Friday, September 7, 2012

Powerpoint 2010 සහ Powerpoint 2013 (පලමු කොටස)

අද අපි බලමු Microsoft Office 2010 සහ Microsoft Office 2013 අතර තියෙන වෙනස් කම් මොනවද කියලා.. මුලින්ම Microsoft Office 2013 සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම මේ විදියට තමා පේන්නෙ.. අමාරුයි වගේ පෙනුනට අලුත් පෙනුමට හුරු වුනාම ලේසියි.. මෙතනදි අපිට පුලුවන් ඕන කරන Document එකට කැමති Template එකක් තෝර ගන්න. අපි මුලින්ම Blank Document එකක් තෝරගෙන ඉස්සරහට යමු. පස්සේ ඕන නම් වෙනස් කරගන්න පුලුවන්.. 


පහලින් තියෙන්නේ MS Office PowerPoint 2010 සහ MS Office  PowerPoint  2013 ආරම්භයේ පෙනෙන වින්ඩෝ එකේ පෙනුම..

MS Office  PowerPoint  2010 - New Document                                                   

MS Office PowerPoint 2013 - Blank/New Document 


අපි මුලින්ම කතා කරමු Home Tab එක ගැන. මේ තියෙන්නේ එක Home Tab දෙක පෙනෙන ආකාරය.. මේ Home Tab එකේ නම් කියන්න තරම් වෙනසක් වෙලා නෑ. ඒත් අපි Shapes Edit කරන්න ගියහම නම් වෙනසක් තියෙනවා. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස... 


MS Office PowerPoint 2010 - Home Tab                                                                

MS Office PowerPoint 2013 - Home Tab


MS Office 2010 වල Format Shape වලට ගියහම මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවනේ.. ඒක ඔයාලට මතක ඇති. ඒත් MS Office 2013 වල නම් ඒක ඕපන් වෙන්නේ MS Office 2013 වින්ඩෝ එකේම පැත්තකින්.. 
MS Office PowerPoint 2010 - Format Shape


MS Office PowerPoint 2013 - Format Shape ඕපන් වෙන්නෙ දකුණු පසින්.. එහිත් ගොඩක් පහසු ආකාරයට වැඩ කරන්න පහසුකම් සපයලා තියෙනවා. මෙහි තියෙනවා Shape Options සහ Text Options ලෙස වර්ග කරලා. පහලින් මම පෙන්නලා තියෙන්නේ  Shape Options බෙදා දක්වලා ඇති ආකාර හතරයි.




දැන් බලමු Insert Tab එකේ තියෙන වෙනස්කම් මොනවද කියලා..


MS Office PowerPoint 2010 - Insert Tab           


MS Office PowerPoint 2013 - Insert Tab


මෙහි ඇති පළමු විශේෂත්වය තමයි, Online Pictures පහසුකම. එහිදී අන්තර්ජාලයේ ඇති චායාරූප Slide වලට එකතු කිරීමට හැකියාව ලැබෙනවා. 


දෙවැනි විශේෂත්වය තමයි, Insert Chart වලට සිදුවූ වෙනස. පහල රූපයේ ආකාරයට නව සන්ස්කරනයේ Chart තෝරාගැනීමේදී එහි හැඩය පැහැදිලිව බලාගන්න පුලුවන් වෙනවා. 

                                            MS Office PowerPoint 2010 - Insert Chart  

                                             MS Office PowerPoint 2013 - Insert Chart 


ඉන්පසු Slide එකට Comment එකතු කිරීමේ හැකියාව අලුතින් එකතු කරලා තියෙනවා..


දැන් අපි බලමු Design Tab එකට අලුතින් එකතු වෙලා තියෙන දේවල් මොනවද කියලා...........


MS Office PowerPoint 2010 - Design Tab           




MS Office PowerPoint 2013 - Design Tab



පරන Design වලට අලුතින් එකතු වුන Themes මෙහිදී දැකගන්න පුලුවන් වෙනවා..



MS Office PowerPoint 2010 - Themes           




MS Office PowerPoint 2013 - Themes




ඒ වගේම ඒ එක් එක් Design එක තව දුරටත් වෙනස් කරගන්න Variants පහසුකම ලබාදීලා තියෙනවා.. 


MS Office PowerPoint 2010 තිබුන පහත දැක්වෙන පහසුකම ඉවත් කර ඇති අතර Slide Size තෝරන්න අවශ්‍ය පහසුකම එක්කරලා තියෙනවා. 


Format Background පහසුකම වෙනස් වෙලා තියෙන ආකාරයත් අපට දැකගන්න පුලුවන්..



MS Office PowerPoint 2010 - Format Background           






MS Office PowerPoint 2013 - Format Background





ඊලගට අපි බලමු Transitions Tab එක වෙනස් වෙලා තියෙන ආකාරය කොහොමද කියලා.. මෙහිදී ලොකු වෙනසක් දකින්න පුලුවන් කමක් නැතත් MS Office PowerPoint 2007 ට වඩා නම් ලොකු වෙනසක් පේන්න තියෙනවා.. 


Animations Tab එකත් ඒ විදියමයි. ලොකු වෙනසක් සිදුවෙලා නැතත් Animation එක ක්‍රියාත්මක වෙන ආකාරය නම් රූසටහනින් පෙන්නලා දීල තියෙනවා. 


Slide Show Tab එකේ සිදුවෙලා තියෙන එකම වෙනස් කම තමයි Monitors කොටසෙදි අවශ්‍ය Monitor වර්ගය තෝරන්න පුලුවන් වීම. 
MS Office PowerPoint 2010 - Slide Show Tab            



MS Office PowerPoint 2013 - Slide Show Tab



Review Tab එක තුලත් වෙනසක් සිදුවෙලා නෑ. 

MS Office PowerPoint 2010 - Review Tab          



MS Office PowerPoint 2013 - Review Tab 



ඒ වගේම View Tab එකෙත් වෙනසක් සිදුවෙලා නැතිබවයි පෙනෙන්න තියෙන්නෙ.


MS Office PowerPoint 2010 - View Tab          





MS Office PowerPoint 2013 - View Tab



පහලින්ම ඇති Status Bar එකේ නම් වෙනසක් සිදු වෙලා තියෙනවා ඒ බව බැලූ බැල්මට පේන්නම තියෙනවා. අලුත් විදියට Note එකතු කිරීමට නම් Status Bar වෙත ගොස් එහි ඇති Note මත ක්ලික් කරන්න වෙනවා. 
MS Office PowerPoint 2010 - Status Bar           



MS Office PowerPoint 2013 - Status Bar


මීට අමතරව MS Office PowerPoint 2013හි සිදුවෙලා තියෙන වෙනස්කම් ඉදිරි ලිපියකින් කතා කරමු. අදට මෙතනින් නවත්වනවා. නැත්තම් Post එක ගොඩක් දිග වෙනවනේ...


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...