Tuesday, September 18, 2012

Peachtree Lesson Part 10 - Vendors Default Settings

අපි ගණුදෙනු කරනකොට ණයට ගන්නත් වෙනවනෙ. හැමදාම ආයතනයේ මුදල් ප්‍රවාහ එකම විදියට නෑනේ. ඒ හින්දා අපිට ණයහිමියනුත් ගොඩාක් වැදගත් වෙනවා.. ඉතින් අද කියන්න යන්නේ ණය හිමියන්ගේ තොරතුරු ලේසියෙන් සටහන් කරන්න නම් අපි මොනවද කරන්න ඕන කියලයි. කලින් පාඩමේදි අපි කථා කරේ ණයගැති තොරතුරු ලේසියෙන් සටහන් කරන්නේ කොහොමද කියලනෙ... Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන පහලින් මම කියන දත්ත ඇතුලත් කරගන්නකෝ.. (රූපය 01)
(රූපය 01)

Maintain ටැබ් එකේ පහලින් තියෙන Default Information එක ඇතුලෙන් Vendors තෝරගන්නකෝ. (රූපය 02) 
(රූපය 02) 
එතකොට Vendor Defaults වින්ඩොව් එක ඕපන් වෙනවනේ. ඒ වින්ඩෝව් එකේ Tab හතරක් තියෙනවා, Payment Terms, Account Aging, Custom Fields, 1099 Settings කියලා. අපි මේ Tab හතරෙන් මුල් තුන ගැන කථා කරන්න ඕන. ඒ තුන අපේ වැඩ වලට ගොඩක් උදව් වෙන නිසා. 

1. Payment Terms
මේකෙන් අපිට පුලුවන් Defaults Standard Terms, Set Default Terms for Purchases, Default for Credit Limit සහ GL Link Accounts Set කරන්න පුලුවන්. Defaults Standard Terms සදහා අපිට විකල්ප පහක් දීල තියෙනවා. ආයතනයේ භාවිතාවන ක්‍රමය ඉස්සරහින් Select කරන්න. ඊලඟට Set Default Terms for Purchases, Default for Credit Limit ගැන බලමු. මෙතෙන්දි Net due in, Discount in යන දෙකට අදාල දින ගණන දෙන්න. Discount % වලට අදාල ප්‍රතිශතය දෙන්න. Credit Limit කියන තැනට අදාල මුදල් ප්‍රමාණය ඇතුලත් කරන්න. ඉන්පස්සේ GL Link Accounts ගැන බලමු. Expense Account එක විදියට ඔයාලගේ Purchase Account එක තෝරන්න. ගැනුම් වලදි ලැබෙන වට්ටම අපට අදායමක් නිසා Purchase Discount කියන Income ගිණුම තෝරන්න. (රූපය 03)
(රූපය 03)
2. Account Aging
මෙතෙන්දි අපිට තියෙන්නේ අපි ණය අරගෙන ඉන්න කාලය වර්ග කරන්න. ප්‍රධාන කොටස් දෙකයි. Age Invoices by සහ Aging Categories. Age Invoices by වලදි ණය ගත්තා විදියට සලකන්නේ කුමන ආකාරයටද කියලා තෝරන්න. Invoice Date එකේ ඉදලද, Due date ලෙසද කියලා තෝරන්න. Aging Categories වලදී ණයහිමියන් ණයගත් කාලය අනුව කොටස් හතරකට බෙදනවා. දින 30,60,90 සහ 90ට වැඩි ලෙස. අවශ්‍ය නම් මේ දින ගණන වෙනස් කරලා Heading එකත් වෙනස් කරන්න පුලුවන්.  (රූපය 04)
(රූපය 04)

3. Custom Fields 
මේ Tab එක වැදගත් වෙන්නේ අපි ණයගැතියන් ගැන සදහන් කරන විට තමයි.සාමාන්‍යයෙන් සදහන් කරන කරුණු වලට අමතරව වෙනත් කරුණු සෑම වෙලාවකම ඇතුලත් කරන්න තියෙනවානම් මෙතෙන්දි ඒ මාතෘකා ටික දෙන්න. උදාහරණ විදියට Office Manager (Name of the Manager), Account Rep, Special Note. (රූපය 05)
(රූපය 05)
4. 1099 Settings
මේ Tab එක නම් අපිට එච්චර වැඩක් වෙන්නේ නෑ එදිනෙදා වැඩ කරගෙන යනකොට. ඒ හින්දා මේ ගැන කථා කරන්නෙ නෑ. (රූපය 06)
(රූපය 06)

සියල්ල අවසානයේ OK ක්ලික් කරලා Save කරන්න. හොදයි.... අදට පාඩම මෙතනින් ඉවරයි. අලුත් පාඩමකින් හමුවෙමුකෝ......... 

මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 

එකවුන්ටින් අමාරු වුනේ ඉස්සර. දැන් එහෙම නෑ........ Peachtree Lesson - Part 01
Peachtree වල Back Up කරමු..... Peachtree Lesson - Part 02
Back Up File එක Restore හරිම ලේසියිනේ. ඔයාලත් ඇවිත් කරලම බලන්නකෝ. Peachtree Lesson - Part 03
Default Shortcuts වෙනස් කරමු.. Peachtree Lesson - Part 04

Setup Guide එක හදුනා ගනිමු... Peachtree Lesson - Part 05
2 in 1 - Peachtree Lesson - Part 06

T ගිණුම් ගහගෙන කාපු කට්ට මතකද? ඒ කරදර දැන් නෑ…. Peachtree Lesson - Part 07

New User කෙනෙක් Add කරලා Password එකක් දාලා Lock කරමුද? - Peachtree Lesson - Part 08

ගණුදෙනුකරු අපිට ඕන විදියට තියාගමු. - Peachtree Lesson - Part 09



Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...