Tuesday, September 4, 2012

කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (දෙවන කොටස)


මේ එතැන් සිට අවසානය දක්වා සිදුවීමයි. 


වැසි වැටී පාර මඩ වී තිබුනු බැවින් සියල්ලෝම අපහසුතාවයට පත් වී සිටියෝය. එහෙත් ඒ අපහසුතා මැඩගෙන් අවසන් මීටර පන්සියය ගෙවා දැමීමට පිරිස කටයුතු සූදානමින් සිටියෝය. පන්සල ඇතුලට පිරිස් ගත්තේ වරකට බැතිමතුන් සියයක් පමන පිරිසකි. එයට හේතු වූයේ එන බැතිමතුන් ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමයි.

මින් පසු පිවිසෙන්නේ එම අසිරිමත් මොහොතයි. මේ වන විට අප පැය 10ක් පාගමනින් පැමින තිබින. ධාතු වැදීමට අප යා යුතු වූයේ පේලි දෙකක් ලෙසටය. නමුත් ආරම්භක ස්ථානයේදී සැකසූ දෙදෙනගේ ගමන මේ වන විට නොපැවතින. පැවැති දැඩි උද්යෝගය නිසාවෙන් ඉදිරයට යෑමට සිදුවූයේ එකම හිස් ගොඩක් අතටිනි. තදවෙමින්, තැලෙමින් ඉදිරියට ඇදුන පිරිසගෙන් සාදු නාදය ද මුවින් නික්මින. සියල්ලන් අපහසුතාවයට නැවතත් පත් කිරීමට එයම හේතු විය. විඩාපත් සියල්ලන්ටම ආරම්භයේදීම බෙලිමල් පානයෙන් සoග්‍රහ කෙරින. එය සියල්ලන් ප්‍රබෝධමත් කෙරිණ. පහතින් දැක්වෙන්නේ එම හිස්ගොඩය. 


මින් ඉදිරියට වූ ඉබි ගමන යමෙක් නොසන්සුන් කලද කල හැක්කක් නොවීය. ධාතු වැදීමට නම් මෙම දුරත් යා යුතු විය. එම කූඩාරම මීටර් 100ක් පමන වූ අතර ඒ දුර යාමට අපට පැයක් ගත් වූයේ වේලාව දහවල් 12 වන විට තිරයක් මත සජීවීව ප්‍රර්ශනය කෙරුන ධාතූන් වහන්සේ දැක ගැනීමට අපට හැකි වින. එම අසිරිමත් මොහොත කැමරාව දුටු අයුරු පහතින් දැක්වේ. 




ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ පිරිමීඩාකාර වස්තුවක මධ්‍යයේය. එය අපට පෙනෙන ආකාරය දැනුවත් කිරීමට කලින් සිටම පුවරු සවි කර තිබුනේ ප්‍රමාදය වැලැක්වීමටය. 


පහතින් දැක්වෙන්නේ ධාතූන්වහන්සේගේ එලෙස ලබා ගත් සමීප දසුන් කිහිපයකි. මෙම මායිමෙන් එහාට ජoගම දුරකථන, කැමරා ආදිය අක්‍රීය කල යුතුය. නමුත් මෙතරම් පැහැදිලිව දර්ශන ලබාගැනීමට ධාතු නරබන ස්ථානයේ කෙසේවත් කල නොහැකිය. 






කූඩාරමේ ඉදිරියට ගිය පසු පසුපස දර්ශනය වන්නේ මෙලෙසයි. පැයක කාලයක් ගත වූයේ මෙම කුඩා දුර ගෙවා දැමීමටයි. පැවති තදබදය මින් පැහැදිලිය. 

