Wednesday, September 12, 2012

Peachtree Lesson Part 8 - Add new Users & Create a Password for Peachtree

අද අපි බලමු අලුතින් User කෙනෙක්ට අපේ Peachtree සොෆ්ට්වෙයාර් එකේ දත්ත ඇතුලත් කිරීමේ අවස්ථාව ලබා දෙන ආකාරය. සෑම වෙලාවකම එක් අයෙක් දත්ත ඇතුලත් කරනව නම් මෙය අවශ්‍ය වන්නේ නෑ. නමුත් බොහෝ විට දත්ත ඇතුලත් කිරීමේ කාර්යය සදහා එක් අයෙකුට වැඩි පිරිසකට අවසර දෙන නිසා මෙය වැදගත් වෙනවා. මෙහිදී පලමුව Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. (රූපය 01)

(රූපය 01)
ඉන්පසු Maintain ටැබ් එකේ පහලින්ම තියෙන Users කියන තැනට මවුස් පොයින්ටර් එක ගෙනගිය විට Set Up Security වෙත යාමට ඒ මත ක්ලික් කරන්න. මෙහිදී තවත් කාර්යයන් දෙකක් කිරීමට හැකියි. User Login Manager වෙත පිවිසීමටත්, Change My Password වෙත පිවිස Password එක වෙනස් කිරීමටත් හැකියි. පසු අවස්ථාවකදී අවශ්‍ය වුන වෙලාවකට භාවිතා කරන්න මෙය මතක තබාගන්න. අලුතින් මේ පිලිබද කතා කිරීමට තරම් දෙයක් නැති නිසා එය අප කතා කරන්නේ නෑ. (රූපය 02)

(රූපය 02)

දැන් ඔබට "User Security - (ඔබගේ Company නම)" වින්ඩෝව් එක ඕපන් කරගත හැකියි. එහි User List සහ Crystal Report/Data Access යන Tab දෙක තියෙනවා. මෙයින් User List එක හිස් නම් එයින් අදහස් වන්නේ තවම මෙය භාවිතා කරන්නේ අදාල පරිගනක භාර Administrator විතරයි කියල. ඉතින් ඔයාලට පුලුවන් අලුතින් පුද්ගලයන් ඇතුලත් කරන්න. ඒ සදහා New User මත ක්ලික් කරන්න. (රූපය 03)

(රූපය 03)

තවමත් ඔයාලගේ සොෆ්ට්වෙයාර් එකට Password දාලා නැති නිසා Create Administrator වින්ඩෝව් එක ඕපන් වෙයි. එහිදී User Name එක සහ Password එක තෝරාදෙන්න. එම Userට පමනයි අලුතින් Usersල එකතු කරන්න පුලුවන්. (රූපය 04) 

(රූපය 04)

දැන් ඔබට සාමාන්‍ය ආකාරයට Usersලා එකතු කරන්න පුලුවන්. අදට පාඩම මෙතනින් නවත්වනවා. අලුත් පාඩමකින් හමුවෙමුකෝ...

Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

  1. windows 7 wala Administrator eken Computer ekata log wena hati dannawa nm kiyannako
    Anupama

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...