Saturday, March 16, 2013

දැනට ලොව බිහිවූ හොදම Hackerවරු - මෙන්න සුපිරි වැඩකාරයෝ

දැනට ලොව බිහිවූ හොදම Hackerවරු - මෙන්න සුපිරි වැඩකාරයෝහැකර්වරයෙක් කියන්නේ සුපිරිගනයේ වැඩකරුවෙක්. අද කියන්නේ ලොව මෙතෙක් බිහිවූ හොදම හැකර්වරු ගැනයි. අපි භාවිතා කරන සිස්ටම් ගැන හොදම දැනීමක් තියෙන කෙනෙක් හැකර් කෙනෙක් වෙනවා. ඒකට හේතුව තමයි ඒ සිස්ටම් එක හැක් කරන්න නම් ඒ සිස්ටම් එකේ අඩුපාඩු ගැන හොද දැනීමක් තිබීම අවශ්‍ය නිසයි. විශේෂයෙන් සිස්ටම් එකේ ආරක්ෂක පද්ධතියත් එක්ක හොදට සෙල්ලම් කරන්න පුලුවන් වෙන්න ඕන. ලොව හැකර්වරු වර්ග තුනක් යටතේ වර්ග කරනවා.

1. White Hat Hacker
යහපත් පුද්ගල කොට්ඨාශයක් ලෙසයි මොවුන් හදුනාගන්නේ. මොවුන් තමාගේ හැකියාවෙන් නීති විරෝධී කටයුතු කරන්න යන්නේ නෑ. හැක් වීමෙන් වැලකීමට කටයුතු කරන්නයි මොවුන්ගේ වෑයම.

2. Grey Hat Hacker
මොවුන් යහපත් මෙන්ම අයහපත් කටයුතු කරන්නත් පෙළබෙනවා. ඒ කියන්නේ නීතිවිරෝධී කටයුතු කරන්නත් මොවුන් පසුබටවෙන්නේ නෑ කියන එකයි.

3. Black Hat Hacker
පාස්වර්ඩ් හොරකම් කිරීමෙන් මෙන්ම වෙබ්සයිට් හැක් කිරීමෙන් තම හැකියාවන් පෙන්වන මොවුන් Trojan Malware සෑදීමේද දක්ෂයන් වෙනවා.

මෙන්න මේ පහලින් ඉන්නේ දැනට ලොව බිහිවූ හොදම හැකර්වරු පස්දෙනා සහ ඔවුන් කරන ලද හැක් කිරීම් ගැන විස්තර.


1. Kevin Mitnick

වඩාත් ජනප්‍රියම හැකර් වරයා ලෙස කිරුළු පලදින්නේ මොහුයි. මොහු විසින් දැනට ග්‍රන්ථ දෙකක් රචනා කරලා තියෙනවා. The Art of Deception සහ The Art of Intrusion යනුවෙන් හදුන්වන්නේ ඒ පොත් දෙකයි. මොහු විසින් ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන ජාල වෙත ප්‍රහාර එල්ල කලා. Nokia, Motorola සහ Microsystems ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම DEC system (Digital Equipment Corporation) එකට කල බලපෑම නිරාකරනය කරගන්න $160,000 වැය වෙලා තියෙනවා. මොහු ගැන තවත් විස්තර බලන්න මෙතනින් පුලුවන්.


2. Adrian Lamo

ඉහතින් සදහන් කල දෙවන වර්ගයේ හැකර් වරයෙක් ලෙසයි මොහු හැදින්වෙන්නේ. පරිගණක ජාල තමන්ගේ හැකියාවෙන් හැක් කිරීමට මොහු දක්ෂයෙක්. New York Time, Yahoo, Microsoft වගේ ප්‍රසිද්ධ ජාලයන් මොහු අතින් හැක් වුනා, තවත් විස්තර මෙතනින් බලන්න පුලුවන්.


3. Gary Mckinnon

මොහු ප්‍රසිද්ධ වුනේ යුධ මෙහෙයුම් කටයුතු හැක් කරන්නෙක් ලෙසයි. මොහු විසින් NASA සහ Pentagon ආරක්ෂණ පද්ධති හැක් කිරීමට ලක්වුණා. ඒ වගේම තවත් ජාල 97ක් හැක් කිරීමට මොහුට හැකි වුනා. ඒ නිසා සිදුවූ සම්පූර්ණ පාඩුව $700,000 පමණ වෙනවා. තවත් විස්තර බලන්න මෙතනින් එන්න.


4. Robert Tappan Morris

මොහු විසින් 1988දී ප්‍රථම පරිගණක worm නිපදවීම සිදුකලා. එය Morris Worm ලෙස නම් කරන්නට යෙදුනා. දැනට මොහු මහාචාර්ය වරයෙක් ලෙස MIT CS and Artificial Intelligence Laboratory වල සේවයේ යෙදෙනවා. තවත් විස්තර බලන්න එන්න.


5. Jonathan James

ඇමරිකානු හැකර්වරයෙක්. NASA පද්ධතිය හැක් කිරීම සිදුකළ විශාලම හැක් කිරීම වෙනවා. එය නිවැරදි කිරීමට $41,000 වැය වෙලා තියෙනවා. ඒ වගේම මොහු NASA වෙතින් $1.7 Million වටිනා මෘදුකාංග සොරාගෙන තියෙනවා. මොහු ගැනත් තව විස්තර මෙතන තියෙනවා.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

5 comments:

  1. ඔන්න වැඩ්ඩො.
    ලංකාවේ ඉන්නේ මොකෙක්ගේ හරි softwear කෑල්ලකින්,එහෙම නැත්තන් ෆිශින් වලින් බට්ටා geme දෙන hacker බයියලානේ.

    ReplyDelete
  2. Maru mun thma niyama wadakaro kiyanne :D

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...