Saturday, September 1, 2012

Peachtree Lesson Part 5 - Peachtree Setup Guide

අද කියන්න යන්නෙ Setup Guide සමඟ ලේසියෙන් වැඩ කරන විදිය. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කරගන්නකොටම  Setup Guide  එක ඕපන් වෙනවා. එහෙම නැති නම්  Setup Guide  එක ඕපන් කරගන්න වෙන්නෙ File මෙනු එකේ  Setup Guide  ක්ලික් කරලා. ඕනම වෙලාවක  Setup Guide  එක ගන්න මේ විදියට පුලුවන්. (රූපය 01 සහ 02) 

(රූපය 01) 


(රූපය 02) 

ඕනෑම ගනුදෙනුවක් ඇතුලත් කල හැකි පහසුම මාර්ගය මෙයයි. මෙහිදී Customers, Jobs, Vendors, Inventory and Service Items, Employees, Chart of Accounts, Set Up Security, What should I do after Setup Guide? යන ලින්ක් දර්ශනය වේ. මේවායින් මුලින් සඳහන් කරන ලද Customers, Jobs, Vendors, Inventory and Service Items, Employees, Chart of Accounts යන ලින්ක් නිතර භාවිතයට ගැනීමට අවශ්‍ය වේ. මුලින්ම Peachtree පටන් ගන්නා අයෙකුට තමා මෙම සොෆ්ට්වෙයාර් එකෙහි වැඩ කල යුතු පියවර මෙමගින් පෙන්වයි. ඒ අනුව Chart of Accounts තැබීම මඟින් ආරම්භ කල හැකිය. මෙම එක එකක් ක්‍රියාත්මක වන ආකාරය ගැන සවිස්තරව පසුවට  කතා කිරීමට බලාපොරොත්තුවන අතර අද මෙහි දැක්වෙන එක එකෙහි කාර්යභාරය කතා කරමු. (රූපය 03) 
(රූපය 03) 

1. Customers
ආයතනයේ ගනුදෙනුකරුවන් පිළිබඳව සටහන් කිරීම කරනුයේ මෙම ස්ථානයෙනි. New Customers එකතු කිරීම කල හැක. Customer යනුවෙන් අදහස් කරන්නේ ආයතනයෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නා පිරිසයි. එම එක් එක් Customer හට වෙන වෙනම Customer ID යටතේ ගොනු පවත්වා ගත හැක. (රූපය 04) 
(රූපය 04) 

2. Jobs 
විශේෂිත කාර්යන් නමින් කිරීමට සිදුවන ගනුදෙනු සටහන් කරන්නේ මෙහිය. උදාහරණ ලෙස මාස 6ක කාලයක විශේෂ ගිවිසුමක කාර්යයක් දැක්විය හැක.  (රූපය 05)  
(රූපය 05) 


3. Vendors
ආයතනයේ ණය හිමියන් සටහන් කරන ස්ථානයයි. Vendor හට Vendors ID ලබා දී වෙන වෙනම සටහන් තබනු ලැබේ. ණය හිමි පාලන ලෙජරයක කාර්යය භාරයට සමාන කාර්යයක් ඉටු කරයි. (රූපය 06) 
(රූපය 06) 

4. Inventory and Service Items
මිලදී ගන්නා භාණ්ඩ, ආයතනය තුල සාදන භාණ්ඩ, එක්කරන භාණ්ඩ පිළිබඳ සටහන් තබනුයේ මෙම ස්ථානයේය. (රූපය 07) 
(රූපය 07) 

5. Employees
ආයතනයේ වැඩ කරන සේවකයන් පිළිබඳව සටහන් තබන්නේ මෙම ස්ථානයේය. සේවක වැටුප්. ණය තොරතුරු, ETF ආදි සියලුම දෑ මෙහි ඇතුලත් කරනු ලැබේ. (රූපය 08) 
(රූපය 08) 

6. Chart of Accounts
මුලින් සඳහන් කල පරිදි ආරම්භය මෙයයි. මෙහි ගිණුම් නමින් වෙන වෙනම දත්ත ඇතුලත් කල යුතුය. පසුව අවශ්‍ය විටෙක අලුත් ගිණුම් ඇතුලත් කල හැක. (රූපය 09) 
(රූපය 09) 

7. Set Up Security
මෙමගින් අවශ්‍ය පරිදි මුරපද තබා ආරක්ෂාව වැඩි කල හැක. (රූපය 10) 
(රූපය 10) 

ඉදිරි පාඩම් වලින් මෙම එක එකක් සමඟ වැඩ කරන්නෙ කොහොමද කියල කථා කරමු. 


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short. 
අපේ Facebook Group එක : Share your knowledge. It is a way to achieve immortality.
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...