Wednesday, October 3, 2012

මඟ එන Microsoft Office 2013 පිලිගනිමු හරසරින්..... (දෙවන කොටස)

මුල් කොටසින් අපි කථා කලේ Microsoft Office 2013 සමගින් එන PowerPoint 2013 ගැනයි. මේ ලිපියත් ඒ ගැනමයි. ඒ ලිපියේ අවසාන කොටස දැමීමට කල්ගත වුනා වැඩියි වගේ. වෙලාව තියෙන විදියට ලියන්න වෙන්නේ. මොනවද කරන්නද? අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ PowerPoint 2013 File Menu එක ගැන. එදා නැවැත්තුවේ එතනින්නෙ. පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. MS Office 2010 Picture35

මුලින්ම බලමු Info කොටස ගැන. මෙතනින් අපිට පුලුවන් වෙනවා අපේ PPT එකේ Properties බලාගන්න. ඒ වගේම Protect කරන්න පුලුවන් මේ ස්ථානයෙන්. අපිට කැමැති Password එකක් දීලා Security එක වැඩි කරගන්න පුලුවන්. මේ අවස්තාවෙදි නම් 2010 සහ 2013 නිකුත් කිරීම්වල වෙනසක් දකින්න නැති තරම්. ඊලගට අපි බලමු New කොටස ගැන. පොඩි වෙනසක් පේනවා නේද? Picture36Picture37බැලූ බැල්මට පොඩි වෙනසක් පේන්න හදල තියෙනවා. 2013ට වුනත් අපිට අවශ්‍ය තරම් Templates දාගන්න පුලුවන්. Internet එකේ Search කලොත් ගොඩක් ගන්න පුලුවන් වෙයි. ෆයිල් එකක් Open කරන්න තියෙන ස්ථානයෙත් වෙනසක්…! Picture38Picture39දැන් බලමු Save as ගැන. අලුත් එකේ නම් මේක අලුත් විදියකට දීලා තියෙනවා. අනාගතයට ගැලපෙන ආකාරයට තියෙනවා. SkyDrive එකට කෙලින්ම Save කිරීමේ හැකියාව තියෙනවා. Picture40Picture41Print වලත් ලොකු වෙනසක් වෙලා නෑ. Picture42Picture43 Send කොටස Export ලෙස වෙනස්වෙලා.Picture45Picture44අලුත් Export තුල PDF සැදීමේ පහසුකම අලුතින් එක් වූ අංගයක්. එහි ඇති අනෙකුත් පසහුකම් ඒ ලෙසටම නොවෙනස්ව තියෙනවා. Picture46අලුතෙන් එන PowerPoint 2013 තුල Help ලබා ගැනීමට F1 යොදාගන්න පුලුවන්. File Menu එකේ වෙනම Help සටහන් වෙලා නෑ.Account නමින් වෙනම කොටසක් එක්වෙලා තියෙනවා. ඒ තුල තමයි Product Details ඇතුලත් වෙන්නේ. Picture47Options වෙත ගොස් බැලුවහම තියෙන වෙනස්කම් ගැනත් බලමු. එහි General තුලට අලුතින් Start Up Options වෙනස් කිරීමේ පහසුකම එක්වෙලා තියෙනවා. Background එකට කලර් එකක් වෙනුවට Picture එකක් එකතු කිරීමේ පහසුකම එකතු කරලා තියෙනවා. Picture48Picture49Proofing තුල වෙනස්කමක් වෙලා නැතිහැඩයි. Picture50Save තුලට අලුතින් Options එකතු වෙලා තියෙනවා. ඒ Save Presentation කොටසට.Picture51Picture52Advanced කොටස ගැනත් බලමු. 2010ට වඩා 2013 වෙනකොට මෙහි තවත් Options ගණනාවක් අලුතින් එකතුකරලා තියෙනවා.

උදාහරණ: Editing තුල ඇති Do not automatically hyperlink screenshot, අලුතින්ම එකතුවුන Chart Options ටික, Display තුල සිදුවෙලා තියෙන වෙනස්කම් Picture53Picture54

Picture55Picture56Picture57Customize Ribbon  එකෙත් Quick access toolbar එකෙත් ලොකු වෙනසක් වෙලා නෑ. Picture58Picture59Picture60Picture61කැමතිද Microsoft Office 2013 වලින් වැඩ karannaකරන්න. පහලින් Like කරලා Download කරගන්න යන්නකෝ. අදට නවතිනවා. සුභ දවසක් වේවා.

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

  1. I blog quite often аnd I serіouslу
    thank you for уour content. Υouг artiсlе
    has rеallу pеaked mу inteгest.

    I'm going to book mark your site and keep checking for new details about once a week. I opted in for your RSS feed as well.
    Also visit my website great advertising ideas

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...