ඉදිරියේදී කැමරාවේ සටහන් නොවූ කථාව මෙසේය. මෙම පිරිස පේලි දෙකකට වෙන්කර එකිනෙකා පිටුපස යවන ලදී. සජීව දර්ශන තලයෙන් ඔබ්බට මීටර විසිපහක පමන පෝලිමේ ගියකල ධාතූන්වහන්සේ අලoකාර කුටියක වැඩ හිදී. ධාතූන් වැද හැකි ඉක්මනින් පිටවිය යුතුය. රැදීමට කාලයක් නොමැත. එහෙත් කල් තබාම නිවැරදි ස්ථානය පෙන්වූ පුවරු තිබෙන බැවින් අපහසුතාවයක් නොමැත. ඇතුලුවන පෝලිම ධාතූන්වහන්සේ වැද දෙපසින් නික්ම යා යුතුය. 

එලියට ආ විට මහත් සැනසීමකි. නිදිවර්ජිතව, වැස්සට තෙමෙමින්, අවුවට වේලෙමින් පැමිණි අරමුණ ඉටුකරගත් කල කෙතරම් සතුටක්ද? පැය කිහිපයකට පෙර කොටිකාගොඩ රජ මහා විහාරස්ථානය පෙනෙනා මානයේ අපිත් මෙසේ සිටී බව කෙතරම් නම් මිහිරිද? කටුකවූද එය සුන්දරය. 




ලාඕජී සමාජ සත්කාරයට තුති. පසෙකින් වන හිස් කෝප්ප බෑග් සමූහය ඔවුන්ගේ මෙහෙය කියාපායි. එසේම කොටිකාගොඩ රජ මහා විහාරස්ථානය අසල පැවැත්වෙන බත් දන්සැල් දෙක ජනයාගෙන් පිරී පැවතියේ ජනයාගේ කුසගිනි නිවාහරිමිනි. 

මේ සැරසෙන්නේ පින් බිමෙන් නික්ම යාමටයි. යාමට මත්තෙන් සටහන් වූ අවසාන රූ සටහන් මෙසේ විය. 





අවසන, සoවිධායක මඩුල්ලටත්, සියලුම ආරක්ෂක නිලධාරීන්ටත්, දන්සැල් දෙමින් අප ශක්තිමත් කල සියල්ලන්ටත් තුති පුදමි. තවත් දින 8ක් ධාතූන් වහන්සේ දිවයිනේ වැඩ වසනු ඇත. මෙම ලිපිය ලිවුවේ ඔබත් ධෙර්යමත් කිරීමටය. තවමත් වන්දනා නොකලේ නම් පැමින වන්දනා කරන්න. දුෂ්කරයැයි මඟහරින්න එපා. සියල්ලන්ටම දැක ගැනීමට සටහනක් තබන්න. එය ඔබට බාරයි. 

විශේෂයෙන් මේ දෙයත් මතක් කරමි. 

සියල්ලන්ම පැමිනෙන්නේ සැදැහැ සිතිනි. ඒ ඔබ පමනක්ම නොවේ. 

පෝලිම කෙතරම් දිගු වුවද, පෝලිමේ අවසානයම ඔබගේ ආරම්භයට තෝරා ගන්න. පෝලිමේ ගමන් කරන පිරිසට ඇතුලු නොවන්න. එය ඔබත්, පෝලිමේ සිටින පිරිසත්, ආරක්ෂක නිලධාරීනුත් අපහසුතාවයට පත් කරයි.

ගමනේදී එකි නෙකාට උදවු කරන්න. මන්ද යත් මෙය දුෂ්කර ගමනකි. 

දන්සැලවලට පින්දී යන්න. ඔවුන් එය ඔබෙන් බලාපොරොත්තු නොවූවත් ඔබගේ යුතුකමකි. 

ආරක්ෂක නිලධාරීන් සිටින්නේ ඔබගේ සහයට මිස ඔබගේ සියලුම ක්‍රියා පාලනයට නොවේ

ආරම්භයේ සිතේ ඇති භක්තිය, ධාතු වැද නිවසට යන තෙක්ම තබා ගන්න.

නිමි. 

තවත් මෙවැනි සුවිශේෂ අවස්ථාවකදී සටහනක් තබන තෙක් අප සමග රැදෙන්න. කැමති නම් ඔයාගේ යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...