මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ...
- එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01
- Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
- Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03
- Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04
- Setup Guide එක හදුනා ගනිමු... Peachtree Lesson - Part 05
- 2 in 1 - Peachtree Lesson - Part 06
- T ගිණුම් ගහගෙන කාපු කට්ට මතකද? ඒ කරදර දැන් නෑ…. Peachtree Lesson - Part 07
- New User කෙනෙක් Add කරලා Password එකක් දාලා Lock කරමුද? Peachtree Lesson - Part 08
- ගණුදෙනුකරු අපිට ඕන විදියට තියාගමු. - Peachtree Lesson - Part 09
- Peachtree දහවෙනි පාඩමත් බලන්න එන්න. Peachtree Lesson - Part 10
- සේවකයන් ඉන්න ආයතනවලට Payroll Setup Wizard Peachtree Lesson - Part 11
දැන් Maintain Tab එකේ Default Information යටතේ තියෙන Employees මත ක්ලික් කරන්න.
ඕපන් වෙන Employee Default වින්ඩෝව් එකේ Tab පහක් තියෙනවා. මුලින්ම General Tab එක ගැන බලමු. General Tab එක යටතේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. Custom Fields, Display Employee Name With, Locality කියලා ඇති. Custom Fields යටතේ අපිට පුලුවන් අපි Employees ගැන වාර්ථාකරන්න හිතන අලුත් දේවල් තියෙනවා නම් එයට අදාල මාතෘකා දෙන්න. Education Level, Family Detail වගේ ඒවා මෙතෙන්දි මාතෘකා විදියට ගන්න පුලුවන්. ඊලගට Display Employee Name With කොටස. මෙතනදි අවස්ථා දෙකක් තියෙනවා. උදාහරණයකින්ම කියනවා නම්, First name first (A.D. Silva) සහ Last name first (Silva, A.D) වශයෙන් තමා ඒ අවස්ථා දෙක.
Employee Fields යටතේ කලින් පාඩමේ සදහන් කරන ලද සේවක වරප්‍රසාද සටහන් වෙලා ඇති. අදාල ගිණුම් අංක සහ Field Name ඇති. මෙතනට වෙනස්කම් අවශ්‍ය නෑ.
කලින් පාඩමේ සදහන් කරන ලද සේවක වරප්‍රසාද වලින් Company එකෙන් හිමිවන දේ සටහන් වෙන්නේ Company Field යටතේ. මෙතනටත් වෙනස්කම් අවශ්‍ය නෑ.
සේවකයන් Rating කිරීමට අවස්ථාවක් තියෙනවා. අදාල Rating වර්ග Review Ratings යටතේ සටහන් කරන්න ඕන. Rating වර්ග 10ක්ම තියෙනවා. හොදටම වැඩකරන සේවකයන්ට A සිට J දක්වා අඩුවන විදියට හෝ 10 සිට 01 දක්වා අඩුවන විදියට හෝ Ratings දෙන්න පුලුවන්.
Employment Status ගැන ඊලගට සටහන් කරන්න පුලුවන්. උදාහරණ: Current Employee, Terminated, Leave of Absence, Dependent, Non-employee වශයෙන්.
Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනා. ඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලා. නමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයි. ඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියා. පුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්.
පාඩම Download කරගන්න...
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
Excellent Work Ruwan
ReplyDeleteThank you Jinadara...
Delete