Thursday, May 23, 2013

නොමිලේ නිව්ස් ඇලට් ඕන කාටද? Free News Alerts ගන්න එන්න

Free News Alerts ගන්න එන්න

තමන්ගේ ජංගම දුරකථනයට නිව්ස් ඇලට් ඇක්ටිව් කරගෙන ඉන්න හැමෝටම මේ විස්තරේ නම් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම නිව්ස් ඇලට් දාගන්න බලාගෙන ඉන්න අනිත් හැම යාලුවෙක්ටමත් මේ ලිපියෙන් ලොකු උදව්වක් ලැබෙයි කියලා හිතනවා. හැම මාසෙකටම රුපියල් තිහක් විතර නිකන් වියදම් කරන්න ඕන කාලේ දැන් ඉවරයි. ඒ හැම නිව්ස් එකක්ම නිකන් ගෙන්නගන්න විධිය කොහොමද කියලා අපි බලමු. මේ විදියෙදි අපේ වියදම වෙන්නේ මුලින්ම ඇක්ටිව් කරගන්න යන වියදම විතරයි.

Free News Alerts ගන්න එන්න

අද දෙරණ ඉංග්‍රීසි නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
මේ සේවය ඔස්සේ දවසකට නිව්ස් ඇලට් 10ත් 50ත් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපිට ලැබෙනවා. ඒ වගේම සෑම විශේෂ අවස්ථාවක්ම එසැනින් අපිට දැනුම් දෙන්න මෙහි කාර්යය මණ්ඩලය සූදානම් වෙලා ඉන්නවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow adaderana කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

අද දෙරණ සිංහල නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
මේ මගිනුත් දවසකට නිව්ස් ඇලට් 30ක් 40ක් අපිට ලැබෙනවා. ඒ වගේම මේ නිව්ස් ඇලට් කියවන්න නම් අපේ දුරකථනයේ සිංහල කියවීමේ හැකියාව ස්ථාපිතව තියෙන්න අවශ්‍ය වෙනවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow adaderanasin කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

අද දෙරණ දෙමළ නිව්ස් ඇලට් ගෙන්න ගන්නේ මෙහෙමයි.
සිංහල, ඉංග්‍රීසි වගේම දෙමළිනුත් නිව්ස් ඇලට් ගෙන්න ගන්න අපිට පුලුවන්. සෑම වැදගත් කරුණුත් සමගින් දවසකට ඇලට් 25ක් පමණ අපිට ලැබෙනවා මේ මගින්.


මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow AdaDeranaTamil  කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

හිරු සිංහල නිව්ස් ඇලට් ලබාගන්නා ආකාරය මෙහෙමයි.
හිරු සේවය විසින් ලබාදෙන නිව්ස් ඇලට් නොමිළේ ලබාගන්න නම් ඒ සදහා ඔබගේ ජංගම දුරකතනයේ සිංහල කියවීමේ හැකියාව තිබිය යුතුයි. මෙ මගිනුත් දවසකට ඇලට් 15ක් 20ක් විතර එවනවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow hirunews කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

Sri Lankan News Bot ඇලට් ලබාගන්නේ මෙහෙමයි.
මේ සේවවෙන් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් නිව්ස් ඇලට් ගෙන්නගන්න පුලුවන් වෙනවා.

මේ සේවාව ඇක්ටිව් කරගන්න Follow SLN  කියලා ටයිප් කරලා 40404ට කෙටි පණිවිඩයක් යවන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයකට වැය වෙන ගාස්තුව අදාළ වෙනවා.

තවත් විදේශ සේවාවන්

BBC Breaking News - Follow BBCBreaking
BBC News (World) - Follow BBCWorld
Daily Mirror - Follow DailyMirror

මේ සියලුම සේවාවන් ලබාගන්න නම් අපේ ජංගම දුරකථනයේ භාවිතා වෙන සිම්පත Dialog, Mobitel හෝ Etisalat විය යුතුයි. අනිත් නෙට්වර්ක් වලට තාම මේ පහසුකම ලබාගන්න හැකියාව ලබාදීලා නෑ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...