Monday, September 3, 2012

කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (පලමු කොටස)

2012 සැප්තැම්බර් මස 02වන දින මාතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික කොටිකාගොඩ රජ මහා විහාරස්ථානයේදී කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ විය. සැප්තැම්බර් මස 01වන දින සන්ද්‍යා භාගයේ සිට ධාතු වන්දනා කිරීමට පිරිස් රොක් විය. දෙවැනිදා කපිල වස්තු සර්වඥ ධාතු මාතරට වැඩමවන විට කිලෝමීටර් ගණනක දිගු පෝලිමක් විය. එහිදී දිවා/රාත්‍රී යන දෙකෙහිම සර්වඥ ධාතු ප්‍රදර්ශනය කෙරින. එම පිරිසට අප එක් වූයේ 02වැනිදා  රාත්‍රී 2ටය. ඒ වන විටත් කිලෝමීටර් 8ක පමන දිගු පෝලිමකි. පෝලිම අග කෙලවර නිසි පරිදි පාලනය කිරීමට පොලිස් නිලධාරීන් අසමත් වූ බැවින් හමුදාවේ සහය ලබාගෙන දෙදෙනා බැගින් පෝලිමට නව පිරිස් එක් කර බැතිමතුන්ට සහනයක් ගෙන දුනි. එවිට රාත්‍රී 3 පසුවී තිබුනි. ඉබිගමනේ ඉදිරියට ඇදෙන පෝලිම තුල තෙරෙපෙමින්, දාඩිය දමමින් ඉදිරියට ආවෙමු. හිරු නැග ආ උදෑසන 6යේ කනිසමට කැමරා කාචයේ බැතිමතුන්ගේ පෝලිම මෙසේ සටහන් වී තිබුනි. 










වරින් වර ඇදහැලෙන වර්ෂාවට පිරිස පසුබට කිරීමට අසමත් විය. රාත්‍රිය පුරා විටින් විට මහා වැසි කඩා හැලින. සීතලේ ගැහෙමින් ශ්‍රද්ධාව සිතේ මුදුන් පත්ව ගමන හැර නොගොස් පිරිස ඉදිරියට ආවේ වර්ෂාව බාධාවක් නොකොටගෙනය. 



වරෙක මීටර් සියයක් යාමට පැයක් පමන ගතවූ අවස්ථා අප පසු කලෙමු. වේගයෙන් ඉදිරියට ගිය අවස්ථාද ඒ අතර විය. ඒ කෙසේ වුවද අප කිලෝමීටර 8කට වඩා පා ගමනින් යා යුතු වුනි.


උදෑසන වන විට පෝලිම කිලෝමීටර 12.5ක් පමන විය. බස් රථ, ත්‍රීරෝද රථ, මිනිසුන් ප්‍රවාහනයට යොදා ගැනින. පාරේ මැද එක් අතකට පමනක් වාහන ගමනාගමනයට දී තිබුනද එය ප්‍රමානවත් නොවින. පාරේ දෙපසම විශාල ජනකදක් දෙපසට යාම එයට හේතුවයි. එක් පසෙක ධාතු වැදීමට යන පෝලිමයි. අග කෙලෙවර සොයා පාරේ අනෙත් පසින් විශාල ජනකදක් පිටුපසට ඇදින.

දහවල දන්සැල් මෙන්ම උදෑසන තේ, බිස්කට්, පාන් දන්සැල් අතරින් පතර විය. නමුත් සිටී පිරිසට එය ප්‍රමානවත් නොවින. ලද දේ බෙදා හදාගෙන කුසගිනි නිවා ගත්තද අරමුණ විශේෂ වූයෙන් කිසිවකු අපහසු තාවයෙන් පසුවූ බවක් නොපෙනින. 



කොටිකාගොඩ රජ මහා විහාරස්ථානය පෙනෙන මානයට පැමිනි අප හිස්වැසුම්, පාවහන් ගලවා ධාතු වැදීමට සූදානම් විය. දැඩි ආරක්ෂාවක් එම ප්‍රදේශයට යොදා තිබින. පාරේ විදුලි බුබුලු ඇද විචිත්‍ර අයුරින් සරසා තිබින. 

මතුසම්බන්ධයි.

කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය මගේ ඇසින්.... (දෙවන  කොටස සර්වඥ ධාතු චායාරූපද සමගින්)


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. ඕකෙ උනේ මැදින් කට්ටිය පැනලා. අපේ කට්ටියකුත් ඔය වගේම නිදි මරලා හවස 4 ඉදලා අන්තිමට වැදලා තියෙන්නේ උදේ 9ට විතර ඒත් පස්සේ මැදින් පැනපු නිසා. නැත්තම් තාමත් පෝලිමේ

    එක්වන්න අපිත් එක්ක. දිනා ගන්න තෑගි https://apps.facebook.com/cyber_army/?r=100001667874238

    ReplyDelete
  2. අපි හිටපු හරියේ හැමෝම කතා කරගෙනම කාටවත් එන්න දුන්නෙම නෑ. හැමෝම එහෙම කරනවනම් නිදි මරාගෙන , වැස්සට තෙමිලා මිනිස්සු කන කට්ටට අර්ථයක් ගේන්න පුලුවන්. කොන්දක් නැති පාලනයක්නෙ තියෙන්නෙ :(

    ReplyDelete
  3. පන්සල අපේ ගෙවල් ලග තිබිලත් අපි පෝලිමේ හිටියා පැය 4ක් විතර,.....

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...