Sunday, October 14, 2012

කාලෙකට පස්සේ කැම්පස් යන්න කලින් දවසේ රෑ..

ඔන්න ඉතින් ආයිමත් කාලෙකට පස්සේ ආයිමත් කැම්පස් යන්න වෙලානේ. ඉතින් ඒ ගැන මුකුත් නොලිවුවොත් හිතට හරි මදි වගේ. Smile

මෙදා සැරේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනය පටන් ගත්තේ පසුගිය ජුනි මාසෙනේ. කට්ටියට මතකද මන්ද…Sad smile එහෙම පටන්ගත්ත වැඩවර්ජනේ සති දෙක තුනක්ම තිබුනා. ඊට පස්සේ දවසක් දෙකක් ලෙක්චර්ස් ගියා වගේ මතකයි. ආයිමත් වැඩ වර්ජනයක් පටන් ගත්ත. ඒ සැරේ නම් ආචාර්ය මණ්ඩලය තමයි පටන් ගත්තේ. ඒ වැඩ වර්ජනේ නම් කොහොම හරි සෙන්චරිය දාලා තමයි ඉනිම අත්හිටෙව්වේ.Hot smile දැන් ඉතින් හෙට ඉදන් අපි දිගටම ලෙක්චර්ස් යන්න වෙනවනේ.Surprised smile

ඒත් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ ටයිම් ටේබල් එක තමයි. Winking smileහෙව්වට කොහෙන්වත් හම්බ වුනේ නැති නිසා ඒ වැඩේ අතෑරලා දැම්ම. කොහොමත් සබ්ජෙක්ට් පහයි කියලා පොත්ටික හොයන්න ගත්තම ඒක ඊටත් වඩා අමාරුයි වගේ. පැය දෙක තුනක කට්ටකට පස්සේ යන්තන් පොත් ටික හොයාගත්තා.Smile with tongue out

ආරංචි වෙච්ච විදියට නම් මාස ගානකට පස්සේ බෝඩින් වලට ආව කට්ටිය සෑහෙන්න වැඩලු මේ වෙනකොට. Smile with tongue outකට්ටියක් බෝඩින් හෝදනවලු. Open-mouthed smileහිටිය නැති ටිකට මී පරපුර සෑහෙන්න වැඩි වෙලාලු. ගෙදටින් එනකොටම මකුලුදැල් කඩන්න ගෙනාව කොසු බස් එකේ ගේන්න කටුකාපු කට්ටියකුත් ඉන්නවලු. Rolling on the floor laughingෆේස්බුක් එකෙන් ටයිම් ටේබල් අහලා ස්ටේටස් අප්ඩේට් කරන කට්ටිය කගෙන්වත් උත්තර නැතුව ඉන්නවලු. Clock

ඒ අතරේ බෝඩිමේ තියෙන කැලැන්ඩරේ ජුනි මාසෙ කොලේ තාම කඩල නැති කට්ටියකුත් හිටිය කියලා ආරංචියි. ඒ ඉතින් හැමදාම කැම්පස් ගිහිපු නිසා කියලා හිමීට ශේප් එකේ කොල හතරම එකට තියලා ඇදල දැම්මලු. Bunny

කාලෙකින් කැම්පස් යන්න පුලුවන් වෙන සතුටට කට්ටියක් මේ වෙලාවේ හෙනට වැඩලු.Alien බැග් එක හදලා ඇදුම් මදින කට්ටියකුත් ඉන්නවලු. Secret telling smile 

මාස ගානක් වහල තිබුන නිසා මුල ඉදන් ලෙක්චර්ස් කරයිද කියලා බයෙන් හෙට කැම්පස් යන හැමෝටම සුභ පතනවා එක දිගට මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකන් එක දිගට යන්න ලැබේවා කියලා. Smile

මොනව වුනත් අගහරුවාදා ඉදලා ආයිමත් නිවාඩුවක් දෙන්න අනධ්‍යන සේවක පිරිස සෑහෙන්න ප්ලෑන් කරනවලු මේ වෙනකොට. එහෙම වෙන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම්. නැත්නම් හෙට කැම්පස් එකට යනවා බොරු. Open-mouthed smile

(හැම සිද්ධියක්ම මූණු පොතේ දාලා තිබුන ස්ටේටස් වලින් සහ කොමෙන්ට් වලින් හොරකන් කරගත්තේ)

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න 

Twitter සමග එකතු වෙන්න: Lesson in Short

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...