Wednesday, September 26, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම 5GB Download කරන්න දෙන්න (දෙවන කොටස)

මම ඊයේ කිව්වේ Google Site භාවිතා කරලා Blog එකෙන් කෙලින්ම File Download කරගන්න දෙන විදිය ගැනනේ. කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් කියවලාම එන්න. මොකද මේ ලිපිය ඒකට සම්බන්ධයි. 
ඊයේ කිව්ව විදියට Google Site වල දාන එක ෆයිල් එකක උපරිම ධාරිතාව 20Mb නිසා ඊට වැඩි ෆයිල් දාන්න නම් Mediafire/RapidShare වගේ Free Cloud Storage වල පිහිට පතන්න වෙනවානේ. ඒත් Google එකෙන් ඒකටත් විසදුමක් දීලා තියෙනවා. ඒ තමයි Google Drive කියන පහසුකම. 5GB දක්වා ෆයිල් Upload කරන්න පුලුවන්. ඒ කියන්නේ  අපි ඊයේ කල දේම මේකෙනුත් කරන්න පුලුවන්. අපි දෙන් බලමු ඒ කොහොමද කියලා. 
1. මුලින්ම Google Drive එකට යන්නකෝ. 
2. ඔයාගේ Email එකෙන් Log වෙන්න. 
3. ඔයාලා Google Drive ඉන්ස්ට්‍රෝල් කරගෙන නැත්නම් Install Google Drive for PC ක්ලික් කරන්න. 
4. PC එකට මේක ඉන්ස්ට්‍රෝල් කරගන්න Desktop Download ක්ලික් කරන්න 
5. හරි ලකුණත් දාලා Accept and Install ක්ලික් කරන්න.
6. දැන් ඉතින් පොඩි වෙලාවක් ඉන්න. Install වෙලා ඉවර වෙනකන්.
7. Sign in වෙන්නකෝ Google Drive එකට.
8. මෙන්න මේ වින්ඩෝව් එකට Next දීලා Start sync ක්ලික් කරන්න.
9. ඔයාලගේ PC එකේ Google Drive කියලා Folder එකක් හැදිලා ඇති. ඒ වගේම Desktop එකෙත් Google Drive කියලා Folder එකක් හැදිලා ඇති. 
10. දැන් යන්න Google Drive වෙත. New Folder in My Drive මත ක්ලික් කරන්න. (ඉහත රූපයේ) නමක් දීලා Save කරන්න. ඔයාලට Upload කරන්න ඕන ෆයිල් එක Drag & Drop හරි Copy>Paste විදියට හරි මේ Folder එකට දමන්න. ෆයිල් එක Upload වෙන හැටි බලාගන්න පුලුවන්නේ. 
11. මිනිස් රූපයක් + ලකුණ තියෙන තැන ක්ලික් කරන්න. මෙතනින් තමා ෆයිල් එකේ ලින්ක් එක ගන්න පුලුවන් වෙන්නේ. ඔයාලට Sharing Settings කියන වින්ඩෝව් එක Open වෙයි. ඒකෙන් Who has access කියන තැනට පහලින් තියෙන Change මත ක්ලික් කරන්න. ඔයාලට පුලුවන් කැමති විදියකට Sharing Settings  හදාගන්න. ඉන්පස්සේ Link එක Copy කරලා අවශ්‍ය ස්ථානයේ යොදාගන්න. 
අපිට මේකෙන් තියෙන වාසිය තමයි, අපිට කැමැති කාලයක් ෆයිල් එක තියන්න පුලුවන්. Mediafire වල වගේ Delete වෙන්නේ නෑනේ.

වැඩි විස්තර බලන්න පහලින් යන්නකෝ.
Keyboard shortcuts
Sharing settings overview
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. නියමයි!!!!

    ReplyDelete
  2. යේ!! මම කළා...................................... බොහොම ස්තුතියි!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... වැඩේ ගොඩනම් එච්චරයි. ලින්කුවත් දුන්නනම් බලන්න එන්න තිබුනා... :)

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...