Tuesday, October 9, 2012

ලැප්ටොප් බැටරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න.

මේ ගැන ඔයාලත් හිතලා බැලුවද කලින්? ලැප්ටොප් එකක් ගන්න යන මුදලින් පහෙන් එකක් යනවා බැටරිය මාරුකරන්න වුනොත්. ඒ නිසා ටිකක් පරිස්සම් වුනොත් වැඩිපුර වැඩ ටිකක් තියෙන බැටරියෙන් කරගන්න පුලුවන් නේද? Smile

මේ ලිපිය ලියන වෙලාව වෙනකොට ලංකාවේ ඇතුලේ Dell Laptop Battery එකක මිල රුපියල් 8375.00ත් 11062.50ත් අතර මිලක් වෙනවා. ඒ වගේම HP Laptop Battery එකක මිල රුපියල් 8750.00ත් 10937.50ත් අතර මිලක් වෙනවා. Surprised smile ඉතින් මේ ලිපිය කියවන එකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන එකක් නෑ.

ලැප්ටොප් බැටරියක් රැකගන්න පුලුවන් ක්‍රම ඔයාලට කියන්නම්.

1. Adjust Screen Brightnessimageස්ක්‍රීන් එකට දීලා තියෙන එළියේ ප්‍රමාණය අඩු මට්ටමක තියාගන්න. උපරිමය 100% ක් කියලා හිතමුකෝ. ඒ ප්‍රමාණය 4545% පමණ කරගන්න. බැටරියට වගේම ඇස් දෙකටත් හොදයි. විශේෂයෙන් අදුරු ස්ථානවලදි අපි පුරුද්දකට වගේ Brightness එක ගොඩක් වැඩි කරගන්නවා. ඒ වගේ අවස්ථාවලදි බැටරිය වැඩිපුර වෙහෙසෙන නිසා බැටරිය ඉක්මනින්ම විනාස වෙනවා.

2. Optimize Your Power Settingsimageවින්ඩෝව්ස් 7 වගේ භාවිතා කරන හැමෝම මේ ගැන නම් දන්නවා ඇති. Power Plan 2ක් තියෙනවා. Balanced හා Power saver ලෙස. විදුලිය සපයා ඇති වෙලාවට Balanced Power Plan එක භාවිතා කරලා Battery එකෙන් වැඩ කරන වෙලාවට Power saver භාවිතා කරනවා නම් Battery එක ගොඩක් කල් භාවිතා කරන්න පුලුවන්. එහෙම නැත්තම් Control Panel\All Control Panel Items\Power Options\Create a Power Plan වෙත ගිහිල්ලා අපිට ගැලපෙන Power Plan එක හදාගන්න පුලුවන්. මතක ධාරිතාව වැඩි වැඩසටහන් භාවිතා කරන වෙලාවට High Performance Power Plan එකක් භාවිතා කරන්න පුලුවන්.

3. Disconnect External Devices

අවශ්‍ය නැති වෙලාවලදී USB Pen Drives, USB Key Board, USB Mouse වගේ භාහිර උපාංග ගලවා තියන්න.

4. Turn off Wi-Fi and Bluetoothimageඅවශ්‍ය වෙලාවලදි පමණක් Wi-Fi සහ Bluetooth ON කරන්න. බැටරියේ බලය ගොඩක් අඩු වෙලා නම් නැවත චාර්ජ් කරගෙන Wi-Fi සහ Bluetooth භාවිතා කරනවානම් ගොඩක් හොදයි බැටරියට.

5. Avoid running CD/DVD

බැටරියේ බලය ගොඩක්ම අඩු නම් CD/DVD භාවිතා කරන්න යන්න එපා. ඒ වගේම භාවිතා කරලා ඉවරවුනු ගමන්ම CD/DVD ඉවත් කරන්න.

