Monday, March 18, 2013

ඔබේ ලේ ගැන ඔබ දැනුවත්ද?

“ලේ” වචනේ ඇහෙනවටත් අපි කැමැති නෑ නේ? ඒත් ඒ ගැනත් අපි දැනගෙන ඉන්න එක හොදයි නේද? අද අපි ලේ ගැන කරුණු ටිකක් කතා කරමු. ලෝක ජනගහනයෙන් සීයට හතලිහකටම තියෙන්නේ O+ ලේ වර්ගය. O ලේ වර්ගය ඇති පුද්ගලයෙකුට දෙන්න පුලුවන් O වර්ගයේ ලේ විතරයි. සාමාන්‍යයෙන් රෝහලකට නම් වැඩිපුර ඉල්ලන්නේ O වර්ගයේ ලේ තමයි. O යනු වෙනත් ඕනෑම අයෙකුට රුධිර පාරවිලනය කළහැකි ලේ වර්ගය වෙනවා. නමුත් O- ලේ වර්ගය ඇත්තේ සීයයට හතක් පමණ අඩු පිරිසකටයි. ඒ නිසාම O- කියන්නේ වටිනාම ලේ වර්ගය වෙනවා. O- ලේ හිමියෙකුට වෙනත් ඕනෑම අයෙකුට ලේ දන් දෙන්න පුලුවන්. සෑම විටම O වර්ගයේ අයගෙන් ලේ ලබාගන්නේ හදිසි අවස්ථාවකදී පාරවිලනය කිරීම පහසු නිසායි.

72410_543784718975426_1363000064_nමේ කරුණු තවත් විස්තරාත්මකව පහල වගුවෙන් ඔයාලට බලාගන්න පුලුවන්. මම හිතනවා ඒ වගුවෙන් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි කියලා.

ලේ වර්ගය ලේ ලබාදිය හැකි අය ලේ ලබාගත හැකි අය
A+ A+, AB+ A+, A-, O+, O-
A- A+, A-, AB+, AB- A-, O-
B+ B+, AB+ B+, B-, O+, O-
B- B+, B-, AB+, AB- B-, O-
AB+ AB+ සියලු දෙනාටම
AB- AB+, AB- AB-, A-, B-, O-
O+ O+, A+, B+, AB+ O+, O-
O- සියලු දෙනාටම O-


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...