Thursday, October 4, 2012

Peachtree Lesson Part 13 - Enter Customer Details/ ණයගැති තොරතුරු වාර්ථා කිරීම

අද බලමු ගණුදෙනුකරුවන් සම්බන්ධ විස්තර වාර්ථා කරන ආකාරය. මෙතනදි අපිත් සමග ගණුදෙනු කරන ගණුදෙනුකරුවන් සම්බන්ධව අවශ්‍යකරන සියලුම තොරතුරු වාර්තාගත කරගන්න පුලුවන් වෙනවා. අවශ්‍යකරන තොරතුරු ලෙස හදුන්වන්නේ නම, ලිපිනය, දුරකථන අංකය, ණය සීමාව යනාදියයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න ඕන. image
ඉන්පස්සේ Maintain තුල Customers/Prospects ක්ලික් කරන්න. image
එවිට පහතින් දැක්වෙන වින්ඩෝව් එක ඕපන් වේවි.  image
එහි Customer ID, Name යන අංගයන් දෙක මුලින් පුරවන්න. ඉන්පස්සේ ලග තියෙන දත්ත යොදාගෙන General, Contacts, Addresses, History, Sales Info, Payments & Credit යන Tab එකින් එක පුරවන්න. මුලින්ම General Tab ekaඑක. එහි ඇති Account number, Billing address, City, Zip, Sales Tax, Customer type TP no, Fax, Email, Web යනාදී ගණුදෙනුකරුගේ තොරතුරු ඇතුලත් කර Copy to Ship Address 1 මත ක්ලික් කරන්න. මුලදි අපි Customers Default යටතේ අලුතින් Add කරන ලද Fields යටින්ම ඇවිත් ඇති. ඒවත් පුරවන්න. image
ඉන්පසුව Contacts වෙත ගොස් එහි තොරතුරු පුරවන්න. image
Addresses වෙනස් වනවිට පමනක් මෙහි ඇති Address වෙනස් කිරීමට Addresses Tab එක භාවිතා කරන්න පුලුවන්. image
ඉන්පස්සේ History වෙත ගොස් පසුගිය තොරතුරු වාර්තා කරන්න පුලුවන්. අලුතින්ම ආරම්භ කරනවා නම් අවශ්‍යවන්නේ නෑ. image
Sales Info තුල ආයතනයේ තොරතුරු ඇති ආකාරයට වාර්ථා කරන්න. image
අවසානයට ඇති Payment & Credit Tab එකත් අපිට පුරවන්න වෙනවා. එහිදී Credit Card දත්ත වාර්ථාකර Terms and Credit යටතේ Default terms හෝ එම ගණුදෙනුකරුට විශේෂිත Terms ඇතුලත් කරන්න පුලුවන්. image
අවසානයට සියල්ල Save කරන්න. අලුත් ගණුදෙනුකරුවෙක් එකතු කරන්න Save & New ක්ලික් කරන්න. මේ ආකාරයට ඉන්න ගණුදෙනුකරුවන් සෑම කෙනෙක්ම වෙන වෙනම ඇතුලත් කරන්න.
අවසානයේ List>Customers & Sales>Customers ක්ලික් කරලා බලන්න. ඔයාලා ඇතුලත් කරන ලද දත්ත නිවැරදිව තියෙද කියලා. imageimage
වෙනස් කිරීමක් කරන්න අවශ්‍යනම් එම ගණුදෙනුකරු මත Double ක්ලික් කරලා වෙනස්කම් කරගන්න.
අදට නවතිනවා……!
අවසානයේ Backup File එක භාගත කිරීමට Like කරන්න.



අදට ගිහින් එන්නම්……. Thumbs up
+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
\


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...