Saturday, March 30, 2013

ෆේස්බුක් Profile ෆොටෝ එකට වැඩ දාමු - දෙවන කොටස [Cover Photo එකෙන් Profile Picture එක කපලා ගමු/ “Missing Jigsaw Piece”]

5

image

මේකත් ෆේස්බුක් අපිට අලුත් අත්දැකීමක් වෙනවා නොවනුමානයි. මේ කාර්යය තනිව කරන්න ගියොත් සොෆ්ට්වෙයාර් දෙක තුනක් ඕපන් කරගෙන සෑහෙන්න දගලන්න වෙනවා. ඒත් අපි දැන් කතාකරන්න යන විදියට කලොත් ලේසියෙන්ම විනාඩි කීපයකින් කරගන්න පුලුවන්. පින්තූරේ දැක්කම පැහැදිලි ඇතිනේ කරන්න හදන්නේ මොකක්ද කියලා.

මෙතනින් යන්නකෝ අපිට උවමනා කරන වෙබ් සයිට් එකට. ගිහිල්ලා ටිකක් පහලට එන්න. මේ වගේ රූපයක් ඇති. ඒක උඩ ක්ලික් කරන්න.

image

ඔයාලා ලග තියෙන රූපය අප්ලෝඩ් කරන්න තැනක් පෙන්නයි. එතනින් රූපය අප්ලෝඩ් කරන්න. මේ රූපය තමයි Cover Photo එක විදියට අපි භාවිතා කරන්නේ.

image

අප්ලෝඩ් වෙලාම් ඉවර වුනාම ෆොටෝ එක පෙන්නයි. එහාට මෙහාට කරලා ගැලපෙන විදියට හදාගන්න ඕන.

image

ඊලගට Done මත ක්ලික් කරන්න. ඉන්පස්සේ නැවතත් ඒ රූපයෙන් කොටසක් තෝරන්න ඒවි. ඒ තෝරන්නේ Profile Picture එකට. පහළින් තියෙන රූපෙ බලන්නකෝ. අදාළ කොටස තෝරලා Done මත නැවත ක්ලික් කරන්න.

image

ඔයාලගේ Profile Picture එකයි Cover Photo එකයි ඔයාලට Download කරගන්න පෙන්නාවි. Download කරගෙන අප්ලෝඩ් කරලා බලන්නකෝ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...