Monday, September 10, 2012

ඔන්න ඒ පාර එල්ලන්නලු යන්නේ... අලුගෝසුව තෝරගෙනලු.. එල්ලුම් ගහත් සූදානම්ලු..


ඉස්සරම කාලේ තිබුන රාජ දඩුවම් වෙනස් කලේ ඉoග්‍රීසි ජාතිකයන් විසින්. රජ කාලේ දඩුවම් කිවුවම උල සිටුවීම, ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, ගඟේ ගිල්වා මරා දැමීම වගේ ගොඩක් භයානක ක්‍රම තමයි මතක් වෙන්නේ. ඒත් ඉoග්‍රීසි ජාතිකයන් ආපු ගමන් අලුත් විදියකට දඩුවම් විදින්න ලක් වැසියන්ට සිද්ධ උනාලු. ඒ තමයි පණ නිරුද්ධ වෙනකන් එල්ලා මැරීම. ලoකාවේ මේ ක්‍රමය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1779 සැප්තැම්බර් මස 23 වැනිදා.. ඒ ඊට පෙර තිබුන ක්‍රම සියල්ලම අත්හිටවලයි. 
මම මේ කියන්න යන්නේ මෙන්න මෙහෙම ලoකාවට ආපු එල්ලුම් ගහේ කතන්දරේ..  

  • 1779 සැප්තැම්බර් මස 23දා පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 
  • 1779  සැප්තැම්බර් 23 මරණ දඩුවම පිළිබඳ ආඥා පනත සම්මත වෙලා. 
  • 1802දී  පණ නිරුද්ධ වනතුරු එල්ලා මැරීමේ ක්‍රමය නීති සoග්‍රහයට ඇතුලත් කරලා. 
  • එතැන් සිට රජ කාලේ දඩුවම් තහනම් වෙලා. 
  • ඒත් 1818 නොවැම්බර් 26දා මහනුවර කැරැල්ලෙදි අල්ලගත්ත කැප්පෙටිපොල නිල්මෙතුමා හිස ගසා මරලා තියෙන්නේ  ඉoග්‍රීසි ජාතිකයන් විසින්ම තමන්ගෙ නීති කඩමින්ලු. 
  • බන්ධනාගාර ඉතිහාසයේ මුලින්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1812 පෙබරවාරි 10 
  • මුල්ම පෝරකය හදලා තියෙන්නේ එලිමහනෙ. 
  • ඉoගිරියේ කලු අප්පු තමයි මුලින්ම එල්ලලා තියෙන්නේ. ඒ පෑලියගොඩ නගරයේදි ඉදිකරපු තාවකාලික එල්ලුම්ගසක් යොදාගෙන. 
  • එල්ලුම් ගහට නියම වුනු පළමු කාන්තාව ඩිoගිරි මැණිකා , ඒත් අන්තිමට  ඩිoගිරි මැණිකා ට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් දීලා තියෙනවා දරුවා හින්දා. 
  • 1871 මැයි 25 මුල්ම පෝරකය වැලිකඩ බන්ධනාගාරයේ ඉදිකරලා තියෙනවා. 
  • අලුගෝසු කියන නම ආවේ පෘතුසීන්ගෙන්ලු. 
  • මේ තනතුර මුල් කාලේ පාරම්පරිකව පැවත ඇවිත් තියෙනවා. 
  • ලුවිස් සිoඤා අලුගෝසු තනතුරේ හිටිය කාලෙදි 632ක් පෝරකයට නියම වෙලා. ඒ අවුරුදු 40ක කාලයක් තුල. 
  • බන්ධනාගාරයේ අවසාන වරට එල්ලලා තියෙන්නේ 1976 ජුනි 23. ඒ ජේ.එම්. චන්ද්‍රදාස (හොද පපුවා)
  • බෝගම්බර අන්තිමට එල්ලලා තියෙන්නේ ටී.එම්. ජයරත්නයි ඩී. රිචඩ්නුයි. ඒ 1975 නොවැම්බර් 20 සහ 21 දවස් දෙකේදි. 
මෙතෙක් ලoකාවෙදි එල්ලලා මරන ලද පිරිස මෙසේයි. 
     1885-1916 දක්වා 850යි 
     1917-1922 දක්වා 266යි  
     1923-1941 දක්වා 663යි 
     1946 වර්ෂයේදි 33යි 
     1947-1956 දක්වා 258යි 
     1961-1976 දක්වා 106යි 

එකතුව 2173යි. 

ඉතින් 2174 වෙනියා වෙන්නේ කවුද කියලා සමහර විට ඉක්මනටම දැනගන්න ලැබෙයි. ඒකට හේතුව තමයි............... 
අලුගෝසුව තෝරගෙනලු.. එල්ලුම් ගහත් සූදානම්ලු.. 


(මූලාශ්‍රය: රිවිනෙත, රිවිර 2012 සැප්තැම්බර් මස 09 වැනි දා ඉරිදා)
(චායාරූපය:  http://www.lankaguardian.com/2011_12_31_archive.html)

යන ගමන් මෙතැනත් ක්ලික් කරලා බලන්නකෝ.. Click Hear 

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com



අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...