Friday, September 14, 2012

Peachtree Lesson Part 9 - Customers Default Settings

තමන්ගේ වෙලෙදසැලේ ගණුදෙනුකරුවෝ ටික එකම විදියකට තියාගන්න පුලුවන් නම් කොච්චර හොදද.. එහෙම වුනොත් අපට පුලුවන් වෙනවා ගණුදෙනුකරුගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරලා දෙන්න. එයාලා කියන පරක්කුවට බිල් එක හදලා ගෙවන්න ඕන ගාන හරියටම කියනවනම්, නිතර එන ගණුදෙනුකරුවන්ට වට්ටමක් දෙනවනම්, ගණුදනුකරුවෙක් එක් වරක් ආ විට එම ගණුදෙනුකරුගේ සියලුම අවශ්‍ය විස්තර පි ලග තියෙනවා නම් ගණුදනුකරු සතුටට පත්වනු නිසැකයි. ඒ වගේම ණයට අරගෙන ණය පරක්කු වෙනවද කිය කිය ඇගිලි ගනින්න වගේම පරක්කු වුන ණය වලට පොඩි පොලියකුත් අය කරගන්න පුලුවන් නම් වෙලෙදසැල්හිමියාත් සතුටට පත් වේවි. ඒත් කොහොමද මෙ හැම දෙයක්ම කරන්නේ. මෙ හැම දෙයක්ම හරිම පහසුයි. Peachtree සොෆ්ට්වෙයාර් එකෙන් මේ හැම දෙයක්ම ලේසියෙන් කරලම දෙනවා. ඒ සදහා මුලින් පොඩි වෙනස් කම් කිහිපයක් කලාම හරි.

අද අපි මේ කතා කරන්න හදන්නේ Customersලාගෙ Default Information Add කරන විදිය ගැනයි. ඒ සදහා අපි මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න ඕන. (රූපය 01) 

(රූපය 01)


හොදයි, ඕපන් කරගත්ත සොෆ්ට්වෙයාර් එකේ Maintain Tab එකේ පහලින් තියෙනවා Default Information. ඒකට ගියාම Customers.. කියලත් ඇති. ඒක උඩ ක්ලික් කරන්නකෝ... (රූපය 02)



(රූපය 02)



එතකොට අපිට පුලුවන් Customer Default වින්ඩෝව් එක ඕපන් කරගන්න. මේ වින්ඩෝව් එකේ බැලූ ගමන්ම Tab 5ක් පේන්න තියෙනවා. Terms and Credit, Account Aging, Custom Fields, Finance Charges, Pay Methods කියලා. මේ එක එක Tab ගැන දැන් වෙන වෙනම බලමු.

1. Terms and Credit
මේ Tab එකෙන් අපිට පුලුවන් Standard Terms, Sets Default Terms, Credit Limit and Credit Status, GL Link Accounts යන අයිතමයන් වෙනස් කරන්න. මුලින්ම තමන්ට ගැලපෙන විදියට Standard Terms වෙනස් කරගන්න අවශ්‍යය වෙනවා. මේ සදහා තෝරා ගැනීම් පහක් අපිට ලැබෙනවා. ඉන් එකක් තෝරාගත හැකියි. ඉන්පසු Sets Default Terms, Credit Limit and Credit Status යටතේ Credit Limit, Discount Rate සහ ඉල්ලලා තියෙන අනෙකුත් කරුණු සදහන් කරන්න. GL Link Accounts යටතේ GL Sales Account එක විදියට Sales සටහන් කරන ගිණුම තෝරා දෙන්න. Discount GL Account විදියට Receipt Discount සදහන් කරන ගිණුම තෝරන්න. (රූපය 03, 04)


(රූපය 03)



(රූපය 04)



2. Account Aging
ණයගැතියන් වයසින් වර්ග කිරීම මෙහි කාර්යය භාරයයි. එනම් ණය ට අරගෙන කොපමණ කාලයක් ගත වී ඇත්දැයි සොයා බලනවා. වර්ගීකරණය කිරීමේදී වර්ග හතරකට බෙදා දක්වනු ලබනවා. උදාහරණ ලෙස දවස් 30ට අඩු, දවස් 60ට අඩු, දවස් 90ට අඩු සහ දවස් 90ට වැඩි ආකාරයට. එම දවස් ගැනීම Invoice Date එකේ සිට කරනවද නැත්නම් Due Date යටතේ කරනවද කියලා තීරණය කරන්නත් පුලුවන්. (රූපය 05)


(රූපය 05)



3. Custom Fields
අපිට අපේ සටහන් තබා ගැනීම පහසු කරන්න Custom Fields තබා ගන්න පුලුවන්. Custom Fields ලෙස Second Contact, Reference ආදිය අවශ්‍ය ආකාරයට භාවිතයට ගන්න පුලුවන්. (රූපය 06)


(රූපය 06)



4. Finance Charges
මේ Tab එකෙන් කරන්නේ ණය ගෙවන්නේ නැති ණයගැතියන්ගෙන් වැඩිපුර අයකරගැනීමට කටයුතු කිරීම. එහිදී Amount, Annual interest rate, Minimum finance charge සහ Finance Charge GL Account එක Select කිරීමට සිදු වෙනවා. ආයතනයේ ප්‍රතිපත්ති වලට අනුව මෙම ස්ථානයන් පිරවිය හැකියි. (රූපය 07, 08)


(රූපය 07)



(රූපය 08)



5. Pay Methods
ණය බේරීමේදී ගණුදෙනුකරුවන්ට ලබා දී ඇති ක්‍රමයන් මෙහිදී අන්තර්ගත කරන්න පුලුවන් වෙනවා. ක්‍රම දහයක් දක්වා ඇතුලත් කරන්න පුලුවන්. උදාහරණ ලෙස Cash, Check. VISA, MasterCard ආදිය දැක්විය හැකියි. (රූපය 09)

(රූපය 09)



මේ සියල්ලම ඇතුලත් කලපසු තහවුරු කරන්න OK බට්න් එක ක්ලික් කරන්න ඕන. අපි ඇතුලත් කල වෙනස්කම් ආයතනයේ සෑම ගනුදෙනුකරුවෙකුටම අදාල වෙනවා. හැම තිස්සෙම මේ තොරතුරු ඇතුලත් කරන්න ගියානම් වැරදෙන්න පුලුවන්. ඒ වගේම අමතක වෙන්නත් පුලුවන්. ඒත් දැන් එහෙම වෙන්නේ නෑ. ඒ වගේම විශේෂ ගනුදෙනුකරුවන් ආවම මේ යොදාගත්ත දත්ත අපහසුතාවයකින් තොරව වෙනස් කරන්න පුලුවන්

Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...