීන් විසින් ඉදිකරන ලද අලංකාර ශිව දේවාලයකි. කළු ගල් කුට්ටි සියුම් ලෙස කපා එකිනෙක මත තැබීමෙන් නිර්මාණය සිදුකර ඇත. ශිව ලිංගය හා යෝනි ගල ගර්භ ගෘහයේ තැන්පත් කර ඇත.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.