6. Defrag your Hard Drive

Defraggler වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතයෙන් නිතරම Hard Drive එක Defrag කරගන්න. මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ දෙන එකක්. ඕන නම් මෙතනින් ගිහින් Download කරගන්න. එතකොට දත්ත සොයන්න යන ශක්තිය ඉතිරිකරගන්න පුලුවන්.

7. Keep your Computer Running Fast

මේ ගැන ඉදිරියෙදි වෙනමම ලිපියකින් කියන්නම්. උදාහරණ විදියට Recycle Bin එක එහෙම හිස්ව තියලා, අනවශ්‍ය File Delete කරලා වගේ දේවලින් කරන්න පුලුවන්. තවත් බොහෝ දෑ කරන්න පුලුවන් නිසා ඒ සියල්ල ඉදිරි දවසක කියන්නම්.

8. Use Sleep (Standby) or Hibernation

ටික වේලාවක් භාවිතා නොකර ඉන්නවා නම් Shutdown කරන්න යන්න එපා. Sleep හෝ Hibernation භාවිතා කරන්න.

9. Turn off Scheduled Tasks

නියමිත කාලරාමුවකට අනුව සිදුවන්නට දී ඇති වැඩ ඇත්නම් ඒවා අයින් කරන්න. Alarm වගේ දේවල්.

10. Decrease or Mute the laptop speaker volumeimageLaptop එකේ ස්පීකර් වල ශබ්දය අඩු කරලා තියන්න. අවශ්‍ය නැති හැම වෙලාවකම Mute කරන්න.

11. Close Programs that you are Not Using

වැඩ නොකරන වැඩසටහන් වසා දමන්න.

12. Keep the laptop at a cool place

ලැප්ටොප් එක සිසිල් ස්ථානයක තබන්න. වැඩිය රත්වෙන එක Battery එකට හොද නෑ.

13. නිතර ගලවලා පිරිසිදු කරන්න යන්න එපා.

14. දියර වර්ග ඇතුලට යන්න දෙන්න එපා. නිතරම වියලි ආකාරයෙන් තියාගන්න.

වෙනත් කරුණු

බැටරිය දින කිහිපයක් භාවිතා නොකරයි නම් 40% පමණ චාර්ජ් කර ගලවා සිසිල් ස්ථානයක තබන්න. බැටරි ධාරිතාව අඩු වනතෙක් නොසිට බැටරිය චාර්ජ් කරන්න. ඒකට හේතුව තමයි, Battery එකක් හදනකොට එහි ආයුකාලය charge cycle වලින් නිගමනය කරනවා. මෙහිදී charge cycle එකක් කියන්නේ එක පාරක් 100%ක් චාර්ජ් කලපසු නැවත චාර්ජ් කරන්නේ නැතුව භාවිතා කල හැකි  කාලයන් එකක්. සාමාන්‍යයෙන් මෙය පැය 4ක් විතර. නිතර නිතර චාර්ජ් කිරීමෙන් මේ charge cycle ප්‍රමාණය අඩු වෙනවා. දිගටම විදුලිය සපයා වැඩ කරන වෙලාවෙදි මේ charge cycle වලට බලපෑමක් නෑ. එය බැටරියට හොදයි. ඒත් මසකට වරක් දෙවරක් බැටරි ධාරිතාව අඩු වෙනකන් භාවිතයට ගන්න. එයත් කල් පැවැත්මට ලොකු උදව්වක් වේවි.

හොදයි, අදට ගිහින් එන්නම්. අද ආව වගේම හෙට හවසත් නොවරදවාම එන්න. හෙට විශේෂත්වයකුත් තියෙනවා……………Winking smile වැඩේ හොදනම් අනිවාර්යයෙන් Like කරන්න.

ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...

අදට ගිහින් එන්නම්……. 

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

 

Twitter සමග එකතු වෙන්න: Lesson in Short

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

  1. good lession thanks!!!

    ReplyDelete
  2. මං මෙක්චර කල් හොයපු විස්තරේ දැන් තමයි හම්බ උනේ, බොහොම ස්තූතියි! :D

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...